කරඅඹන්නෝ ?

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ෆොටෝ ටික සමහරවිට repost වෙන්න ඇති. නමුත් මේ විස්තරය නම් repost නෙමෙයි:shocked:.

    කරඅඹන්නෝ?


    pacu-fish-5%25255B2%25255D.jpg


    මේ තවත් Photoshop edit එකක් නම් නෙමෙයි. මේ පිනතුරවල ඉන්නෙ දකුණු ඇමරිකාවේ Amazon, Orinoco ගංගා ආශ්‍රිත, මිරිදිය ගංගා වලින් හමුවන Pacu නම් මත්ස්‍යයා.මේ මත්ස්‍යයා ස්වභාවිකව ජිවත් වන්නේ මම ඉහත සඳහන් කල Amazon, Oricono ගංගා ආශ්‍රිතව උනත් මේ මාළුවා Papua New Guinea හි දීත් දැකගන්න පුළුවන්. පැපුවා නිව්ගිනියාවේ මත්ස්‍ය කර්මාන්තය දියුණු කිරීමේ අරමුණින් කෘතිමව මේ මාළු බෝකිරීමට කටයුතු යොදල තියනව. Pacu මාළුවා හැමෝම දන්න භයානක Piranha මත්ස්‍යයින්ට නෑකම් කියන මාලුවෙක්. මේ මාළු වර්ග දෙකම අයත් වෙන්නෙ Serrasalminae නම් උපකුලයටයි. නමුත් මේ මාළු වර්ග දෙකට තිබෙන්නේ දෙවිදිහක ආහාර රටාවන්. Piranha මාංශ භක්ෂක වූවත් Pacu මාළු විශේෂය සර්ව භක්ෂකයි.

    නමුත්, මේක තමයි විශ්වාසකරන්න අමාරු:confused:, හිනායන:lol: සහ මේක කියවන කොල්ලන්ගේ ඇඟ කිළිපොලා:baffled: යන සිද්ධිය. මේ මාළුන්ගේ දත් පිහිටලා තියෙන්නෙ ගස්වලින් ගංගාවට වැටෙන ගෙඩිවර්ග, පලතුරු වර්ග අඹරා ආහාරයට ගැනීමට හැකිවන අයුරින්. Papua New Guinea වේ ගංගාවක පිරිමි දෙදෙනෙක් පිහිනමින් ඉඳල තියනවා. මේ දෙන්නා නොසිතු වෙලාවක මේ Pacu මාළු රංචුවකගේ ප්‍රහාරයකට ලක්වෙන්න සිදුවෙලා තිබෙනවා. මේ මාළු ප්‍රහාරය එල්ලකරලා තියෙන්නෙ දෙදෙනාගේම වෘෂණ කෝෂ වලට. මාළුවෝ හිතල තියෙන්නෙ වෙනද වගේ ගංගාවේ පාවෙන ගෙඩි වර්ගයක් කියලයි. කතාව විශ්වාස කරන්න අමාරු නිසා "ball-cutter" කියල google search කරල බැලුව. වැඩේ ඇත්ත වගේ.. ඒ නිසා කෝකටත් හෙළුවෙන් ගංගා ඇලදොළ වල පිහිනීමෙන් වලකින්න කියල මම එළකිරි ජනතාවගෙන් ඉල්ලාසිටිනවා:no::no:. (මේ මාළුවන් "ball-cutter" යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනවා. හේතුව ඔය මම කියපු හේතුව තමයි:P)

    මේ මාළුවන් පිරන්හා මාළුන් මෙන් ආක්‍රමණශීලි නොවුනත්, මොවුන්ගේ දත්වල පිහිටීම හා ක්‍රියාකාරිත්වය යම් හානියක් කරන්න ප්‍රමාණවත්. උදාහරණයක් ලෙස Pacu මාලුවෙක් ස්කොට්ලන්තයේ (Edinburgh Butterfly and Insect World හිදී) පොඩිඑකෙක්ගේ ඇඟිල්ලක් සපාකෑම නිසා සැත්කමක් කිරීමට සිදුවෙලා තිබෙනවා:dull:. ඇමරිකාව තුල මේ මාළුවන් සුරතලයට ඇතිකරීම නිත්‍යානුකූලයි. එහි සුරතල් මසුන් අලෙවිකරණ ඔනෑමතැනකින් මේ මාළුවන් මිලදීගන්න පුළුවන්. නමුත් මේ මාළුවන් ඇතිකරන්න කියල ගෙනියන බොහෝ දෙනෙක් මේ මාළුවා අඩි 4ක් පමණ දිගට වර්ධනය වන බව දන්නෙ නැහැලු. තමුන්ගේ ගෙදර මාළු ටැංකියේ පමණට වඩා මේ මසුන් විශාල බව අවබෝධ උනාම එයාල තමුන්ගේ සුරතල් මාලුවාව ළඟම තිබෙන ඇළපාරකට විසිකර දමනවාලු.

    කෑම පිඟානෙ මේ මාලුවෙක් ඉන්නකොට කොච්චර කැතයිද කියල බලන්නකො ඔයාලම.:oo::oo::oo:

    :cool::cool::cool:Exclusive from B_i_n_g_o @ Elakiri.com:cool::cool::cool:

    pacu-fish-6%25255B6%25255D.jpg


    pacu-fish-1%25255B6%25255D.jpg


    pacu-fish-2%25255B2%25255D.jpg


    pacu-fish-4.jpg


    pacu-fish-7%25255B2%25255D.jpg


    pacu-fish-8%25255B2%25255D.jpg


    sheepshead-fish-2%25255B6%25255D.jpg


    sheepshead-fish-1%25255B10%25255D.jpg


    sheepshead-fish-3%25255B2%25255D.jpg
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages

    hapoyi ..pigaane hitiyoth nam kabaraya daala thamayi nawathinne hariyatama minissunge dath wagemayi...rep+3


    යකෝ මුන්ගේ දත්? :shocked:


    amma gaahai bat 1n :o
    TFS

    maaaarai
    tfs +10

    epa wenawa ban :(

    comments walata thanx machanla :)