කර්මය
මේක මහා පුදුම ඒ වගේම ගුප්ත නමුත් විසදාගත යුතුම දෙයක් කියලයි මට හිතෙන්නේ මෙතන කීප දෙනෙක් මත දක්වලා තියෙනවා ඒ වගේම සුපුරුදු පරිදි ආසන්න වශයෙන් කෙලගැනීමකුත් ගිහිල්ලා තියෙනවා.
නමුත් මේ කර්මය ගැන පහදා ගත යුතු ප්‍රශ්න කීපයක් මෙහි දාන්නම් දන්න අය උත්තර දෙන්න
කර්මය කොහෙද තියෙන්නේ මේ අපි කරන ක්‍රියා කවුරු හරි රෙකෝඩ් කරනවද ?
වෙන ආගම් විශේෂයෙන් දෙයියෝ එලි බහින්නේ මේ තැන් වල උත්තර නැතුව හිර වෙන තැන් වල ඕවා කරවන්නේ දෙවියෝ කියන ජනප්‍රිය දේව ඇදහිලි වලට පාර කැපෙන්නේ මේ වගේ අවුල් තිබ්බාම ඒක නිසා මේක අචින්ත්‍යයි කියනවාට වඩා නියමාකාරයෙන් තෙරුම් ගැනීම වටිනවා.
කර්මය හා ඈදුන තවත් විසදාගත යුතු ප්‍රශ්න නම් සමහර කර්ම අහෝසි වෙන්නේ කොහොමද ? සමහර කර්ම යටපත් වෙලා තිබිලා කාලෙකට පස්සේ මතු වෙන්නේ කොහොමද ? ඒ දේවල් එහෙම වෙන්නේ කවුරු විසින් කරවලාද ? අනන්ත ආත්ම ගානක් මිනිස් සත්ව ප්‍රේත හා දෙවියන් හා තව නොයෙක් ආත්ම වල කරපු ඒවා ගබඩා වෙන්නේ කොහොමද ? ඒවා එක එක වෙලාවට අදින්නේ ඒවා ඉන්ඩෙක්ස් එකකද තියෙන්නේ නැත්නම් එක ගොඩේද තියෙන්නේ ? රටින් රටට පුද්ගලයාගෙන් පුද්ගලයාට මේවා වෙනස් වෙනවද ? එක එක ක්‍රියා වලට වෙනස් වෙනස් කර්ම තියෙන බව තීරනය කරන්නේ කොහොමද ? එහෙම ඒවා තීරනය කරන්නේ කවුද ?
සත්තුන්ට කර්ම බලපාන්නේ කොහොමද ? තම ජීවිත ආරක්ශාවට වෙන කල කිසිවක් නැති තැන මිනිස් හෝ සත්ව ඝාතනයක් උනොත් ඒකට කර්මය බලපාන්නේ කෙසේද ? මේ උදාහරණය පහදන්න
කෙනෙක්ගේ පෙර ආත්මයක බල්ලෙකුට ගහලා කොන්ද කඩනවා ඔහුට පසු ආත්මයකදී තව කෙනෙක්ගේ පහර දීමක් නිසා කොන්ද කැඩෙනවා එවිට එහෙම උනේ ඔහු පෙර ආත්මයේ කල දේ නිසාද ? එසේ නම් මේ ආත්මයේ පහර දුන් කෙනාට කර්මය බලපාන්නේ කෙසේද ? එසේ තවකෙනෙක්ගේ කර්මයක් විපාක දීමට සහභාගි වන්නාට කර්මයක් සිදු වන්නේ නැතිද ?
සමහරෙක් ස්භාවධර්මයෙන්/විශ්ව ශක්තීන් මගින් කර්මය කරවන හා ඒ සම්බන්ධයෙන් තොරතුරු තබාගෙන යන බව කියනවා ඒ පිලිබද හරි මතය මොකද්ද ? විශ්වයේ අපට අදාල නීතී වලින් පරිබාහිර නීතී තිබෙන වෙනත් විශ්වයන් තියේද ? එසේ නම් ඒවායේ මේ කර්මය ක්‍රියා කරනුයේ කෙසේද ?
කර්මය ඇති උනේ මිනිසා ඇති උන දින පටන්ද ? මිනිසාට පෙර තිරිසන් දෙවියන් හිටියද ? එසේ නම් එකල කර්මය ක්‍රියා කරේද ? එසේ නම් ඒ කෙසේ වෙනු ඇත්ද ?
