'කර්මය' හේතුඵල දහමෙන් පැහැදිලි කරමු.

MR BOLD

Banned
Oct 5, 2017
1,070
169
0
'කර්මය' හේතුඵල දහමෙන් පැහැදිලි කරමු.

'කර්මය' හේතුඵල දහමෙන් පැහැදිලි කරමු.

අපි දන්නව බුදු හාමුදුරුවො දේශනා කරපු සියල්ලම එක තැනකට කැටි කරන්න පුලුවන්, ඒ තමා මේ හේතුඵල දහම, :P:love:

අස්සජි මහරහතන් වහන්සේ උපතිස්ස පරිබ්‍රාජකයාට කිව්වෙ, ''සම්කිසි ධර්මයක් හේතුවකින් හටගනීද, එවැනි දහමක් තථාගතයන් වහන්සේ දේශනා කරයි' කියල,

ඒ කාරනය ප්‍රමානවත් උනා උපතිස්ස පරිබ්‍රාජකයාට සෝවාන් වෙන්න.

එතනදි උන්වහන්සේ කර්මය ගැන වචනයක් වත් කිව්වෙ නෑ.

ඒත් ධර්මය අවබෝද කරා. ඒ කියන්නෙ 'කර්මය' කියන්නෙ හෙතුඵල දහමෙන් විස්තර කල හැකි 'සංකල්පයක්'.

මම මෙතනදි කර්මය, පින්, පව් කියන වචන පාවිච්චි නොකර කර්මය හේත්ඵල දහමෙන් විස්තර කරන්න උත්සාහ කරන්නම්, ටිකක් අමාරුයි අවබෝධ කරගන්න, ඒත් try කරන එක වටිනවා.

මොකද්ද මේ හේතුඵල දහම?

හේතුවකින් ඵලයක් හට ගැනීම තමා හේතුඵල දහම කියන්නෙ.

උදාහරනයකින් විස්තර කරොත්,
මම මිටියක් අරගෙන කලු ගල් කෑල්ලකට ගහනවා,
දැන් මේ පාරට කලු ගල් කෑල්ල කුඩුවෙනව නේද?

දැන් හේතුව මොකද්ද? මිටියෙන් ගහන එක
ඵලය මොකදද? ගල කුඩු වෙන එක

පැහැදිලියි නේද?

ඔය සංසිද්දියම ටිකක් සංකීර්ණව සිදුවීම තමයි කර්මය කියන්නෙ,

මම පැහැදිලි කරන්න ට්‍රයි කරන්නම්,

දැන් ඕක අචේතනික වස්තුවකින්ම ටිකක් සංකීර්ණව ගම්මු,
හිතන්න, heat seeker missile එකක්, අපි මේ missile එක fire කරනව helicopter එකක් target කරල, දැන් මේ missile එක ටිකක advaance සංකීර්ණ විදිහට helicopter එක පස්සෙන් යනව නේද?
ඒත් ඒ missile එකේ follow කිරීමේ සංකීර්ණ ක්‍රියාවලිය තුල තියෙන්නෙත් අර අපි මිටියකික් කලුගලට ගැහුව වගේ ඉතා සරල ක්‍රියාවලි දාමයක් නේද? ඒ ක්‍රියාවලි දාමය අපිට එක සංකීර්ණ ක්‍රියාවලියක් වගේ තමා පේන්නෙ.
එතකොට Missile එක helicopter එක follow කරෙත් හේතුඵල දහමට අනුව. ඒක තේරුනා නේද?

දැන් අපි සචේතනික ජීවීන් ගම්මු,
'අරුණ ගිහින් නිමල්ගෙ අම්මව මරනවා, ඒකට පලි ගන්න නිමල් ගිහින් අරුණ මරනවා.'

මේකෙ හේතුව මොකද්ද? අරුණ නිමල්ගෙ අම්මව මැරීම
ඵලය මොකද්ද? නිමල්, අරුණව මැරීම.

මේකත් තේරෙනව නේද? මේකත් කොටස් වලට කඩල ගත්තොත ඉතාම සරල හේතුඵල ක්‍රියාවලීන් දාමයක් තමා තියෙන්නෙ. එතකොට ඒකත් හේතුඵල දහමට අනුව වෙන්නෙ..

