කරපිංචා

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    කරපිංචා වල ඇති ගුණය..

    ආහාර රසවත් කිරීමට යොදා ගන්නා කරපිංචා වල ශරීරයට ගුණදායී ප්‍රයෝජන රාශියක්ද වේ. මෙම සුවඳැති කොළ වල තන්තු, යකඩ, කාබෝහයිඩ්‍රේට, පොස්පරස්, කැල්සියම් මෙන්ම විටමින් A, E, C හා B අඩංගු වේ. මේ නිසා මෙන්ම මේවායේ ඇති ප්‍රතිඔක්සිකාරක ගුණය නිසාවෙන් දියවැඩියාව, පාචනය, ආහාර අජීර්ණය හා ආහාර මාර්ග පද්ධතිය ආශ්‍රිත පිළිකාවන් වැනි බොහෝ රෝග සුව කිරීමට දායක වේ. එමෙන්ම අක්මාව හා හෘදය ආරක්ෂා කර දේ.


    21.jpg


    01. පාචනය ඇති වීම වළක්වයි.

    කරපිංචා වල carbazole alkaloid නම් රසායනිකය අඩංගු වේ. එම රසායනිකයේ ඇති බැක්ටීරියා විනාශ කිරීමේ හැකියාව නිසා පාචනයෙන් ඈත් කර තබයි. පාචන තත්වයෙන් ගැළවීමට තවදුරටත් තේ එකකට කරපිංචා කොළ යොදා පානය කරන්න. මෙය දිනකට 2-3න් වරක් පානය කළ යුතුය.


    12.jpg


    02. හිසකෙස් වර්ධනය කරවයි

    කරපිංචා මඟින් හිසකෙස් වර්ධනය වේගවත් කරයි. හිසකෙස් වල ස්වාභාවික වර්ණය පවත්වාගැනීමට curry leaf tea පානය කිරීම කළ හැක. එමෙන්ම හිස්හොරි හා හිසකෙස් හානි වීමෙන් ද වළක්වාලයි. කරපිංචා තලපයක් සාදා එය හිස්කබලේ ආලේප කිරීමෙන් හිස්හොරි නැති වේ.

    healthy-hair.jpg


    03. රුධිරයේ ඇති සීනි ප්‍රමාණය පාලනය කරයි.
    කරපිංචා වල රුධිරගත සීනි මට්ටම අවම කිරීමේ හැකියාවක් පවතී. මේවායේ ඇති තන්තු මඟින් මෙම කාර්යය සිදු කරයි. තේ සමඟ පානය කිරීම, ආහාර වලට එක් කිරීම හෝ නැවුම්ව ආහාරයට ගැනීම කළ හැක.

    blood_glucose.jpg

    04. ආහාර ජීර්ණය පහසු කරවයි.

    කරපිංචා මඟින් ආහාර ජීර්ණයට පමණක් නොව බහිස්‍රාවයටද උපකාරී වේ. curry leaf tea පානය කිරීම ඔබගේ ජීර්ණ පද්ධතියේ ඇති ගැටළු සමනය කරයි.

    peristaltic-movements.jpg

    05. සමේ ඇතිවන ආසාදන වළක්වයි.

    කරපිංචා වල ඇති ප්‍රතිඔක්සිකාරකයන් නිසා දිලීර හා බැක්ටීරියා නාශක ගුණ ඇත. ඔබ කුරුළෑ වැනි සමේ ආාදන වලින් පීඩා විඳී නම් සුව කරගැනීමට curry leaf tea පානය කිරීම උපකාරී වේ.



    skin-problem.jpg

     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,097
    12,645
    113
    38
    මමත් ගොඩක් ආසයි කරපිංචා වලට. ගෙදර ගහක් තියෙනවනම් හොදයි කඩවල් වල තියෙන ඒවා නම් ජරාව, ගස් වලින් කඩලා ජරා පාරවල් වල අයිනේ තියන් ඉදලා ලොරි වලට පටවලා යවන්නේ. මමනම් ඕක දැක්ක දවසේ ඉදන් කඩවල් වලින් නම් ගන්න ඒවා කෑවේ නැහැ.
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    මචන් අපේ තාත්තා පත්තරේක තිබුන අර්ටිකල් එකක් බලලා කීවා ඒකේ තිබුනා කියලා කරපිංචා වලින් අපේ කෑම අල තියන විශ අවශෝෂනය කරගන්නවා කියල. ඉතින් අපි හොද්දකට කරපිංචා දාන එක හොද උනාට ඒ දාපු කරපිංචා අනුභව කරන්න හොද නෑළු..:no::no:
    ඩොක්ටර් කෙනෙක් තම ඒගැන පරීක්ශනය කරලා තිබුනේ.....
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    Thanks for Sharing.....!!
    You must spread some Reputation around before giving it to Chathuranga1 again.
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මමත් ගොඩක් ආසයි කරපිංචා වලට. ගෙදර ගහක් තියෙනවනම් හොදයි කඩවල් වල තියෙන ඒවා නම් ජරාව, ගස් වලින් කඩලා ජරා පාරවල් වල අයිනේ තියන් ඉදලා ලොරි වලට පටවලා යවන්නේ. මමනම් ඕක දැක්ක දවසේ ඉදන් කඩවල් වලින් නම් ගන්න ඒවා කෑවේ නැහැ.


    අප්පේ ඔව් මචන් ..ඔය කඩවල්/පොලෙන් ගන්න ඒවා කෑවොත් නැති ලෙඩ හැදෙන්න පුළුවන් ..!!
    අපේ නම් වවලා තියෙන්නේ..පොඩිවට ගහක් හදාගන්න :yes::yes:
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මචන් අපේ තාත්තා පත්තරේක තිබුන අර්ටිකල් එකක් බලලා කීවා ඒකේ තිබුනා කියලා කරපිංචා වලින් අපේ කෑම අල තියන විශ අවශෝෂනය කරගන්නවා කියල. ඉතින් අපි හොද්දකට කරපිංචා දාන එක හොද උනාට ඒ දාපු කරපිංචා අනුභව කරන්න හොද නෑළු..:no::no:
    ඩොක්ටර් කෙනෙක් තම ඒගැන පරීක්ශනය කරලා තිබුනේ.....


    එකගැනනම් මචන් මම හරියටම කියන්න දන්නේ නෑ..! නමුත් මම ඒ ගැන හොයල බලන්නම් ..දැනුවත් කරපු එක ගැන බොහොම පින් ..!! :yes::yes:
    "Curry leaf tea" koheda ganna thiyenne. Kalin ahala nene. Good post. Tfs

    තැන්ක්ස් මචෝ :):);)
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    TFS :)
    ඇයි මචන් කරපිංචා කැඳ බිව්වම ඇඟට අමාරු ගතියක් එන්නෙ? මට නම් එහෙම බිව්වම blood pressure එක හොඳටම බහිනවා වගේ. වැඩක් කරන්න පණ නෑ ඇඟට පට්ට අමාරුයි :sorry: