කරෑට විශ්වාසභංගයක්..!!

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    කරෑට විශ්වාසභංගයක්..!!

    46362867_311030643066066_3086344914582110208_n.jpg
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මහී කියන විධියට සම්පූර්ණ වැරැද්ද කතානායකගේ

    ඇත්ත - මහින්ද හරි? ඇයි දන්නවද? මහින්ද කැන් නෙවර් බී රොන්ග්

    ඉතින් මහින්ද, ඔයා දැන් අගමැති. ඔයාගෙ ජනාධිපති විශ්වාසභංගයක් ගේන්නේ කොහොමද කියලා, ලස්සනට, පිලිවෙලට ක්‍රමවේදයක් ලියලා එවලා තියෙනවනෙ.

    ඒ ක්‍රමවේදට, කතානයක ගැන අපට විශ්වාසයක් නැත කියලා, විශ්වාස භංගයක් "සිරාගේ ක්‍රමයට" සභාගත කරලා, චන්දෙ හරියට තියන්නකෝ...

    තියලා ගණන් පුලුවන් එකෙකුට දීලා හරියට ගැනලා බලන්නකෝ... කීදෙනෙක් කතානයකට විශ්වාසය නෑ කියනවාද කියලා.....

    බය වෙන්ඩ එපා......ඔයාගේ යෝජනාව පැරදුනොත් පඹයා කියයි - පිලිවෙල වැරදියි, පිලිගන්න බෑ කියලා.

    :lol: :lol: :lol: :lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044

    ආ.....මැක්කෝ .....කොහොමද බන් ?

    මේ එක නෙමෙයි...ඔය ඔය පඹය කියල බනින්නේ ඕගොල්ලෝ 2015 පත් කරපු ජනපතිට නේද ?

    අබුද්දස්ස කාලේ
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,581
    28,509
    113
    කටහඬවල් අනුව ඡන්ද තීන්දු ගන්න පුළුවන් චමල්ට විතරද? :lol:

    තොරතුරු පනත 2011 ගෙන ආ වෙලාවේ කටහඬ අනුව ඡන්දය විමසුවා.

    2011 දී කතානායක ගරු චමල් රාජක්ෂ මැතිතුමා කටහඬ අනුව ඡන්දය විමසා ''තොරතුරු දැනගැනීමේ පනත් යෝජනාව පාර්ලිමේන්තුවේ දී පරාජය කළා. ඒ් යෝජනාව සභාවට ඉදිරිපත් කළේ වත්මන් කතානායක ගරු කරු ජයසූරිය මැතිතුමා.
    එදා හරි දේ අද වැරදියි කියන්නේ ජනතා පරමාධිපත්‍යයට පයින් ගසමින් නොවේ ද ?

    දිනය 2011 ජුනි 21 අඟහරුවාදා

    46334841-1559850417451312-6998910463102681088-n.jpg

    46441148-1559850404117980-6591310056598274048-n.jpg

    46458137-1559850427451311-4288465849385222144-n.jpg

    - https://www.facebook.com/wajiraabey/posts/1559850540784633

    කටහඬවල් අනුව ඡන්ද තීන්දු ගන්න පුළුවන් චමල්ට විතරද මහින්ද? ‌උදාහරණයක් ‌ මෙන්න..!

    පාර්ලිමේන්තුවේ හිටපු කතානායක චමල් රාජපක්ෂ මහත්මයා අද කිව්වා කතානායක කරු ජයසූරිය මහතාගේ වැඩපිළිවෙළ වැරදියි කියලා. ඒ කියන්නේ විශ්වාස භංගය සම්මත කර ගත් ආකාරය වැරදියි කියලා. මේ කියන්න යන්නේ චමල් රාජපක්ෂ මහත්මයා කතානායක වෙලා ඉඳිද්දි කටහඬවල් අනුව ඡන්දය විමසපු අවස්ථාවක් ගැන.

    ඒ 2011 ජුනි මස 21 වැනි දා අඟහරුවාදා. එවකට මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුව තිබුණේ. පාර්ලිමේන්තුවේ කතානායක ලෙස කටයුතු කළේ චමල් රාජපක්ෂ මහත්මයා.

    ‍තොරතුරු දැන ගැනීමේ පනත් කෙටුම්පත පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස එවකට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ එදා.

    ඊට පෙර එම යෝජනාව ඉදිරිපත් වූ අව්සථාවෙදි පක්ෂ නායක රැස්වීමේදී ආණ්ඩු පක්ෂයෙන් එය ඉදිරිපත් කරනවාට විරුද්ධ වෙලා තිබුණා. ආණ්ඩුවෙන් කියලා තිබුණේ එය ආණ්ඩුවෙන් ඉදිරිපත් කරන බවයි. කොහොම වුණත් ආණ්ඩුවෙන් එය ඉදිරිපත් නොකළ නිසා 2011 ජුනි මස 21 වැනි දා පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය එය ඉදිරිපත් කළා.

