මෙහි දක්වා ඇත්තේ ඊයේ රාත්‍රීයේ දෙහිඅත්තකණ්ඩිය MOH කාර්යාලය මඟින් COVID 19 Positive රෝගීන් නිවෙස් වල සිට තාවකාලික රැඳවුම් මධ්‍යස්ථානවලට රැගෙන ආ ආකාරයවේ.
Udara Prasanga
5tSap0onsomrmuenod ·
ඡායා රූපයේ කථාව.
ඉතින් මම මොකද ඒක පෝස්ට් එකක් කරගෙන..?
හේතුව.
දෙහිඅත්තකණ්ඩිය ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය, අවට ඇති යුද හමුදා කඳවුරු සියල්ල විසින් COVID 19 Positive රෝගීන් ප්‍රවාහනය කිරීම සඳහා කිසිම සහයෝගයක් ලබා නොදීම නිසා මෙසේ පෝස්ට් එකක් පළ කිරීමට සිදුවිය.
අවම වශයෙන් එම ආයතන වල බලධාරීන් MOH කාර්යාලයේ දුරකථන ඇමතුම් වලට ප්‍රතිචාර නොදක්වන තත්ත්වයට පත්ව ඇත.
සම්පූර්ණ PPH ඇඳුම් කට්ටල ලබා දුන්නත් එලෙස සහයෝගය ලබා දීමට ඉදිරිපත් නොවේ.
එනිසා රාත්‍රිය පුරා නොයෙක් පැති වල නිවාස වල සිටින රෝගීන් 60 ක් පමණ MOH කැබ් රථයේ පිටුපස නංවාගෙන තාවකාලික මධ්‍යස්ථානය වෙත ප්‍රවාහනය කිරීමට සිදුවිය.
ගමන් වාර ගනනාවක් මෙලස ප්‍රවාහනය කිරීමට සිදු විය.
ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථයක් ලබා දුන්නෙ නම් ඉතා පහසුවෙන් මෙය කල හැකිව තිබිණි.
මෙයට දායක වූ කාර්යය මණ්ඩලය අදත් උදේ සිටම වැඩ කල යුතුය. ඉරිදා කියා නිවාඩු ගෙන බැරිය.
Eg. සෞඛ්‍ය බලධාරීන්ට අවශ්‍ය සේවය, සෙසු රාජ්‍ය ආයතන වලින් ලබාගැනීම හැකිවන පරිදි චක්‍ර ලේඛණ සකස් කිරීම.
ස්තූතියි.