කරණීය ධර්ම හා අකරණීය ධර්ම

sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    කරණීය ධර්ම හා අකරණීය ධර්ම

    කරණීය ධර්ම හා අකරණීය ධර්ම

    ”බුද්ධ ධර්මය තේරුම් ගන්න බැහැ. ධර්මය අවබෝධ කර ගන්න බැහැ. මේ ධර්මය හරිම ගැඹුරුයි. අපට මේව ගැළපෙන්නෙ නැහැ” ආදී වශයෙන් යම් කෙනෙකු හිතනවා නම්, ප‍්‍රකාශ කරනවා නම් එතැනදී බුද්ධ ධර්මය යථා පරිදි අවබෝධ කරගැනීමට තරම් තමන්ගේම මනස පිරිසිදු නැති බව අවබෝධ කරගත යුතුයි. තමන්ගේ මානසිකත්වය අපිරිසිදුයි යන්න තමන්ම දැන ගත යුතුයි. තමන්ගේම මනස මෝහයෙන්, මිච්ජා දෘෂ්ඨිවලින් උපාදානය කරගත් ප‍්‍රිය අප‍්‍රිය දේ වලින් වසාගෙන මුවහ කරගෙන සංසාර දෘෂ්ඨියකින්, ලාභ දෘෂ්ඨියකින්, ආස්වාද දෘෂ්ඨියකින් කටයුතු කරන්නට පුරුදු වූ පුහුණු වූ කෙනෙකුගේ කිළිටි සිතකින් බුද්ධ ධර්මය වැනි පිරිසිදු උතුම් ධර්මයක් අවබෝධ කරගන්නට තරම් සුදුසු තත්ත්වයක් සිතේ නොපවතී. ඒ අනුව උතුම් බුද්ධ ධර්මය තේරුම් ගන්නට, අවබෝධ කර ගැනීමට නොහැකි වීම වෙනත් කාගේවත්ම වරදක් නොවේ. තමන්ගේම වරද බවත්, තමන්ගේ මානසිකත්වය, යෝනිසෝමනසීකරණ ශක්තිය දුර්වලයි යන බවත්් මිනිසකු ලෙස තම තමන්ම තේරුම්ගත යුතුයි.

    තවත් බොහෝම අය ප‍්‍රකාශ කරන්නේ ”මට අහගත්තු ධර්මය මතකයේ තියාගන්න බැහැ. සියල්ලම ටික වෙලාවකින්ම අමතක වෙලා යනවා” යනුවෙනි. එසේ නම් ඒ පුද්ගලයාත් දැනගත යුතු වන්නේ ඒ පුද්ගලයාගේම චිත්තසංථානය අනවශ්‍ය කුණු වලින්, කෙළෙස් වලින් පුරවාගෙන ඇති නිසා චිත්තසංථානය අපිරිසිදු නිසාම උතුම් ධර්මය යහපත් දේ මතක තබා ගැනීමට තමන්ට නොහැකි බවයි. චිත්තසංථානය අපිරිසිදු වීමට හේතුව ප‍්‍රිය දේට ඇලීම යන රාගයෙන් මත්වීම නිසාත්, අප‍්‍රිය දේට ගැටීම යන ද්වේෂය, වෛරය සිතේ පැවතීම නිසාත්ය. සිත අසහනයට, කම්පනයට පත් වූ විට චිත්තසංථාන තුළට ගතයුතු දේ හා නොගත යුතු දේ තීරණය කර ගැනීමට නොහැකි වීම අමතක වීම ලෙස හැඳින්වේ.

    චිත්තසංථානය අපිරිසිදු වීමෙන් මනස මුවහ වේ. මනසේ සෛලයන් වැසී, මුවහ වී මනසීකරණ ශක්තිය දුර්වල වේ. අසා දැනගත් ධර්මය ආශ‍්‍රයෙන්ම දැකගතයුතු යථා තත්ත්වය යථාභුත ඥාණ දර්ශනය දැක ගැනීමටත් නොහැකි වීමට හේතුව තම තමන්ගේම මනසීකරණ ශක්තිය දුර්වල වීමයි.