දැන් හොඳම හරියට යමු, අරුණ නිමල්ගෙ අම්මව මරනවා. නිමලුත් අරුණ මරනවා. දැන් ඔතනින් හේතුඵල කෑල්ල ඉවරද? තම යමක් ඉතුරු වුනාද කොහෙහරි?

දැන් නිමල්ගෙ පලි ගැනීම පැත්තකින් තියමු.
ඇරුණ නිමල්ගෙ අම්මව මරද්දි ඇත්තටම මොකද වෙන්නෙ?
අරුණට වෙන දේවල් ශාරීරිකව හා මානසිකව කියල බෙදල අරගම්මු,

1. ලෙසියෙන්ම කියන්න පුලුවන් අරුණගෙ ශරීරය විසින් නිමල්ගෙ අම්මව මරනවා.
හේතුව විදිහට පිහියෙන් ඇනීම ගම්මු.
ඵලය විදිහට අම්ම මැරෙනවා.

ඒක හරි. ඇත්තටම ගත්තොත් මේ සිද්දිය ක්‍රියා දාම රාශියකින් වෙන දෙයක්, මම අපිට සිද්දිය තේරුම් ගන්න අවශ්‍ය විදිහට මට ඕනෙ කෑලි විතරයි ගන්නෙ.

ඒත් තව ක්‍රියාවක් උනා නේද අරුණගෙ මනසෙ?
මොකද්ද ඒක? නිමල්ගෙ අම්මව මැරීමේ චේතනාව.

දැන් තමා හොඳම හරිය, මේ අරුණට ඇතිවුන නිමල්ගෙ අම්මව මැරීමේ 'චේතනව', තවත් සිදුවීමක හේතුවක්ද? එහෙමත් නැත්තං වෙනත් ක්‍රියාවක ඵලයක්ද?

උත්තරේ දෙකම වෙනව,
තවත් සිදුවීමක හේතුවක් වෙනවා, ඒක තමයි නිමල්ගේ අම්මට පිහියෙන් ඇනීමේ ක්‍රියාව. ඒ ක්‍රියාවට මේ 'චේතනාව' හේතුවක් වෙනවා.
එතකොට ඵලයක් වෙන්නෙ මොකේද? ඵලයක් වෙන්නෙ "තණ්හාව, හා මෝහයෙ''.

එතකොට ඊලඟ ආත්මෙ අපායට යන්නෙ කොහොමද? ඊලඟ ආත්මෙ අපායට යන්න 'හේතුව' මොකද්ද? අර මිනීමැරීමේ චේතනාවද? :rolleyes:

නෑ. ඒ චේතනාව ඉපදීමට හේතු වූ 'තණ්හාව' හා 'මෝහය' තමා ඊලඟ ප්‍රතිසන්දි සිත/විඥ්ඥානය/චේතනාව ඇති කරන්නෙ..

ඒ කයි මිනී මරපු චේතනා තිබ්බ අංගුලිමාල රහතන් වහන්සේත් තණ්හාව නැති කරල රහත් වුනාට පස්සෙ ආයෙ ඉපදුනේ නැත්තෙ..:cool:

තව මේක විස්තර කරන්න ඕනෙ. ඒත් දැන් අත රිදෙනවා.. ආයෙ හම්බෙමු..:D

හරි එහෙනම් අපි ඉතුරු ටිකත් බලමු,

හේතු ඵල වාදයට අනුව අර 'අරුණගෙ මිනී මැරීමේ චේතනාව' හේතුවක් වෙලා නිමල්ගෙ අම්මව මරණයට පත් වීම වුනා.

දැන් ප්‍රශ්නයක් තියනවා, කොහොමද දැන් මේකෙන් ඊලඟ ආත්මෙ අරුණ අපායට යන්නෙ කියන එක,

හරි ඒක වෙන්නෙ මෙහෙමයි, දැන් අපි දන්නවනෙ අරුණගෙ මිනී මැරීමේ චේතනාව ඇතිවෙලා අදාල ක්‍රියාව කරල සිතත් සමගම නැතිවෙලා යනවා. මරල පැයකට විතර පස්සෙ බැලුවොත් අර 'චේතනාවෙ' කෑල්ලක්වත් හොයාගන්න හම්බෙන්නෙ නෑ..

