කර්මය ගැන ප්‍රශ්නයක්

topkollek

Well-known member
  • May 22, 2014
    43,803
    1
    58,053
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කර්මය ගැන ප්‍රශ්නයක්

    කරුණාකරල දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න බුද්ධ දේශනාවල කිසිම තැනක පෘථග්ජන කෙනෙක් පූර්ව භවයේ කර ඇති කර්ම දැනගන්න ක්‍රමයක් සඳහන් වෙනවද කියල. එහෙම නැත්නම් (පෘථග්ජන) කෙනෙකුට මට මේ දේ උනේ පූර්ව භවයේ කර්මයක් නිසා කියල නිශ්චිතව දැනගන්න පුලුවන් කියල තියෙනව ද?

    උත්තර දෙන අයටයි බම්ප් කරන අයටයි රෙප් දෙනවා
     
    • Like
    Reactions: markhaloce

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,803
    1
    58,053
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    http://buddhism.stackexchange.com/

    මේකෙ අහපං.. බුද්ධාගම ගැන හොඳ දැනුමක් තියෙන උන් මේකෙ ඉන්නව..
    ඕන්නං ත්‍රිපිඨකේ තියෙන තැන් එක්කම අහපං..

    බම්ප්

    හොඳ අදහසක්:yes:. දැන් ඉතින් ඕක අහන්න stackexchange එකේ fake එකක් හදන්න වෙනව;).
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බුදු දහමෙ කිසිම තැනක පෘථග්ජන කෙනෙක් පූර්ව භවයේ කර ඇති කර්ම දැනගන්න ක්‍රමයක් ගැන කිසිම සදහනක් නැ..පෘථග්ජනයෙක්ට ඒක කරනව තියා හිතන්ඩවත් බැරි දෙයක්.
     
    Last edited:

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    පෘතක්ජන කෙනෙකුට බැහැ මචන්. කර්මය සහ කර්මය පලදෙන්නේ මෙන්න මේ විදිහටයි මේ හේතුවටයි කියල හරියටම දැනගන්න දැනීමක් තියෙන්නේ බුදු කෙනෙකුට විතරයි.
     
    • Like
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,803
    1
    58,053
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බුදු දහමෙ කිසිම තැනක පෘථග්ජන කෙනෙක් පූර්ව භවයේ කර ඇති කර්ම දැනගන්න ක්‍රමයක් ගැන කිසිම සදහනක් නැ..පෘථග්ජනයෙක්ට ඒක කරනව තියා හිතන්ඩවත් බැරි දෙයක්.

    පෘතක්ජන කෙනෙකුට බැහැ මචන්. කර්මය සහ කර්මය පලදෙන්නේ මෙන්න මේ විදිහටයි මේ හේතුවටයි කියල හරියටම දැනගන්න දැනීමක් තියෙන්නේ බුදු කෙනෙකුට විතරයි.

    හරියටම දැන ගන්න බැරි නම් අඩුගානෙ මෙහෙමවත් පුලුවන් ද කියන්න.

    මට ලොතරැයියකින් කෝටි 5ක් විතර ඇදුනා කියා සිතන්න. ඒක එහෙම උනේ පෙර කර්මයක් නිසාද නැද්ද කියල දැනගන්න විදිහක් තියෙනවද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    හරියටම දැන ගන්න බැරි නම් අඩුගානෙ මෙහෙමවත් පුලුවන් ද කියන්න.

    මට ලොතරැයියකින් කෝටි 5ක් විතර ඇදුනා කියා සිතන්න. ඒක එහෙම උනේ පෙර කර්මයක් නිසාද නැද්ද කියල දැනගන්න විදිහක් තියෙනවද?
    බුදු දහම අනුව එහෙම කියන්ඩ විදිහකුත් නැ.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    හරියටම දැන ගන්න බැරි නම් අඩුගානෙ මෙහෙමවත් පුලුවන් ද කියන්න.

    මට ලොතරැයියකින් කෝටි 5ක් විතර ඇදුනා කියා සිතන්න. ඒක එහෙම උනේ පෙර කර්මයක් නිසාද නැද්ද කියල දැනගන්න විදිහක් තියෙනවද?

    ඒ වගේ දෙයක්නම් අනිවාර්යෙන්ම පෙර කරපු කුසල කර්මයක්ම තමයි සහෝ.