    බොහෝමයක්ම පෘථග්ජන පුද්ගලයින් ප‍්‍රිය අප‍්‍රිය අරමුණු නිසා රාගයෙන් ඇලී බැඳී කටයුතු කරති. ද්වේෂයෙන්, වෛරයෙන් ගැටෙති. චිත්තසංථානය තමන්ම අපිරිසිදු කර ගනී. ලේ ධාතුව කිළිටි වී, මනසත් මෝහයෙන් මුවහ කරගනී. යම් කිසි ආකාරයකින් මේ උතුම් බුද්ධ ධර්මය අහගන්නට ලැබුණොත්, ඒ පුද්ගලයා හේතුඵල ධර්මතාවය යම් තරමකින් හෝ තේරුම් ගත්තොත්, සතියෙහි පිහිටා සතියෙන් කටයුතු කරන්නට සිත පුරුදු කර ගත්තොත් ඒ පුද්ගලයාට තමන්ගේම සිත පිරිසිදු කරගන්නට ලේ ධාතුව පිරිසිදු කරගන්නට මනස පිරිසිදු කරගෙන මනසීකරණ ශක්තිය භාවිතා කරන්නට ශක්තියක් ලැබේ. මනසීකරණ ශක්තිය තමා තුළම දියුණු වූ විට කරණීය ධර්ම හා අකරණීය ධර්ම යන දෙපැත්ත වෙන්කොට තෝරා බේරා ගත හැකි වේ. සතර සතිපට්ඨානයෙහිම පිහිටා කටයුතු කරන්නටත් තමාම පුරුදු වේ. ඒ අනුව නිරෝධගාමී මාර්ගයත් සම්පූර්ණ වේ. රාග, ද්වේෂ, මෝහ ගති තමන් තුළම පවතින්නෙත් එවන් කිළිටි ගති තමාම පරිහරණය කරමින්, භාවිතා කරමින්, අකුසල් සිතකින් කටයුතු කරන්නෙත් තමන්ගේම මනස මෝහයෙන්, අවිද්‍යාවෙන් මුවහ වී පවතින නිසයි. මේ කිළිටි ගති තමන්ම එකතු කර ගත් දේවල් වේ. කැමැත්තෙන්ම එකතු කර ගත් දේවල්ය. ඒ නිසාම ඒවාට ”ගති” ලෙස හඳුන්වයි. තමන්ම එකතු කරගත් තමන්ගේම චිත්තසංථානයේ තැන්පත් වූ මුල් බැසගත් මෙවැනි ”ගති” බාහිර කාටවත් දැකිය නොහැකියි. වෙන බාහිර පුද්ගලයෙකුට ඒ ගති අස් කර, අයින් කර, ප‍්‍රහාණය කර ඉවත් කළ නොහැකියි. සීල, සමාධි, පඤ්ඤා යන ත‍්‍රිශික්ෂාවම තමන්ම පිළිපැදිය යුතු තමන්ම අනුගමනය කළයුතු ප‍්‍රතිපදාවන් සමුහයකි. මේ ප‍්‍රතිපදාවන් තුළ ප‍්‍රායෝගිකවම භාවිතා කළයුතු හා භාවිතා නොකළ යුතු ලෙස තෝරා බේරා ගතයුතු දෙපැත්තක්ම ඇත.