දැන් ප්‍රශ්නෙ තියෙන්නෙ මේ 'චේතනාව' එහෙමත් නැත්තං මේ 'ක්‍රියාව' නෙමෙයි. ඒ චේතනාව ඇතිවෙන්න හේතුවයි.

ඒක තමා 'මෝහය'. නොහොත් යථාර්තය නොදැනීම. මිනිසා, නිමල්, සත්වයා, මරණය, ජීවත්වීම කියන සම්මුතීන් ඇත්ත වශයෙන් පිලිගෙන සිටීම.

ඇත්තටම ගත්තොත් අපිට කාවවත් 'මරන්න' බෑ. මොකද මරණය කියන්නෙත් 'සංකල්පයක්' විතරයි. ගැහණු,පිරිමි, කියන ඒවත් සංකල්ප මාත්‍ර පමණයි. මේ සත්‍ය නොදැනීම නිසා අරුණ, නිමල්ගෙ අම්මව මරණවා. ඇයි ඒ මරන්නෙ?

ආයෙත් ආසන්නම හේතුවට යමුකො, අපි හිතමු නිමල්ගෙ අම්මව මැරුවෙ 'සල්ලි වලට' කියලා, contract එකක් කියල හිතමුකො.
ඊලඟට ඇයි අරුණට සල්ලි? අරුණ සල්ලි හොයන්න හේතුව මොකද්ද?
උත්තරේ වෙන්නෙ 'ජීවත් වෙන්නෙ'.
එතකොට මොකද්ද මේ අරුණ ජීවත් වෙන්න හේතුව?
උත්තරේ වෙයි ලමයින්ට කන්න අඳින්න දෙන්න වගේ..
එතකොට අරුණ ලමයින්ට කන්න අඳින්න දෙන්න හේතුව මොකද්ද?
උත්තරේ ලමයි සැපෙන් තියන්න,
අරුණ ලමයි සැපෙන් තියන්න හේතුව මොකද්ද?
ඒකෙන් අරුණ ''සතුටක්'' ලබන නිසා..
මේ 'සතුට' කියන්නෙ feeling එකක්,
එත්කොට මේ 'සතුට' කියන 'feeling' එක ගන්න තමා මේ මිනීමැරුම අරුණ කරල තියෙන්නෙ,
බලන්න මිනිස්සු 'සතුට' වෙනුවෙන් කරන දේවල්....
එතකොට සතුට ලබාගැනීමට තියන ආසාවට තවන් නමක් කියන්න පුලුවන් 'තණ්හාව' කියල...
එතකොට මේ 'සතුට' ලබාගන්නනම් අරුණ සල්ලි හොයන්න ඕනෙ, ඔක්කොටම කලින් අරුණ ජීවත් වෙන්න ඕනෙ. ඒ කියන්නෙ අරුණ තමන්ගෙ විඥ්ඥානය/සිත නොනැසී පවත්වාගන්න ඕනෙ. අරුණට තේරෙන විදිහට කිව්වොත් නොමැරී ඉන්න ඕනෙ..

කොටින්ම කිව්වොත් අරුන මැරෙනවට අකමැතියි. ජීවත් වෙන්න ආසයි..
දැන් ඔහොම ඉඳල කවද හරි අරුණ මැරෙන්න ඕනනෙ..
එතකොට කොහොමද අරුණ අර මිනී මැරුම නිසා අපායට යන්නෙ?

මේක පැහැදිලිව විස්තර කරන්නනම් මාරම අමාරුයි.. කමක් නෑ මම ට්‍රයි එකක් දෙන්නම්,

මේ අරුණගෙ තියන තණ්හාව/මෝහය ඉතා වැඩියි. එයා අවසාන මොහොත වෙනකම්ම තමන්ගේ ශරීරයට ඇලිල ඉන්නවා, අන්තිමට තමන්ට පේන රූපෙටත් මෙයා ඇලෙනවා. ඒකට හේතුව එයාට තියන අධික තණ්හාව.

මිනීමරුවෙකුට තියන තණ්හාව සියල්ල අතඇරල කැලේකට ගිහින් මහන වෙලා භාවනා කරන කෙනෙක්ට වඩා වැඩියි. කැලේක තනියම භාවන කරන කෙනෙක්නම් තමන්ගෙ අවසාන මොහොත ආපුහාම තමන්ගෙ ශරීරය අත අරින්න වෙලාව හරි කියල හිතල ඇස් දෙක පියාගනියි.