    කර්මය විපාක දෙන විදිහට බලපෑම් කරන්න පුළුවන් තව නියාම ධර්ම 5ක් තියෙනවා
    1. බීජ නියාමය
    2. උතු නියාමය
    3. කම්ම නියාමය
    4. ධම්ම නියාමය
    5. චිත්ත නියාමය

    වැඩි විස්තර මෙතන ඇති මචන් link

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,803
    1
    58,053
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බුදු දහම අනුව එහෙම කියන්ඩ විදිහකුත් නැ.

    ඒ වගේ දෙයක්නම් අනිවාර්යෙන්ම පෙර කරපු කුසල කර්මයක්ම තමයි සහෝ.

    කර්මය විපාක දෙන විදිහට බලපෑම් කරන්න පුළුවන් තව නියාම ධර්ම 5ක් තියෙනවා
    1. බීජ නියාමය
    2. උතු නියාමය
    3. කම්ම නියාමය
    4. ධම්ම නියාමය
    5. චිත්ත නියාමය

    වැඩි විස්තර මෙතන ඇති මචන් link

    මේ නියාම ධර්ම 5න් එකකට අනිවාර්යයෙන්ම "මම ලොතරැයියක් දිනීම" අයිති වෙනව නම්, "කර්ම නියාමය"ම නිසා වෙන්න ඕනෙ නේද? අනික් ඒවා ගැලපෙන්නෙ අදාල නැහැ වගෙ.

    එහෙම ගත්තොත් "මම ලොතරැයියක් දිනීම"/"මම ලොතරැයියක් නොදිනීම" යන දෙකම කර්මය ද?

    අකුණු ගහන නිසා අදට සමු ගන්නවා...
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    මේ නියාම ධර්ම 5න් එකකට අනිවාර්යයෙන්ම "මම ලොතරැයියක් දිනීම" අයිති වෙනව නම්, "කර්ම නියාමය"ම නිසා වෙන්න ඕනෙ නේද? අනික් ඒවා ගැලපෙන්නෙ අදාල නැහැ වගෙ.

    එහෙම ගත්තොත් "මම ලොතරැයියක් දිනීම"/"මම ලොතරැයියක් නොදිනීම" යන දෙකම කර්මය ද?

    අකුණු ගහන නිසා අදට සමු ගන්නවා...

    ඔයාට මේ භවයේදී දෙයක් ලැබෙනවානම් ඒ ඔයා කලින් භවයක දෙයක් දීපු නිසාමයි. මගේ දැනුම ඔච්චරයි මචෝ.
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    ධ්‍යාන සමාධිය වැඩ් දියුණු කලොත් යම් ප්‍රමානයක පූර්ව ජන්ම දකින්න පුළුවන්. ඒත් එක්තරා මට්ටමකදී ඒක සීමා වෙනවා...
    (සමසතලිස් කර්මස්ථාන තුළ)
     
    • Like
    Reactions: topkollek

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    මෙය නොසිතිය යුතු කාරණාවකි.

    කර්ම විපාක කරුණු ගැන සිතීම උමතු බවට, දුකට පත්වීමට හේතුවන බවත් ඒ නිසා එම කරුණ ගැන සිතන්නට නොයා යුතු බවත්, නොසිතිය යුතු බවත් බුදු පියානන් පවසා ඇත. මෙය අංගුත්තර නිකායේ, චතුක්ක නිපාතයේ අචින්තෙය්‍ය සූත්‍රයේ (4.2.3.7) සදහන්ව ඇත.

    ඒ නිසා ඔබේ ඔය ගැටළුව ගැන සිතන්න යන්න එපා, ඒ ගැන නොසිතා ඉන්න.

    ඒ වෙනුවනට බුදු පියානන් පැවසූ විද්‍යාවට හේතුවන, සැපයට හේතුවන, සුවයට හේතුවන කරුණු ගැන සොයන්න, ඒ ගැන සිතන්න.