    ”සබ්බ පාපස්ස අකරණං” යනු භාවිතා නොකළ යුතු අකරණීය ධර්මයන් කොටසයි. ”කුසලස්ස උපසම්පදා” භාවිතා කළයුතු කරණීය ධර්මයන් කොටසයි. ”සේවිතබ්බා” යනුද භාවිතා කළයුතු, සේවනය කළයුතු ධර්මයෝයි. ”අසේවිතබ්බා” යනු සේවනය නොකළ යුතු, ආශ‍්‍රය නොකළ යුතු බැහැර කළයුතු අධර්මයන් කොටසටයි. ”අස්ස” ‘‘ආන’’ යන පදවලින් බොහෝ තැන්වල පෙන්වා දුන්නේද ආශ‍්‍රය කළයුතු, ඇතුළට ගතයුතු යහපත් ධර්මයන් යන අදහස අර්ථය ඇතිවයි. ”පස්ස” ”පාන” යන පදවලින් පෙන්වා දුන්නේ සහමුළින්ම ගළවා ප‍්‍රහාණය කළ යුතු බැහැර කළයුතු අයහපත් අධර්මයන් යන අර්ථයෙනුයි.

    ආශ‍්‍රය කළයුතු වන්නේ, සුදු ධර්මයන්ය. චිත්තසංථානය හා මනස යන දෙකම පිරිසිදු කරන, පවිත‍්‍ර කරවන, කුණු සළා හැර, අස් කර දමන්නට උපකාර වන ක‍්‍රියාකාරකම් ආශ‍්‍රය කළ යුතුයි. ප‍්‍රහාණය කර අස්කර දැමිය යුත්තේ කළු ධර්මයන්ය. චිත්තසංථානය කිළිටි කරන, මනස මුවහ කර, මෝහය මතු කරන කෙළෙස් ධර්මයන් සිතින්ම ගළවා සහමුළින්ම ඉවත්කර දැමිය යුතුය.

    මේ කළු, සුදු යන ධර්මයන් දෙකම ඇතුළට ගැනීමටත්, පිට කිරීමටත් උපකාර කරගතහැකි දොරවල් හයක්ම හැම කෙනෙකුටම උපතින්ම ලැබී ඇත. මේ දොරවල් හයකින්ම ඇතුළට ගැනීමේ ක‍්‍රියාවත් පිටතට බැහැර කිරීමේ ක‍්‍රියාවත් යන දෙකම හැම පුද්ගලයෙකුටම පාලනය කළ හැකිය. ඇතුළට ගත යුතුදේ මොනවාද බැහැර කළයුතු දේ මොනවාද යන්න තීරණය කිරීම හා ඒ තීරණයන් ක‍්‍රියාත්මක කිරීම නම් හැම මිනිහෙකුටම එක හා සමානවම ක‍්‍රියාත්මක කළ නොහැකිය. තමාට ප‍්‍රිය දේ ඇතුළට ගැනීමත්, අප‍්‍රිය දේ බැහැර කිරීමත් පෘථග්ජන පුද්ගලයෙකුගේ සංසාර පුරුද්දයි.

    කළු ධර්ම කෙළෙස් බැහැර කිරීමත්, සුදු ධර්ම චිත්තසංථානය හා මනස පිරිසිදු කරන වීතරාගී, වීතද්වේෂී, විතමෝහී ක‍්‍රියා ආශ‍්‍රයට ගැනීමත්, භාවිතයට ගැනීමත්, ධර්මාවබෝධය ලැබූ ධම්මානුධම්ම පටිපදාවෙහි යෙදෙන පුද්ගලයෙකුගේ ප‍්‍රතිපදාවයි.

    මෙය අරිය විනයෙහි, බුද්ධ භාෂිතයෙහි පෙන්වා වදාළ ආනාපාන සති භාවනාවයි. සතර සතිපට්ඨානයෙහි පිහිටා කටයුතු කළ හැකි වන්නේ මේ ආකාරයට ආනාපාන සතියෙහි පිහිටා ක‍්‍රියා කරන්නට පුරුදු පුහුණු වීමෙනි.