මෙතනදි වැදගත් දේ තමයි, තමන් ඊලඟට උපදීන තැන තීරනය වෙන්නෙ තමන්ගෙ තියන තණ්හාවේ ප්‍රමාණයට අනුකූලව කියන එක.

මේ තණ්හාව හේතුවෙන් කෙනෙක් එක දිගට මිනීමැරුම් කරන්න පුලුවන්,
තවත් කෙනෙක් එක දිගට දාන මාන, පිංකම් කරන්න පුලුවන්,
තව කෙනෙක් ධ්‍යාන වඩන්න පුලුවන්,
තව කෙනෙක් සල්ලාල ජීවිතයක් ගතකරන්න පුලුවන්,
තව කෙනෙක් වැදගත් විදිහට ජීවත් වෙන්න පුලුවන්,
තව කෙනෙක් බ්‍රහ්මචාරීව ඉන්න පුලුවන්,
තව කෙනෙක් අධික මානයෙන් වුතුව ඉන්න පුලුවන්.

දැන් මේ අයගෙ තියෙන තණ්හාවන් එකිනෙකට වෙනස්, ඒ ඒ අයගෙ සිත තියෙන level එක එකිනෙකට වෙනස්,

සල්ලාල ජීවිතයකට කැමති කෙනා බ්‍රහ්ම ලෝකෙක ගිහින් ඉපදෙන්න කැමති වෙයිද? කෝ ගෑණු නෑනෙ කියල ආපහු එයි.:dull:
අධික මානයෙන් ඉන්න කෙනා රූපාවචර / අරූපාවචර බ්‍රහ්ම ලෝකෙට යන්න කැමති වෙයිද? :no:තමන්ගෙ මානෙ පෙන්නන්න කෙනෙක් එහෙ නෑනෙ..:baffled:
සල්ලාල ජීවිතයක් ගත කරන්න කැමති කෙනා අවීචියට යන්න කැමති වෙයිද?
වැදගත් විදිහට ඉන්න කැමති කෙනා පෙරේතයෙක් වෙන්න කැමති වෙයිද?:no:
මිනීමරුව තවත් ගහ මරාගන්න තැනකට යන්න කැමති වෙයිද?:yes:

ඒ ඒ ආකාරයට තම තමන්ගෙ තණ්හාවට අනුකූලව තමාට අදාල තමා කැමති / පුරුදු කරන ලද අරමුණක් එනව මරණාසන්න මොහොතෙදි.

අපේ අරුණ වගෙ මැරෙන්න අකමැති කෙනෙක්නම් අවසාන මොහොතෙ එන අරමුණත් ඒ ආකාරයෙන්ම හිතාගන්න පුලුවන් නේද?

ඔක්කොම අත ඇරල දාල වනාන්තරේ තපස් රකින කෙනාට නම් මරන මොහොතෙදි එන අරමුණ එයාට අදාල එකක් ලෙස හා අපේ මිනීමරුවට වඩා හාත්පසින්ම වෙනස් එකක් ලෙස හිතාගන්න පුලුවන් නේද?

දැන් නම් මහන්සියි.. පස්සෙ ආයෙ වෙලාවක ඉතුරු ටික කොටන්නම්..:D
 
Last edited:

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    මට මේක පොඩ්ඩක් පැහැදිලි කරනවාද...? යමෙක් තවකෙක් මරන කොට ඇතිවන ඔය කර්ම ඵලය හැම වෙලාවකම සමානද...? :confused:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    මට මේක පොඩ්ඩක් පැහැදිලි කරනවාද...? යමෙක් තවකෙක් මරන කොට ඇතිවන ඔය කර්ම ඵලය හැම වෙලාවකම සමානද...? :confused:

    සමාන බව කියන සංකල්පය සියල්ලට වලංගු විය යුතු නෑ. එක්කෙනෙක් කෙනෙක් මරද්දි රැස්කරගන්න කර්මය තවත් කෙනෙක් තවත් අයෙක්ව මරද්දි රැස් කරගන්න කර්මයට වඩා වෙනස්. සමහර විට රැස් කරගන්නව කියන එකත් වැරදි ඇති.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    සමාන බව කියන සංකල්පය සියල්ලට වලංගු විය යුතු නෑ. එක්කෙනෙක් කෙනෙක් මරද්දි රැස්කරගන්න කර්මය තවත් කෙනෙක් තවත් අයෙක්ව මරද්දි රැස් කරගන්න කර්මයට වඩා වෙනස්. සමහර විට රැස් කරගන්නව කියන එකත් වැරදි ඇති.