    තවද ඔබේ කෝටි පහේ කතාව ගැන මෙලෙස ඔබට කියන්නම්. සමහරක් ඵල දීම් සිදුවන්නේ විපත් පිණිස, පරිහානිය පිණිස. උදාහරණයකට කෙසෙල් ගස, උණ ගස, බට ගස යන ගස් වල ඵල ලැබීම එම ගස් වල විනාශය පිණිස, පරිහානිය පිණිස හේතු වෙනවා. ඒ වගේම අශ්ව වෙළඹකට බූරුවෙකුට දාව ගැබ් ගැනීම අශ්ව වෙළඹගේ මරණයට හේතු වන බව සදහන්. මේ නිසා මෙවන් කරුණු සිදුවීම හෝ නොසිදුවීම කිනම් අයුරින් අපට බලපානවාදැයි කීම අපට ගෝචර විෂයක් නොවේ. මේ ඵල දීම (උදා: ලාබ සත්කාර, යශස්) විපත් පිණිස වන බව දක්වා ඇති එක් සූත්‍රයක් තමයි අංගුත්තර නිකායේ, චතුක්ක නිපාතයේ දෙවදත්ත සූත්‍රය (4.2.2.8).

    ඉතින් ගෝචර නොවන මේ විෂය ගැන සිතන්නට නොයා, නොසිතා, ඒ වෙනුවනට බුදු පියානන් පැවසූ විද්‍යාවට හේතුවන, සැපයට හේතුවන, සුවයට හේතුවන කරුණු ගැන සොයන්න, ඒ ගැන සිතන්න.
     
    • Like
    Reactions: topkollek

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    කරුණාකරල දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න බුද්ධ දේශනාවල කිසිම තැනක පෘථග්ජන කෙනෙක් පූර්ව භවයේ කර ඇති කර්ම දැනගන්න ක්‍රමයක් සඳහන් වෙනවද කියල. එහෙම නැත්නම් (පෘථග්ජන) කෙනෙකුට මට මේ දේ උනේ පූර්ව භවයේ කර්මයක් නිසා කියල නිශ්චිතව දැනගන්න පුලුවන් කියල තියෙනව ද?

    උත්තර දෙන අයටයි බම්ප් කරන අයටයි රෙප් දෙනවා
    ----Budun Vahan sea saha samahara Rahathun Vahanse lata puluwani . Astrology vala Birth chart eken asanna vasayen kiyanna piliwani.
     
    • Like
    Reactions: topkollek

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    කරුණාකරල දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න බුද්ධ දේශනාවල කිසිම තැනක පෘථග්ජන කෙනෙක් පූර්ව භවයේ කර ඇති කර්ම දැනගන්න ක්‍රමයක් සඳහන් වෙනවද කියල. එහෙම නැත්නම් (පෘථග්ජන) කෙනෙකුට මට මේ දේ උනේ පූර්ව භවයේ කර්මයක් නිසා කියල නිශ්චිතව දැනගන්න පුලුවන් කියල තියෙනව ද?

    උත්තර දෙන අයටයි බම්ප් කරන අයටයි රෙප් දෙනවා

    පෘථග්ජන කෙනෙකුට බැහැ. අනාගමි හො රහත් වුන ශ්‍රැතවත් අර්ය ශ්‍රාවකයෙකුට නම් පෙර භවයන් වල කල කර්මයන් කිසියම් සිමාවකට යටත්ව ධ්යාන වලට සමවැදිමෙන් දකින්න පුලුවන්. ඒ ව්ගේම, දැකිය හැකි අතීතයයේ ප්‍රමාණය ඒ ඒ අයට කර්මාණුරුපව වෙනස් වෙනවා.. තමුන්ට කැමති තරම් අතීතයට යන්න බැහැ.

    ඊට අමතරව, බුදුබව පතන, පංච අභිඥඥා ලාභින්ට පුලුවන් කියලා අහලා තියනවා. ඒ ගැන වැඩි විස්තරයක් දන්නෙ නැහැ.

    නමුත් අශ්‍රැතවත් පෘථග්ජන අයට කිසිම ක්‍රමයක් නැහැ.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    බුදු දහමෙ කිසිම තැනක පෘථග්ජන කෙනෙක් පූර්ව භවයේ කර ඇති කර්ම දැනගන්න ක්‍රමයක් ගැන කිසිම සදහනක් නැ..පෘථග්ජනයෙක්ට ඒක කරනව තියා හිතන්ඩවත් බැරි දෙයක්.

    erozan ID එකෙන් වෙන එකෙක් log උනාවත් ද? :dull: :baffled: :shocked: :eek: