කර්ම අංකය 7 නම් :-
මෙවැන්නෝ පාලනය කරනු ලබන්නේ සඳු හා නැප්චුන් ග්‍රහයා විසිනි. මොවුන් ස්වාධීන පුද්ගලයින් වන අතර නිතර කල්පනා කිරීම සිදු කරයි. කදිම ශක්තිමත්ම මනසක් හා ප්‍රබල පෞරුෂයකින් යුතු මොවුන් සමාජයේ කැපී පෙනේ නමුත් නිතර තමන් පිළිබඳ අවතක්සේරුවෙන් සිතයි. එම කාලය ගැටලු රැසකින් පිරි එකකි. අධ්‍යාපනයද ඒ නිසාම කඩාකප්පල් වේ. ආදරය මූලික කරගෙන ජීවත් වේ. මුඛරිය නිතර වාද විවාදවල පැටලේ. හදවත කරුණාවන්ත මෙන්ම සංවේදීය. කවි ලිවීමට, ලේඛන කලාවට මෙන්ම ගුප්ත විද්‍යාවටද ප්‍රබල හැකියාවක් ඇත. ජීවිතයේ වයසට වඩා අත්දැකීම් ලබයි. එකාකාරී ජීවිතය අප්‍රිය කරන මොවුන් නිතර විවිධත්වයක් ඇතිව ජීවත් වීමට පෙළඹේ. සොබාව සෞන්දර්යට ඇලුම් කරන මොවුන් නිතර ගමන් බිමන් යෑමට ප්‍රිය කරයි. වයස අවුරුදු 34න් පසුව ජීවිතයේ ප්‍රබල දියුණුවක් ඇති කරයි. කෙසේ හෝ ධනවත් වේ. බොහෝ පරිත්‍යාගශීලී චරිතය. තමන්ගේ අනාගතය සම්බන්ධ නිතර සැතයෙන් හා බයෙන් පසුව සඳුදා හා ඉරිදා කර්ම අංක 7ට සුබ දවස් වේ.
ඇත්ත බන්.. අනාගතේ ගැන නම් දන්නේ නෑ.. දැනට නම් ඇත්ත තමයි..