    ඇයි එහෙම වෙනස් වෙන්නේ... ප‍්‍රාණඝාතයක් පාප කර්මයක් වීමට අවශ්‍ය සිද්ධි ටික සම්පූර්ණ නම් කෙනෙක් තවත් කෙනෙක් මරණවා කියන දෙයින් ඇතිවෙන කර්ම ඵලය සමාන වෙන්නේ නැද්ද...? :confused:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඇයි එහෙම වෙනස් වෙන්නේ... ප‍්‍රාණඝාතයක් පාප කර්මයක් වීමට අවශ්‍ය සිද්ධි ටික සම්පූර්ණ නම් කෙනෙක් තවත් කෙනෙක් මරණවා කියන දෙයින් ඇතිවෙන කර්ම ඵලය සමාන වෙන්නේ නැද්ද...? :confused:

    ඔතන ප්‍රශ්නෙ තියෙන්නෙ සිද්ධි ටික දකින විදිහ. ඔය සන්දර්භයෙන් සිද්ධිය වෙන් කල්ල තවත් සන්දර්භ වලිං තවත් සිද්ධි වෙන් කරල සිදුවීම් සමාන කරන ක්‍රමේ කියන්නෙ තනිකරම බටහිර චින්තනේ ගොඩනැඟුන දෙයක්. විද්‍යාවට පදනම් වෙලා තියෙන්නෙ ඕක.

    බුදු දහම හැදුනෙ පෙරදිග චින්තනයෙ. පෙරදිග ඔය සන්දර්භයෙන් සිදුවීම් එකින් එක වෙන් කරල විශ්ලේෂණය කිරීම දකින්න තිබ්බොත් තියෙන්නෙ සෑහෙන කලාතුරකිං.

    A ත් පොල්ලක් අරං ගහල මරණව
    B ත් පොල්ලක් අරං ගහල මරණව
    කියල ක්‍රියාවට පසුබිම් වෙන සියල්ල ඉවත් කරන Aයි Bයි පොල්ලයි ගැහීමයි මරණයයි විතරයි ගන්න නිසයි ඔය දෙන්නෙක් එකම විදිහට මැරුවොත් කර්මය ඒ නිසා ඇතිවෙන කර්ම ඵලය සමාන වෙන්න ඕනෙය කියල හිතෙන්නෙ. එහෙම සම්පූර්ණ සිද්ධියෙන් ක්‍රියා කිහිපයක් වෙන් කල්ල ඒ කාලෙ පෙරදිග මිනිස්සු ලෝකය දැක්කෙ නෑ.

    අනික බුදු දහමෙ එන කර්මය කර්ම ඵලය ගැන තියෙන විස්තර නියතිවාදී නෑ. (deterministic නෑ) අභිධර්මෙ වුනත් කුසල් සිත් තියෙනව අකුසල් සිත් කියෙනව. ඒව නිසා හටගන්න කුසල් විපාක සිත් තියෙනව අකුසල් විපාක සිත් තියෙනව. ඒත් අහවල් කුසල් සිතින් මෙච්චර කාලෙකට පස්සෙ මේ විදිහට කුසල් විපාක සිතක් හටගන්නවා සහ හටගන්නවාමයි කියල කියන්නෙ නෑ. නියතිවාදය (determinism) තියෙන්නෙත් බටහිර චින්තනේ. උන් ලෝකය දකින්නෙම නියතිවාදී විදිහට. (දැන් නං ටිකක් ඒ ගතිය අඩුවෙනව. ඒත් පෙරදිග තිබුණ තරම් අනියතිවාදී බවක් තාම නෑ) කර්මය නියතිවාදීවවත් විශ්ලේෂණාත්මකවත් තේරුම් ගන්න එපා :no:
     
