කරන්ට් බිල ගැන අදහසක්

කරන්ට් බිල වැඩි කරල විදුලිය කපන්නෙ නැතුව ඉන්නවට කැමතිද?

  • කරන්ට් බිල මේ විදියට වැඩිකරල කරන්ට් කපන්නෙම නැතුව තියාගන්න එකට මම කැමතියි

  • නෑ කරන්ට් කැපුවට කමක් නෑ බිල අර තිබ්බ වගේ තියෙන්න ඕන


Results are only viewable after voting.

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,063
    8,365
    113
    ඔයාල කැමති කරන්ට් එක කපන්නෙම නැතුව මේ වැඩි කරපු ගානට කරන්ට් එක දෙනවටද?
    නැත්නම් සාමාන්‍ය විදියට හෝ දවසක් පැය 3-4ක් වගේ කපල කලින් තිබුණ ගානට කරන්ට් එක දෙනවටද?



    ප.ලි:
    මට හිතෙන්නෙ පීක් ටයිම් එකේ කරන්ට් එක හදන්න තමයි දැනට විදුලි බලාගාර ඔන් කරල ලොකු ගානකට කරන්ට් එක ගන්නෙ(ජල සංචිත අඩු වෙද්දි මේක වෙනස් වෙයි හැබැයි).
    මේ චාර්ට් එකේ ඔය හයිලයිට් කරල තියෙන ටික හදන්න තමයි ලොකුම පිරිවැයක් යන්නෙ. ඉතිං මේ බිල් එක වැඩි කරල තියෙන්නෙ කෙලින්ම යුනිට් 90ට අඩුවෙන් යූස් කරන අය ටාගට් කරල. එහෙම අයට දවසකට පැය 3-4ක් කැපුවත් ප්‍රශ්නයක් වෙන එකක් නෑ කියල මට හිතෙන්නෙ එයිට වැඩිය එයාලට කරන්ට් බිල් එක වටිනව.

    1676532978266.png
     
    Last edited:

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මම කැමති මගේ යුනිට් එකේ ඇත්ත වියදම ගෙවන්නෙ නැතුව අනිත් උන්ගෙ සහනාධාර යුනිට් ගානට ගෙවන්න වෙන එකට 🤪
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    විදුලිබල මන්ඩලේ ගසාකන හොරාකන දූෂණ කරන එවුන්ව නඩු අහලා මරණ දඩුවම දීලා ඊට පස්සෙ එන බිල ගෙවන්න කැමතියි.
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    unit එකක සැපයුම් පිරිවැයට සමාන ගාණක් මං පාවිච්චි කරන unit එකකින් අය කරනවාට ප්‍රශ්නයක් නෑ.

    හැබැයි ගෘහස්ථ කාණ්ඩේ unit 30, 60, 90 කියලා එක එක ගණන් අය කරනවාට අකමැතියි. හැමෝම තමන් පාවිච්චි කරපු ප්‍රමාණයට සමානුපාතිකව ගෙවන්න ඕනි. උදා: unit 90 ක් පාවිච්චි කරන කෙනා රු 3600 ක් ගෙවන්න ඕනි නම් unit 30 පාවිච්චි කරන කෙනා රු 1200 ක් ගෙවන්න ඕනි.

    ස්ථාවර ගාස්තු අය කරනවා නම් පැය 24 හරි ප්‍රමිතියකින් විදුලිය දෙන්න ඕනි.

    විදුලිබල මණ්ඩලේ අතිරික්ත සේවකයෝ. විශේෂ වරප්‍රසාද අයින් කරන්න ඕනි.

    ආගමික ස්ථාන, මන්ත්‍රී නිල නිවාස කියලා කිසිම විශේෂයක් නැතුව මාස 3ක් මුදල් ගෙවලා නැත්නම් විසන්ධි කරන්න ඕනි. පාඩුව අය කරගන්න ඕනි

    වෙන්නෙ නෑ ඉතින් නිකන් type කරේ 🥴
     

    Nalinjawa

    Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    මම කැමතියි unit එකක් generate කරන්න යන cost එක සහ overhead cost එක පාරිභෝගිකයාගෙන් අය කර ගන්න එකට. නැත්නම් බදු මුදල් තමා ඒවගේ පාඩු පියවන්නත් ගන්නේ. අනික මිනිස්සුන්ට service එකේ අගේ තේරෙනවා ගණන් වැඩි හින්ද. පරිස්සමෙන් නාස්ති නොකර පාවච්චි කරනවා
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    කරන්ට් එක කපන්නෙ නැතුව නම් ඉන්නෙ නැ බන්. ඕන් බලපන් තව මාසයක් දෙකක් යද්දි ආයෙත් කපනවා.

    hqdefault.jpg
     
    Last edited:
    • Like
    Reactions: zid2021

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,212
    18,851
    113
    අදාල නෑනේ
    කරන්ට් බිල වැඩි කරයි කියල ආයෙ නොකප ඉඳියි කියල නම් හිතන්නෙ නෑ.

    හැබැයි පිනට දෙන්න දෙන්න හිඟන්නො බෝ වෙන එක විතරයි වෙන්නෙ

    මිනිසා දන් දෙනවාලු
    දුගියා පින් දෙනවාලූ
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,043
    54,705
    113
    Colombo
    මම නම් හාමු ට රට හදන්න දායක වෙන්න කැමතියි :) මම දවසට එක වේලක් කාල හරි හාමු ස ගේ රට හදන දැක්මට සහයෝගය දෙනවා :)
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    හොදම දේ
    බිල් ලියන උන්ට
    ඒකක 90 ට පෙර
    ඇවිල්ල බිල දාන්න කියමු...............

    [උන්ට පඩි නැතිවෙන්නෙ නෑනෙ]..........
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,161
    1
    16,004
    113
    හොදම දේ
    බිල් ලියන උන්ට
    ඒකක 90 ට පෙර
    ඇවිල්ල බිල දාන්න කියමු...............

    [උන්ට පඩි නැතිවෙන්නෙ නෑනෙ]..........
    එහෙම වැඩක් නැ බන්
    මොකක් හරි Average ekak ගන්නෙ උන්...