    ‘කතානායකතුමනි, පහත සඳහන් යෝජනාව මම ඉදිරිපත් කරනවා.‘ කියලා කරු ජයසූරිය මහත්මයා යෝජනාව ඉදිරිපත් කරන්න ගත්තම දිනේෂ් ගුණවර්ධන මහත්මයා නැගිටලා රීති ප්‍රශ්නයක් තිබෙන බව කිව්වා.

    දිනේෂ් ගුණවර්ධන මහත්මයාගේ විරෝධතාවය වුණේ පක්ෂ නායක රැස්වීමේදී එළැඹි එකඟතාවයන්ට පිටින් තොරතුරු දැනගැනීමේ පනත් කෙටුම්පත පිළිබඳ යෝජනාව කරු ජයසූරිය මහතා ඉදිරිපත් කරනවා කියලයි. දිනේෂ් ගුණවර්ධන මහත්මයා ඊට තදින්ම විැරුද්ධ වුණා.

    කොහොම වුණත් කතානායක චමල් රාජපක්ෂ මහත්මයා කිව්වේ මේක ඉදිරිපත් කළාට පස්සේ එහෙම නම් ඡන්දෙකට යමු කියලා. ආණ්ඩු පක්ෂයේ විරෝධතා හමුවේ යෝජනාව ඉදිරිපත් කරන්න කරු ජයසූරිය මහත්මයාට ඉඩ ලැබුණා.

    ‍යෝජනාව ඉදිරිපත් කළායින් පසු මේ පිළිබඳ පැහැදිලි කරමින් කතාවක් කරන්න කරු ජයසූරිය මහතා ඉල්ලුවත් කතානායක චමල් මහතා ඊට අවසර දුන්නේ නෑ. කතානායකවරයා කිව්වා මේ යේාජනාව කාට හරි ස්ථිර කරන්න කියලා. ඒ අනුව ස්ථිර කරන්න නැගී සිටියේ එවකට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහත්මයා.

    එම යෝජනාව ස්ථිර කරන්නට දෙනවාට ආණ්ඩු පක්ෂයෙන් දැඩි විරෝධයක් එල්ල වුණා.. රනිල් වික්‍රමසිංහ මහතා නැගිට යෝජනාව ගැන අදහස් දක්වද්දී කතානායකවරයා ඊට විරුද්ධ වුණා. අදහස් දැක්වීමකට ඉඩ ලබා දිය නොහැකි බවත්, යෝජනාව ස්ථිර කිරීම පමණක් කරන ලෙසත් කතානායකවරයා ප්‍රකාශ කළා. යෝජනාව ගැන විවාධයක් ලබා දිය නොහැකි බවත් කතානායකවරයා ප්‍රකාශ කළා. ඒ අනුව විරෝධතා මධ්‍යයේ රනිල් වික්‍රමසිංහ මහත්මයා එම යෝජනාව ස්ථිර කළා.

    ඉන් පසු නිමල් සිරිපාල ද සිල්වා මහතා නැගිට යෝජනාවට විරුද්ධ බව ප්‍රකාශ කළා. ඉන් පසු කතානායක චමල් රාජපක්ෂ මහත්මයා කිව්වා ආණ්ඩු පක්ෂය මෙයට විරුද්ධ නිසා කටහඬින් ඡන්දය විමසමු කියලා.

    විපක්ෂය (එජාපය) ඊට විරුද්ධ වෙද්දි කතානායකවරයා යළිත් කිව්වා වැඩි ශබ්දයට ජයග්‍රහණය ලැබෙන නිසා නිශ්ෂබ්ද වෙන්න කියලා.

    ඉන් පසු ‘කටහඬ‘ අනුව විරුද්ධ මන්ත්‍රීන්ට ජය බව කතානායක චමල් මහත්මයා ප්‍රකාශ කළා.

    නම අනුව ඡන්දය විමසිය යුතු බවට මන්ත්‍රීවරුන් කිහිප දෙනකු යේාජනා කරද්දී නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ කතානායකවරයා ඊට එරෙහි වුණා. ඉන් පසු අස්වර් මහතා නැගී සිට නමින් ඡන්දය තබන ලෙස ඉල්ලා සිටි අතර ඒ අනුව බෙදුම් සීනුව නාද කරමින් නමින් ඡන්දය පැවැත්වීමට කතානායක චමල් රාජපක්ෂ මහතා ඉඩ දුන්නා.

    ස්ථාවර නියෝග යටතේ අවසර දීමට
    පක්ෂව 32ක් සහ විරුද්ධව 99ක් ලැබුණා. මන්ත්‍රීවරුන් 93 දෙනෙක් සභාවට පැමිණ තිබුණේ නැහැ. ඒ අනුව යේාජනාව වැඩි ඡන්දයෙන් පරාජයට පත් වුණා.

    පක්ෂ නායක රැස්වීමේ එකඟතාවයන්ට පිටින් මෙම යෝජනාව ගෙන ඒම ගැන දිනේෂ් ගුණවර්ධන මහතා විරුද්ධ වුණත් කතානායක චමල් එදා ඊට අවසර දුන්නා. මෙවරත් යෝජනාව ගෙන ඒම ගැන පක්ෂ නායක රැස්වීමෙදි විරුද්ධ වුණත් කතානායක ඊට අවසර දුන්නා.