    මෙතන තියෙන්නේ බෞද්ධාගමික සංකල්පයක්... එතන බටහිර ගැති පෙරදිග ගැති කියල දෙයක් නෑ... ඒ හින්ද මම මේකට උත්තර බලාපොෙරොත්තු වෙන්නේ තර්ක ශාස්ත‍්‍රයෙන් නෙවෙයි බුද්ධාගමෙන්... බුද්ධාගමේ ප‍්‍රාණඝාතය අකුසල කර්මයක් වෙන්න හේතුවන කාරණා සියල්ල සම්පූර්ණ වුනාම තමයි ඒක ප‍්‍රාණඝාතයක් වෙන්නේ... මම අහන්නේ ඒ සියල්ල සම්පූර්ණයි කියන්න ප‍්‍රාණඝාත අකුසල කර්මය පූර්ණ වෙනවා කියන එක... ඒ හේතුවෙන් ඇති වන කර්මඵලය තැනින් තැනට පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවද...? බුද්ධ ඉගැන්වීම අනුව උත්තර දෙන්න....
     
    බුද්ධාගමේ කර්මයක් වෙන විදිහ විස්තර කෙරෙන්නෙ චිත්ත චෛතසික ගොඩකිං. බැලූ බැල්මට සිදුවීම කොච්චර සමානයි වගේ පෙනුනත් පොල්ලකිං ගහල සතෙක්ව තප්පරයක් ඇතුලත මරණව කියල ගත්තත් ඒ කාලය ඇතුලත සිත් හෙන විශාල සංඛ්‍යාවක් ඇතිවෙනව. ඒ සියල්ල සමාන වීම කපේකටවත් වෙයි කියල හිතන්න අමාරුයි.

    එහෙම වුනා කියල ගත්තත් විපාකය සමාන වෙනව කියන්න බෑ. අංගුලිමාල මිනීමැරුව. ඒත් ඒ සියල්ලට විඳෙව්වෙ නෑ. ඒ වුනාට හරකට පිදුරු දාල ගිණිතියල මරපු මිනිස්සු ඉපදි ඉපදි ආත්ම දහස් ගානක් ගිණිගොඩවල් වලට වැටිල මැරුණ කියල තියෙනව.

    පැහැදිලිවම විපාකය දෙන්න අදාල ප්‍රාණඝාතී ක්‍රියාවට අමතරව ඊට කලිං කරපු සියල්ලත් ඊට පස්සෙ කරන සියල්ලත් බලපානව. ඒ නිසා කොහොමටවත් විපාක සමාන වෙන්න විදිහක් නෑ :no:
     
    ඔයා කියන්නේ තමන් පෙර කල කුසල් අකුසල් කර්මය අනුව ප‍්‍රාණඝාත අකුසල කර්මයේ විපාකය අඩු වැඩි වෙනව කියලද...?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔයා කියන්නේ තමන් පෙර කල කුසල් අකුසල් කර්මය අනුව ප‍්‍රාණඝාත අකුසල කර්මයේ විපාකය අඩු වැඩි වෙනව කියලද...?

    ඔව් එහෙම බලපෑමක් තියෙනව.

    එක මනුස්සයෙක් එලුවෙක්ගෙ බෙල්ල කපල ආත්ම දහස් ගානක් බෙල්ල කැපිල මැරෙන්න වුනා කියල තියෙනව. එලුවගෙ බෙල්ල කපන්න ඇත්තෙ පිහියකිං වෙන්න ඇති. ඒත් ඒ මනුස්සය පස්සෙ ආත්ම වල ඒකෙ විපාකය වින්දෙ පිහියකිං බෙල්ල කැපිලම නෙමේ. සතෙක් වෙලා කකා ඉන්නකොට කන්දකට අකුණක් ගහල ගල් පතුරක් විසික් වෙලා ඒක බෙල්ල හරහා ගිහිනුත් මැරිල තියෙනව. තව වෙනස් ක්‍රම වලටත් මැරිල තියෙනව.