    ”ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ,
    සත්තානං විශුද්ධියා,
    සෝකපරිද්දවා නං සමතික්කමාය,
    දුක්ඛ දෝමනස්සානං අත්ථංගමාය ඥායස්ස අධිගමාය,
    නිබ්බානස්ස සච්ජිකිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨානා”

    සතර සතිපට්ඨාන භාවනාව බුද්ධ භාෂිතයට අනුකූලව නිවැරදි ආකාරයට භාවිතා කරන ඕනෑම පුද්ගලයෙකුට මෙහි ඉහත සඳහන් වන ආනිසංස යහපත් ප‍්‍රතිඵල සියල්ලමත් නොවරදවාම ලබාගත හැකි වීම නියත වේ. මේ ඉහත සඳහන් ආනිසංස පහෙන්මත් විග‍්‍රහ වන්නේ නිවනම වේ.

    ”සත්තානං විශුද්ධියා” – චේතෝ විමුක්තියත්, ප‍්‍රඥා විමුක්තියත් යන දෙකම සම්පූර්ණ කර ගැනීමෙන්ම ලබා ගත යුතු ශුද්ධ පවිත‍්‍ර වීමක් චිත්ත පාරිශුද්ධියක් යෝනිසෝ මනසීකරණ ශක්තියෙන්ම ලබාගත යුතු ප‍්‍රඥා ශක්තියත් යන දෙකමත් ලබා ගැනීමට නොවරදින මාර්ගය නම් සතර සතිපට්ඨානයෙහි යෙදීමයි.

    මතු නැවත නැවතත් උපත ලබයි නම් ”උප්පජ්ජති” යන තත්ත්වයට මතු මතුත් පත් වේ නම් ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස්, උපායාස නියත වශයෙන්ම තමන්ටම උරුම වේ. කුමන ආකාර වූ සුගති ලෝකයකදීත් මේ සියල්ලමත් උරුම වේ. හිමි වේ. උතුම් බුද්ධ ධර්ම මාර්ගය අනුගමනය කළයුතු වන්නේ මෙවන් ප‍්‍රශ්න වලට තාවකාලිකව පැලැස්තර දමා ලෞකිකත්වය යහපත් කරගැනීමට නම් නොවේ. කුමන හෝ ලෝකයක ජීවත් වුවද එතන ජීවත් වෙන්නේ ප‍්‍රශ්න රාශියක්ම උරුම කරගෙනම වේ. කවදා හෝ මරණය උරුම වේ. ජී+වත යනු දිරාපත් වන, ගෙවී විනාශ වී මරණය කරාම ගමන් කිරීම යන අර්ථයයි. මෙසේ ජරා ජීර්ණ තත්ත්වයට පත් වීමටත් මරණයෙන්ම කෙළවර වීමටත් හේතුව කෙළෙස් වලින් හිත දූෂණය වී මනස මුවහ වී කළු ධර්ම භාවිතයෙන් තව තවත් චිත්තසංථානය කිළිටි කර ගැනීමමයි. සියලු දුක්, සියලු ප‍්‍රශ්න නැති කිරීමේ ඒකායන මාර්ගය ”ඤාණස්ස අධිගමාය – නිබ්බානස්ස සච්ඡුිකිරියාය” යන පදවලින් ධර්මයේ පෙන්වා වදාළ රාගය, ද්වේෂය, මෝහය යන කිළිටි ගති සහමුළිින්ම චිත්තසංථානයෙන් උදුරා ගළවා දමා ඉවත් කිරීමයි. බුද්ධ බවට පත්වීමද එයමයි. මෙහි ප‍්‍රායෝගික මාර්ග ප‍්‍රතිපදාව සතර සතිපට්ඨානයෙහි සිත පවත්වාගෙන කටයුතු කිරීමයි. තමා තමාවම තේරුම් ගෙන භාවිතා කළයුතු, අනුගමනය කළයුතු ක‍්‍රියාමාර්ගය සතර සතිපට්ඨාන භාවනාවයි.