සංකීර්ණ දේවල් අතහැරලා යහපත් ගති පැවැත්මෙන් සියලු සත්වයාට පුලුවන් විදියට උදවු කරමින් සෝභාදහමට ආදරෙන් ජීවත් වෙලා කිසිම ආගමක් අදහන්නේ නැති කෙනෙක්ට කර්මය බලපාන්නේ කෙසේද ?
මේකත් පොඩ්ඩක් බලන්න
මේක මහා පුදුම ඒ වගේම ගුප්ත නමුත් විසදාගත යුතුම දෙයක් කියලයි මට හිතෙන්නේ මෙතන කීප දෙනෙක් මත දක්වලා තියෙනවා ඒ වගේම සුපුරුදු පරිදි ආසන්න වශයෙන් කෙලගැනීමකුත් ගිහිල්ලා තියෙනවා.
නමුත් මේ කර්මය ගැන පහදා ගත යුතු ප්‍රශ්න කීපයක් මෙහි දාන්නම් දන්න අය උත්තර දෙන්න
[SIZE="3"]
කර්මය කොහෙද තියෙන්නේ මේ අපි කරන ක්‍රියා කවුරු හරි රෙකෝඩ් කරනවද ? [/SIZE]
NO, කර්මය = හෘද සාක්ෂිය
වෙන ආගම් විශේෂයෙන් දෙයියෝ එලි බහින්නේ මේ තැන් වල උත්තර නැතුව හිර වෙන තැන් වල ඕවා කරවන්නේ දෙවියෝ කියන ජනප්‍රිය දේව ඇදහිලි වලට පාර කැපෙන්නේ මේ වගේ අවුල් තිබ්බාම ඒක නිසා මේක අචින්ත්‍යයි කියනවාට වඩා නියමාකාරයෙන් තෙරුම් ගැනීම වටිනවා.
කර්මය හා ඈදුන තවත් විසදාගත යුතු ප්‍රශ්න නම් සමහර කර්ම අහෝසි වෙන්නේ කොහොමද ?
අහෝසි කර්ම කියන්නෙ අහෝසි වෙලා වගේ පිටට පේන කර්ම්,
සමහර කර්ම යටපත් වෙලා තිබිලා කාලෙකට පස්සේ මතු වෙන්නේ කොහොමද ?
කර්මය = හෘද සාක්ශිය නිසා, ඔය කියන්නෙ, හෘද සාක්ශියට පුරුදු වෙලා තියන අතීත පුරුදු, ඒව ඕනෙ වෙලාවක ආයෙ මතුවෙන්න පුලුවන් අදාල අවස්ථාවක් ආපුහම
ඒ දේවල් එහෙම වෙන්නේ කවුරු විසින් කරවලාද ?
කර්මය = හෘද සාක්ශිය නිසා
අනන්ත ආත්ම ගානක් මිනිස් සත්ව ප්‍රේත හා දෙවියන් හා තව නොයෙක් ආත්ම වල කරපු ඒවා ගබඩා වෙන්නේ කොහොමද ? කර්මය = හෘද සාක්ශිය නිසා
ඒවා එක එක වෙලාවට අදින්නේ ඒවා ඉන්ඩෙක්ස් එකකද තියෙන්නේ නැත්නම් එක ගොඩේද තියෙන්නේ ?
එක ගොඩේ
රටින් රටට පුද්ගලයාගෙන් පුද්ගලයාට මේවා වෙනස් වෙනවද ?
ඔව්
එක එක ක්‍රියා වලට වෙනස් වෙනස් කර්ම තියෙන බව තීරනය කරන්නේ කොහොමද ?
තමන්ගෙම හෘද සාක්ශිය
එහෙම ඒවා තීරනය කරන්නේ කවුද ?
තමන්ගෙම හෘද සාක්ශිය
සත්තුන්ට කර්ම බලපාන්නේ කොහොමද ?
සතාගෙ පුරුද්ද
තම ජීවිත ආරක්ශාවට වෙන කල කිසිවක් නැති තැන මිනිස් හෝ සත්ව ඝාතනයක් උනොත් ඒකට කර්මය බලපාන්නේ කෙසේද ?