    කර්ම ඵලය දෙදෙනෙකුට තියා එක්කෙනෙකුටවත් එකම විදිහට ඵල දීමක් එතන වෙලා නෑනෙ. එකම කෙනාට වුනත් (මෙතනදි මමත් නෙමේ වෙන කෙනෙකුත් නෙමේ කෑල්ල පටලගන්න එපා. ඒක මේ සන්දර්භයට අදාල නෑ) ඉපදුන දිහාව අනුව, ඉපදිලා ඉන්න පරිසරේ අනුව එක වතාවක් කරගත්තු කර්මය වෙනස් විදිහට ඵල දීල.

    සමහර ආත්ම වල ක්ශණිකව අවම වේදනාවක් ඇතුව බෙල්ල කැපිල යන්න වෙන්න ඇති. තවත් සමහර ආත්ම වල බෙල්ල පොඩ්ඩ පොඩ්ඩ කැපිල පෙනහලු වල ලේ පිරිල හුස්ම ගන්නත් බැරුව දඟලල දඟලල සෑහෙන්න විඳවල මැරිල යන්නත් ඇති.

    සමහර විට ඵල නොදී අහෝසිම වෙලාත් යන අවස්ථාත් තියෙනව.
     
    ඔයාට උත්තර දෙන්න පුලුවන්වෙයි ආසන්න කර්ම, අහෝසි කර්ම, කටත්තා කර්ම වගේ දේවල් ගැන උනන්දු වුනොත්....
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔයාට උත්තර දෙන්න පුලුවන්වෙයි ආසන්න කර්ම, අහෝසි කර්ම, කටත්තා කර්ම වගේ දේවල් ගැන උනන්දු වුනොත්....

    ඉතිං ඒවගෙන් නේන්නං කියල තියෙන්නෙ.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඉතිං ඒවගෙන් නේන්නං කියල තියෙන්නෙ.

    හොඳින් උඩ කමෙන්ට්ස් බලන්න... ඊට පස්සේ කර්ම ඵල දීම ගැන කියවල බලන්න... .මම වාද කරන්නේ නෑ... ඔයාටම තේරෙවි...

    මට ඕන වුනේ නොදන්නා දෙයක් ගැන දන්නා කෙනෙන්ගෙන් අහන්න... විශේෂයෙන්ම බුද්ධ ඉගැන්වීමේ මා නොදන්නා කරුණු....:confused:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හොඳින් උඩ කමෙන්ට්ස් බලන්න... ඊට පස්සේ කර්ම ඵල දීම ගැන කියවල බලන්න... .මම වාද කරන්නේ නෑ... ඔයාටම තේරෙවි...

    මට ඕන වුනේ නොදන්නා දෙයක් ගැන දන්නා කෙනෙන්ගෙන් අහන්න... විශේෂයෙන්ම බුද්ධ ඉගැන්වීමේ මා නොදන්නා කරුණු....:confused:

    ඒවගෙ තියෙන්නෙ විපාක දෙන අවස්ථා සහ විපාක දෙන කාලය අනුව වර්ග කිරීමක්. සියලු කර්ම පල දෙන විදිහ පුරෝකථනය කරන්න විදිහක් බුදු දහමෙ නෑ
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඒවගෙ තියෙන්නෙ විපාක දෙන අවස්ථා සහ විපාක දෙන කාලය අනුව වර්ග කිරීමක්. සියලු කර්ම පල දෙන විදිහ පුරෝකථනය කරන්න විදිහක් බුදු දහමෙ නෑ

    පුරෝකථනයක් කිරීම පැත්තකින් තියමු... හැබැයි කර්මය විපාක දෙන ආකාරය ගැන පෙර උදාහරණ ඕන තරම් බුද්ධාගමේ පෙන්නල තියෙනවා.... අහවල් දේ කරපු නිසා තමයි මේ බවයේ මෙහෙම වුණේ... අහවල් දේ කරපු නිසා අර බවයේ එහෙම වුණේ කියල... ඒ හින්ද අපි කියන්න පුරුදු වෙලා තියෙනවා ඔය වැඬේ කරන්න එපා ඊළග ආත්මේ ඉපදෙන්න වෙන්න මෙහෙමයි කියල... ඒ වගේ සරල සිද්ධාන්තයක් ගැන නෙවෙයි මම ඇහුවේ.... මම මුල්ම ප‍්‍රශ්නේ ඇහුවේ තවත් ප‍්‍රශ්න කීපයක් එකතු කරගෙන.... ඒ කියන්නේ ඇත්තටම මට ඕන වුණේ දැනුවත් භාවයක් ලබා ගන්න... මම කැමති නම් ඔයාගෙන් ඒ ප‍්‍රශ්න ටික අහන්නං...
     