    ........'පරම සත්‍යය පෙන්වා දුන් බුද්ධ පුත්‍ර අති ගෞරවනීය ''මීවනපලානේ සිරි ධම්මාලංකාර'' තෙරුණ් වහන්සේ'..............
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි මජ්ඣිමා පටිපදා යනු මධ්‍යම ප්‍රතිපදාව නොවේ යැයි පවසා මජ්ඣිමා පටිපදාව වැරදවීම

    මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි මජ්ඣිමා පටිපදා යනු මධ්‍යම ප්‍රතිපදාව නොවේ යැයි පවසා මජ්ඣිමා පටිපදාව වැරදවීම:
    http://www.trekmentor.com/si/content/book/633

    Skylark
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177

    පින්වත් Skylark,

    මෙහි "අකාලයෙහි නො ව නිසි කාලයෙහි කියනෙමි, අසත්‍යයෙන් නො ව සත්‍යයෙන් කියනෙමි, පරොස්බසින් නො ව මොළොකින් කියනෙමි, අනර්ථසංහිතයෙන් නො ව අර්ථසංහිතයෙන් කියනෙමි, ද්වෙෂසහිත සිතින් නො ව මෙත්සහගිය සිතින් කියනෙමි" යන්නට ගැලපෙන බවක් නොපෙනේ. මෙම හිමිනමගේ වැරදි ධර්ම විග්‍රහයන් තිබුනද සියලුම පැහැදිලි කිරීම් අනිවාර්යයෙන්ම වැරදි යයි පෙන්විය නොහැකිය. එම නිසා අදාල කරුනෙන්ම , අදාල කාලයෙහි පමණක් විවේචනය කිරීම යෙහෙකියි බුද්ධ භාෂිතය අනුව ගත යුතුය. එසේ නොවුනහොත් නිවැරදි ධර්ම කරුනෙහිද අභුතයෙන් චෝදනා එල්ල වෙන ලෙසක් දැකිය හැකිය.
     
    පින්වත් Sataninhell,

    යම් කරුණක් අරභයා ඔබ 'මෙහි "අකාලයෙහි නො ව නිසි කාලයෙහි කියනෙමි, අසත්‍යයෙන් නො ව සත්‍යයෙන් කියනෙමි, පරොස්බසින් නො ව මොළොකින් කියනෙමි, අනර්ථසංහිතයෙන් නො ව අර්ථසංහිතයෙන් කියනෙමි, ද්වෙෂසහිත සිතින් නො ව මෙත්සහගිය සිතින් කියනෙමි" යන්නට ගැලපෙන බවක් නොපෙනේ.' යන්න පැවසුවානම් ඒ නොගැලපෙන බව හරියටම කුමක්ද?

    පින්වත් Skylark

    එම කරුණ මා දුටුවේ මෙලෙසිනි, මෙම thread එක ආරම්භ කර ඇත්තේ "කරණීය ධර්ම හා අකරණීය ධර්ම" යන කරුණු උදෙසායි. නමුත් ඔබතුමා පලකොට ඇති කරුණ මෙම ත්‍රෙඩ් එකේ සදහන් කරන කරුණ කෙරෙහි ඇති අධර්මයක් නොව එම භික්ෂුව කෙරෙහි ඇති අනෙකුත් අධර්මයකි. එනම් වෙනත් කරුණක් උදෙසයි ඔබතුම ගැරහීම සිදුකොට ඇත්තේ. මට අවබෝධ වන ආකාරයට ත්‍රෙඩ් එකේ ආරම්භක කරුණ උදෙසා අන් කරුණකින් මැ ගැරහීම සිදුවන ආකාරයක් සිදුවී ඇත. එනම් සුදුසු කාලයේ ගැරහීම භුතයෙන් සිදු නොවී ඇති බවයි.

    "කරණීය ධර්ම හා අකරණීය ධර්ම" මෙම කරණයට අදාලව එහි ඇති අධර්මයක්(ඇතිනම්) ඒ කෙරෙහි උක්ත කරනා හි පිහිටා එනම් "අකාලයෙහි නො ව නිසි කාලයෙහි කියනෙමි, අසත්‍යයෙන් නො ව සත්‍යයෙන් කියනෙමි, පරොස්බසින් නො ව මොළොකින් කියනෙමි, අනර්ථසංහිතයෙන් නො ව අර්ථසංහිතයෙන් කියනෙමි, ද්වෙෂසහිත සිතින් නො ව මෙත්සහගිය සිතින් කියනෙමි" ගැරහීම මගින් සුදුසු කාලයේ , භුතයෙන් මැ ගැරහීම සිදුවන බවයි මගේ අවබෝදය.