තමන් මැරෙන වෙලේ ඔය කියන සත්ව ඝාතනය මතක් වෙනව, මම කොහොමත් මැරෙන එකේ ඇයි මම එදා අර සතාව මරල මගේ ජීවිතය රැක ගත්තෙ කියල, එහෙම හිතල පසුතැවිම්මක් එනව, ඒක තමා තමාගෙ හෘද ශාක්ශිය දෙන දඬුවම, අදාල සුදුසු තැනක ඉපදෙනව
මේ උදාහරණය පහදන්න
කෙනෙක්ගේ පෙර ආත්මයක බල්ලෙකුට ගහලා කොන්ද කඩනවා ඔහුට පසු ආත්මයකදී තව කෙනෙක්ගේ පහර දීමක් නිසා කොන්ද කැඩෙනවා එවිට එහෙම උනේ ඔහු පෙර ආත්මයේ කල දේ නිසාද ?
කල දේ නිසා නෙමේ, ඇත්තටම කලින් ආත්මෙ බල්ලගෙ කොන්ද කඩපු චේතනාවට හේතු වුන අවිද්‍යාව ඔහු තුල තාම තියන නිසා, ඔහුව නැවත නැවත එවැනිම අවදානම් අවස්ථා වලට ඔහුව යොමු වෙනව, ඒ නිසා ඒක වෙන්නෙ, බාහිරින් බලන කෙනෙකුට පේන්න පුලුවන් ඒක අර කර්මය නිසා කියල,
අවි ගත්තෝ අවියෙන්ම නසිති කියන එකේ, සංසාරගත දීර්ඝ විග්‍රහය,
එසේ නම් මේ ආත්මයේ පහර දුන් කෙනාට කර්මය බලපාන්නේ කෙසේද ?
ඔහුත් ඒවගේම කෙනෙක්, අදාල ගෲප් එකෙ ඉන්නෙ,
එසේ තවකෙනෙක්ගේ කර්මයක් විපාක දීමට සහභාගි වන්නාට කර්මයක් සිදු වන්නේ නැතිද ?
ඔහුටත් අර කිව්ව විදිහටම කර්මය සිදුවෙනව හා ඔහුට විඳවන්න වෙනව
සමහරෙක් ස්භාවධර්මයෙන්/විශ්ව ශක්තීන් මගින් කර්මය කරවන හා ඒ සම්බන්ධයෙන් තොරතුරු තබාගෙන යන බව කියනවා ඒ පිලිබද හරි මතය මොකද්ද ?
එහෙම එකක් නෑ, කර්මය= හෘද සාක්ශිය
විශ්වයේ අපට අදාල නීතී වලින් පරිබාහිර නීතී තිබෙන වෙනත් විශ්වයන් තියේද ?
ඔව්
එසේ නම් ඒවායේ මේ කර්මය ක්‍රියා කරනුයේ කෙසේද ?
අදාල සත්වයන්ගේ සමාජ සම්මතයන්ට අනුකූලව කර්මය වෙනව,
කර්මය ඇති උනේ මිනිසා ඇති උන දින පටන්ද ? මිනිසාට පෙර තිරිසන් දෙවියන් හිටියද ? එසේ නම් එකල කර්මය ක්‍රියා කරේද ? එසේ නම් ඒ කෙසේ වෙනු ඇත්ද ?
පරමාර්ථ වශයෙන් කර්මය කියල එකකුත් නෑ, කර්මය අපි යොදාගන්නෙ මේ ලෝකෙ සිදුවෙන සිද්දි විස්තර කරන්න, එතකොට නැති දෙයක් ඇතිඋන ආකාරය ගැන කියන්න බෑ.
ඒකයි සත්යාවබෝඅධ කරපු රහතන් වහන්සේට කර්ම වෙන්නෙ නැත්තෙ, එතුමන්ල කර්මය නැති කරල නෙමේ, කර්මයක් කියල එකක් නෑ කියල අවබෝධ කරල.
සංකීර්ණ දේවල් අතහැරලා යහපත් ගති පැවැත්මෙන් සියලු සත්වයාට පුලුවන් විදියට උදවු කරමින් සෝභාදහමට ආදරෙන් ජීවත් වෙලා කිසිම ආගමක් අදහන්නේ නැති කෙනෙක්ට කර්මය බලපාන්නේ කෙසේද ?
කර්මය= හෘද සාක්ශිය
[/SIZE]