    විපාක දෙන ආකාරය ගැන කියල තියෙන්නෙ මනස දියුණු කල අය හරි, රහතන් වහන්සේල, බුදු හාමුදුරුවො වගේ අය දැකල මිසක් කර්මයේ තියෙන නියතිවාදී බවක් පදනම් කරගෙන නෙමේ. කර්මය ගැන බුදු දහමෙ තියෙන කරුණු ටික ඉගෙන ගන්න ඕනෙ පෘතග්ජන මනුශ්‍යයෙකුට පුලුවන්. ඒත් අහවල් වැඩේ කලා කියල අහවල් කාලෙ මෙහෙම්මම වෙයි කියල නිශ්චිතව කියන්න ක්‍රමයක් නෑ. එතම ක්‍රමේ මනස දියුණු කරල දැකීම.

    මිනිස්සු කියන දේවල් නං බුදු දහම පදනම් වෙලා හැදෙන සංස්කෘතිය නිසා හැදිල තියෙන මතනෙ.

    ඔක්කොම දන්නව කියල හිතන්නෑ. තව අය ඇතිනෙ. දාන්න දන්න විදිහට උත්තර දෙන්නං.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    විපාක දෙන ආකාරය ගැන කියල තියෙන්නෙ මනස දියුණු කල අය හරි, රහතන් වහන්සේල, බුදු හාමුදුරුවො වගේ අය දැකල මිසක් කර්මයේ තියෙන නියතිවාදී බවක් පදනම් කරගෙන නෙමේ. කර්මය ගැන බුදු දහමෙ තියෙන කරුණු ටික ඉගෙන ගන්න ඕනෙ පෘතග්ජන මනුශ්‍යයෙකුට පුලුවන්. ඒත් අහවල් වැඩේ කලා කියල අහවල් කාලෙ මෙහෙම්මම වෙයි කියල නිශ්චිතව කියන්න ක්‍රමයක් නෑ. එතම ක්‍රමේ මනස දියුණු කරල දැකීම.

    මිනිස්සු කියන දේවල් නං බුදු දහම පදනම් වෙලා හැදෙන සංස්කෘතිය නිසා හැදිල තියෙන මතනෙ.

    ඔක්කොම දන්නව කියල හිතන්නෑ. තව අය ඇතිනෙ. දාන්න දන්න විදිහට උත්තර දෙන්නං.

    හැම වෙලාවක බුදු දහම ඇසුරෙන්ම උත්තර දෙන්න... (කිසිම තරගයකට නෙවෙයි මම වගේම තවත් අයගේ දැනුවත් භාවයට)

    ඊළග භවය තීරණය කරන්න තනිකරම බලපාන්නේ තමන්ගේ කර්ම ශක්තිය ද...? නැත්තං ඊට පරිබාහිරව ඊළග භවය තීරණය කරන වෙනත් සාධක තියෙනවද...?

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හැම වෙලාවක බුදු දහම ඇසුරෙන්ම උත්තර දෙන්න... (කිසිම තරගයකට නෙවෙයි මම වගේම තවත් අයගේ දැනුවත් භාවයට)

    ඊළග භවය තීරණය කරන්න තනිකරම බලපාන්නේ තමන්ගේ කර්ම ශක්තිය ද...? නැත්තං ඊට පරිබාහිරව ඊළග භවය තීරණය කරන වෙනත් සාධක තියෙනවද...?

    ආනන්තරිය පාප කර්ම වගේ කරපු අවස්ථා වල නම් ස්ථිරව කිව්වෑකිනෙ කර්මය කියල.

    අනික් අවස්ථා වල නම් අවසානයට ඇතිවෙන චුති සිත බලපාන්නෙ. චුති සිත ගත්තත් චුති සිතත් එක්කො කුසල් සිතක් නැත්තං අකුසල් සිතක්. ඒ කියන්නෙ කර්මයක්නෙ. ඉතිං කර්මය තීරණය කරනව කියල කිව්වෑකි.