    තවත් ආකාරයකින් , ඔබතුමන් "මජ්ඣිමා පටිපදා යනු මධ්‍යම ප්‍රතිපදාව නොවේ යැයි පවසා මජ්ඣිමා පටිපදාව වැරදවීම" යන කරුණින් ගැරහීමට යෙදුනු තැන එය සදහා අදාල නොවන බවයි මගේ අදහස.
     
    පිලිතුරු ලිවීමට පමා වූවාට සමා වෙන්න.

    ඔබ විස්තර කොට ඇත්තේ පණ්ඩිතයින් (Scholars) - පණ්ඩිතයින් හා සාකච්ඡා කරන ආකාරයයි. ඒ ධර්ම සාකච්ඡාවට සුදුසු ආකාරය. එවන් දෙදෙනෙක් අතර වන සාකච්ඡාවක් ගැන හිතා බලමු. එහිදි එක් අයෙක් තම මතය ඉදිරිපත් කරනවා, දෙවැන්නා පළමු කෙනා පවසන ලද කාරණා විමසා බලා තමා දන්නා කරුණු වලට ගැලපේ නම් පිළිගන්නවා, නොගැලපේ නම් ප්‍රතික්ෂේප කරනවා, සැක ඇත්නම් සැක ඇති බව දක්වනවා. එහිදී පිළිගැනීම, ප්‍රතික්ෂේප කිරීම හෝ සැක කිරීම කරන්නේ මනා විමසා බැලීමකින්මයි. එහිදී පිළිගැනීමට, ප්‍රතික්ෂේප කිරීමට හෝ සැක කිරීමට හේතු අවශ්‍ය
    පරිදි ගෙන හැර දක්වනවා. පළමු කෙනා පැවසූ දේ කෙරෙහි දෙවැන්නා යම් ආකාරයකට කටයුතු කලාද, ඒ ආකාරයටම දෙවැන්නා පවසන දේ කෙරෙහි පළමු කෙනාත් කටයුතු කරනවා. සාකාච්ඡා කරන පාර්ශවයන් තම තමන් පෙර යම් වැරදි මතයන්හි හිටියා නම් තමන්ගේ වැරදි මතයන් වැරදි යැයි පිළිගනිමින්ම වැඩදායක සාකච්ඡාවක් සිදුකරනවා.

    ඉහත ආකාරය දහම් සාකච්ඡා කරන්න සුදුසුයි. නොදන්නා අයෙක් සමඟ දහම් සාකච්ඡා කරන්න යනවා නම් සාකච්ඡාව පටන් ගෙන ඉදිරියට කරගෙන යාමට උත්සාහ ගත යුත්තේත් ඒ ආකාරයට.

    නමුත් සෑම ධර්ම සාකච්ඡවක්ම පණ්ඩිතයින් - පණ්ඩිතයින් අතර සිදුවන සාකච්ඡාවන් සේ වන්නේ නැහැ. උදාහරණයකට නිර සතුන් ගිය මඟ ඔස්සේ!!! [ http://www.elakiri.com/forum/showthread.php?t=1754494 ] නම් ත්‍රෙඩ් එක බලන්නකෝ. එහිදී ධර්මයට විනයට අනුව මාතෘකාවට අදාලව සාකච්ඡා නොකර ඒ ත්‍රෙඩ් එක දාපු මම අනුවනයෙක්ය, මම මානයෙන් කියනවාය, මම ද්වේශයෙන් කියනවාය, මගේ මානසික අසමබරතාවයක් ඇතිය, මම වාගේ කෙනෙකුට මම කලා සේ ප්‍රකාශ කරන්න බැරිය, මම කියන දේකට එකඟ වෙන යම් අයෙක් ඉන්නවානම් ඒ අයත් මෝඩයින්ය, වෙනත් එළකිරි පරිශීලකයින් ලෙස මමම රගපානවාය ආදී දේ පුන පුනා පවසන පිරිස් දැකිය හැකියී. ඉතින් පණ්ඩිතයින් - පණ්ඩිතයින් අතර සිදුවන ස්වරූපයේ ධර්ම සාකච්ඡාවක් කොහෙ කරන්නද?

