කරදර ඉවසන්න බැරිම තැන වැලි රාජුට කෙටුවා
ගෙදරට ඇවිත් කරන කරදර ඉවසන්න
බැරිම තැන වැලි රාජුට කෙටුවා
සැකකරු පාපොච්චාරණය කරයි
වැලි රාජු හැමදාම අපේ ගෙදර ඇවිත් අපට පහරදී කරදර කරනවා. නින්දිත විදියට බනිනවා. මේ දේවල් ඉවස ගන්න බැරි තැන මම එයාට කෙටුවා" යෑයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොහොයුරාට පොරොවකින් පහරදී බරපතළ තුවාල කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු පොලිසිය හමුවේ පාපොච්චාරණය කර ඇත.
මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන ඉෂාර ලක්මාල් සපුතන්ත්‍රී යන අය පොලිසිය වෙත මෙසේද කියා තිබේ.
වැලි රාජු මගේ හොඳ යාළුවෙක්. එයා යන හැම ගමනක් බිමනක්ම යන්නේ මා එක්ක. පෞද්ගලික ප්‍රශ්නයක් නිසා මෑතකදී එයා මා එක්ක අමනාප වුණා.
එදා ඉඳලා එයා අපේ ගෙදර ඇවිත් මටයි මගේ නෝනටයි අම්මටයි තාත්තටයි හරිම පහත් විදියට බනිනවා.
මේ දේවල් මම දවස් ගාණක් තිස්සේ ඉවසාගෙන සිටියා. ඒත් එයා හැමදාම අපට මේ වගේ නින්දා කරන්න ගත්තා.
26 වැනිදා රෑ 7.30 ට විතර එයා වාහනෙන් අපේ ගෙදරට ඇවිත් සුපුරුදු විදියට බනින්න පටන් ගත්තා.
එදා මගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගියා. මම ගෙදර තිබුණු පොරොවෙන් එයාට කෙටුවා යෑයි අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුරටත් කියා සිටියේය.
මෙම සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ ප්‍රියන්ත සිරිසේන මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන අතර ඔහුගේ තත්ත්වය ඊයේ (27 දා) දහවල් වනතුරුත් බරපතළ තත්ත්වයේ තිබූ බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.
පොළොන්නරුව 4 ඇළ ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිටදී පොරෝ පහරකට ලක්ව බරපතළ තුවාල ලැබූ ප්‍රියන්ත සිරිසේන මහතා පොලොන්නරුව රෝහලට මුලින් ඇතුළත් කරන ලදී.
පසුව ඒ මහතා හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරට අයත් ගුවන් යානයකින් කොළඹ ගෙනවිත් තිබේ.
පසුව ප්‍රියන්ත සිරිසේන මහතා පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ අතර ඊයේ (27 දා) පැය 4 ක ශල්‍යකර්මයකට භාජනය කර තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රියන්ත සිරිසේන මහතාගේ රියදුරාගෙන් සහ තවත් පුද්ගලයන් තිදෙනකුගෙන් පොලිසිය ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
පහරදීම සඳහා යොදාගත් පොරොවද පොලිසිය මගින් සොයාගෙන තිබේ. සැකකරු ඊයේ සවස්වරුවේ පොලොන්නරුව මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 8 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි
Source: http://www.divaina.com/2015/03/28/news07.html
මෙන්න අපේ "නීතිගරුක" "යහපාලන" ජනාධිපතිගේ පසුබිම. ජනාධිපතිගේ මල්ලි මැරයෙක්. ජනාධිපති පවර් එකෙන් මේ අය මැරකම් පෙන්නනකොට අහිංසකයන්ට කාගෙ පිහිටද? මල්ලිගෙ මැර වැඩ නවත්තන්න ඕනෙ නැති ජනාධිපතිට රට හදන්න ඇත්ත වුවමනාවක් තියෙනවද?
"හිටපු ජනාධිපති ඡන්දෙන් පැරදුන දවසෙ හම්බන්තොටට හෙලිකොප්ටරෙන් ගියා, මම දන්නවනම් එහෙම හෙලිකොප්ටර් වල යන්න දෙන්නෙ නෑ" කියපු මේ ජනාධිපතිම අද මැරයෙක්ව කොළඹ ගේන්න ගුවන් හමුදා හෙලිකොප්ටර් පාවිච්චි කරනවා.

ඔන්න ඕකයි පුද්ගලයගෙ චරිත සහතිකේ