තෙරුවන් සරණයි!!
මමත් දෙයක් එකතු කලාට තරහ නැහැ නේද මචන්?
ස්ජ්ජයනාවෙන් අනිවාර්යෙන්ම යහපතක් වෙනවා.
නමුත් මේ සුත්රයේ තියෙන්නේ හරිම ප්රයෝගික දෙයක්.
ස්ජ්ජයනවට විතරක් තැන දෙන්නේ නැතුව මේ දේවල් ප්රයෝගිකව කරන්න පුළුවන් නම් හරිම වටිනවා.
මොකද මේ සුත්රයෙන් කියවෙන්නේ මෙත් වැඩිම ගැන.
මෙත් භාවනාව කරනකොට මේ විදිහට කරනවා නම් (කාණ්ඩ වශයෙන්) ගොඩක් හොදයි.
සුත්රයේ තියෙන විදිහට සියලු සත්වයෝ බය නැත්තෝ වෙත්වා, සැප ඇත්තෝ වෙත්වා, සුවසේ වාසය කරත්වා කියන භාවනා වාක්ය හිතේ හැම වෙලාවකම පවත්වන්න පුළුවන් නම් හදිස්සි කෝපය නිසා ඇතිවන ප්රශ්න ගොඩක් අඩු කරගන්න පුළුවන්.
අනික මෙටත්තානිසංස සුත්රයේ මෙත් වැඩිමෙන් ඇතිවන යහපත් ප්රතිපල ගැන පෙන්නලා දීල තියනවා.
මේ තරම් හොද ප්රයෝගික මාර්ගයක් බුදු දහමින් අපිට උරුමව තියෙද්දිත් සජ්ජයනවට පමණක් තැන නොදී ප්රයෝගිකව ඒ දේ කරන්න පුළුවන් නම් ජිවිතේ යහපත් විදිහට ගත කරන්න, හැමෝගෙම ප්රසාදය දින ගන්න, හතුරන් අඩු කරගන්න, ජිවිතේ කරදර අඩු කරගන්න, ආර්ථික අපහසුතා අඩු කර ගන්න දෙවියෝන්ගෙන් පිහිට ලබා ගන්න ඇත්තටම ගොඩක් වටිනවා.