    එහිදී මම ඔබෙන්ම අසන්න කැමතියී. ඔබට පණ්ඩිතයින් - පණ්ඩිතයින් අතර සිදුවන ස්වරූපයේ ධර්ම සාකච්ඡා කරන්නත් ඕනෑ නම්, ඔබ ඊට පුන පුනා උත්සාහ කර ඇත්නම්, යම් පුද්ගලයෙක් හෝ පිරිසක් ඊට ඉඩ දෙන්නේත් නැත්නම්, ඒ අධාර්මික ක්‍රියා ඇති පුද්ගලයා හෝ පිරිස නිවැරදි බවට පැමිනෙන බවක් පෙනෙන්නත් නැත්නම්, සමහරක් එවන් පුද්ගලයින් අන් අයව පුන පුනා නොමඟ යැවීම නතර කරන්නේත් නැත්නම්, ඔබ කුමක්ද කරන්නේ?

    පහත දැක්වෙන සූත්‍ර දෙකත් ඔබ කැමති නම් කියවා විමසා බලන්න.

    ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයයේ අඞ්‌ගුත්‌තර නිකායේ පඤ්චක නිපාතයේ සද්‌ධම්‌ම වර්ගයේ දුක්‌කථා සූත්‍රය
    http://thripitaka.org/view/sp/sp14/316

    ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තර නිකායේ තික නිපාතයේ මහා වර්ගයේ සත්තම සූත්‍රය
    http://thripitaka.org/view/sp/sp12/390

    Skylark
     
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334

    :yes::yes:
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    කරණීය අකරණීය ධර්ම යනු ආනපානයම වෙනත් ආකාරයකින් විස්තර කර දීමකි.
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    මීවනපලානේ පචෝරිස් හිමිගේ ප්‍රෝඩා එළිදරව්ව!

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනයේ ඇති ද්වයතානුපස්සනාව නැතැයි කියන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1805721

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, බුදුන් උපන්නේ ලංකාවේ යැයි කියමින් බර්මියුඩා ත්‍රිකෝණයේ අනිත් පැත්තේ වන ඔස්ට්‍රේලියාවේ බටහිර මුහුදේ ලංකාව තිබෙන පරිදි පිහිටීම විස්තර කරන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1796385

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, ජම්බුද්වීපය ජන්බුද්වීප ලෙස දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1795673

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, මජ්ඣිමා පටිපදා මජ්ජිමා පටිපදා ලෙස දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1796564

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, සුන්දර යන වචනයේ අර්ථය සුන් වූ දර යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1753132

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, සන්නිවේදනය යන වචනයේ අර්ථය රාගය ද්වේශය මෝහය නිවේදනය කිරීම යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1753493

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, බුද්ධිමත් යනු රාග බව දෝෂ බව සහ මෝහ බව වර්ධනය වී මත්වීමක් යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1750773

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, පංච ශික්ෂා පදයන්ගෙන් එකක් කැඩුනොත් පහම කැඩෙනවා යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1797218
    http://www.elakiri.com/forum/showthread.php?t=1749575

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, මස් මාංශ අනුභවයෙන් පන්සිල් පද පහම කැඩෙනවා යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1797218
    http://www.elakiri.com/forum/showthread.php?t=1748768
    http://www.elakiri.com/forum/showthread.php?t=1727671

    මීවනපලානේ පචෝරිස් හිමිගේ ප්‍රෝඩා එළිදරව්ව!

    Skylark