    එදා යෝජනාව සම්බන්ධයෙන් කතානායක චමල් ‘කටහඬවල්‘ අනුව ඡන්දය විමසලා ‘විරුද්ධයි‘ශබ්දය වැඩියි කියා ඒ පැත්තට තීන්දුව දුන්නා. මෙවර කතානායක කරු කටහඬ අනුව ඡන්දය විමසලා ‘පක්ෂයි‘ කියන පැත්තට ශබ්දය වැඩියි කියලා ඒ පැත්තට ජයග්‍රහණය දුන්නා.

    කතානායකගේ තීන්දුවත් සමගම එදා මන්ත්‍රී අස්වර් නැගිට නමින් ඡන්දයක් ඉල්ලා සිටියා. ඒ අනුව ‘‘ඔව්, අස්වර් මන්තීතුමා නමින් ඉල්ලා සිටිනවා. කැමැත්ත නමින් ගන්න.‘‘ යනුවෙන් කතානායක චමල් බෙදීම් සීනුව නාද කිරීමෙන් පසු නමින් ඡන්දය ගන්න අවසර දුන්නා. මෙවර කිසිම මන්ත්‍රීවරයෙන් නැගී සිට නමින් ඡන්දය ගන්න බෙදීමක් ඉල්ලා සිටියේ නෑ. වෙනස එයයි.

    - තරිඳු ජයවර්ධන විසිනි -

    - https://www.facebook.com/lankaenews/posts/2138021226263031
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,725
    3,051
    113
    මහී කියන විධියට සම්පූර්ණ වැරැද්ද කතානායකගේ

    ඇත්ත - මහින්ද හරි? ඇයි දන්නවද? මහින්ද කැන් නෙවර් බී රොන්ග්

    ඉතින් මහින්ද, ඔයා දැන් අගමැති. ඔයාගෙ ජනාධිපති විශ්වාසභංගයක් ගේන්නේ කොහොමද කියලා, ලස්සනට, පිලිවෙලට ක්‍රමවේදයක් ලියලා එවලා තියෙනවනෙ.

    ඒ ක්‍රමවේදට, කතානයක ගැන අපට විශ්වාසයක් නැත කියලා, විශ්වාස භංගයක් "සිරාගේ ක්‍රමයට" සභාගත කරලා, චන්දෙ හරියට තියන්නකෝ...

    තියලා ගණන් පුලුවන් එකෙකුට දීලා හරියට ගැනලා බලන්නකෝ... කීදෙනෙක් කතානයකට විශ්වාසය නෑ කියනවාද කියලා.....

    බය වෙන්ඩ එපා......ඔයාගේ යෝජනාව පැරදුනොත් පඹයා කියයි - පිලිවෙල වැරදියි, පිලිගන්න බෑ කියලා.

    :lol: :lol: :lol: :lol:
    ela
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කටහඬවල් අනුව ඡන්ද තීන්දු ගන්න පුළුවන් චමල්ට විතරද? :lol:

    තොරතුරු පනත 2011 ගෙන ආ වෙලාවේ කටහඬ අනුව ඡන්දය විමසුවා.

    2011 දී කතානායක ගරු චමල් රාජක්ෂ මැතිතුමා කටහඬ අනුව ඡන්දය විමසා ''තොරතුරු දැනගැනීමේ පනත් යෝජනාව පාර්ලිමේන්තුවේ දී පරාජය කළා. ඒ් යෝජනාව සභාවට ඉදිරිපත් කළේ වත්මන් කතානායක ගරු කරු ජයසූරිය මැතිතුමා.
    -[/url]

    කුරුඳුවත්තේ Esmond ගේ බාරියවගේ පුතාට පොඩිකාලේ මහ බැංකුවේ සික්කෙක් ටොක්කක් ඇන්න......

    ඌ ලොකු උනාම එක මතක තියන් ඉඳල.....දුන්න වැඩක් ....... කට්ටි ය තාම හොම්බෙන් යනවා
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Ranil ge padeta natanne meya ranil ge kauurth nemei, merate Katha nayakaya, meken katath kauruth hariata therenne nehe Prajathanthravadaya kianne mokkada kiala, eeye parilament eke una widiha hena kethay, ka gaha, apachara widihata thamai minissu eeye hitiye, katha nayakaya illuwe MP's lagena chandayak unata, eken anik paksha patheen ekaga une nehe, mekata waga kiwayuththe President, MR wa nosudusu lesin path kalata, thawa mathiwaranayata tiyenne avruddaka kalayak, ethek wenakan Mahindatawath anik ayatawath sanasillen inna denne nedda, meken eka eka kada yanawa MR ta Ranil Ta, hebei Democracy eka naga situwanna kauruth nehe, mekai Ape lankikayan pahath mattame inne.