තම නිවස ඉදිරිපිට සවිකළ නීති විරෝධී කටවුට් එකක් පිළිබද විරෝධය පළ කළ, දිවුලපිටිය කුඩගම්මන ප්‍රදේශයේ තුසිත වීරසිංහගේ නිවසට පැමිණි පිරිසක් අද (3) අළුයම 2.30 ට පමණ එල්ල කළ ප්‍රහාරයකින් දෙදෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර ඇත.ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් පසු වාර්තා වු 9 වන මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියාව මෙයයි.
පසුගිය නොවැම්බර් 29 දින තම නිවස ඉදිරිපිට කටවුට් එකක් සවි කිරීමට තුසිත වීරසිංහ විරෝධය පළ කොට ඇත.ඔහුට දිවුලපිටිය ප්‍රාදේශිය සභාවේ සභාපති ඉන්දික අනුරුද්ධ, නිමල් කරුණාතිලක සහ අසංක යන ප්‍රා.ස.මන්ත්‍රීවරුන් ඇතුළු 15 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පැමිණ තර්ජනය කොට ඇත.එම අවස්ථාවේ දී වීරසිංහ නිවසින් එළියට පැමිණ නොමැත. එම අවස්ථාවේ තම නිවසට පැමිණෙමින් සිටි ඔහුගේ ඥාති සහෝදරයින් දෙදෙනෙකුට මෙම පිරිස පහර දී ඇති බව වීරසිංහ පවසයි.
වීරසිංහ පවසන්නේ "පසුගිය සෙනසුරාද දහවල් මාගේ නිවස අසලට පැමිණි පිරිසක් ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කටවුට් එකක් මගේ මිදුලේ සවිකිරීමට උත්සහ කළා. මම එයට දැඩිව විරුද්ධ වුණා. කරුණාකර මෙතන කටවුට් ගහන්න එපා කියා පැවසුවා. එයින් පසුව එම පිරිස ඒ අසල ඇති ලයිට් කණුවක කටවුට් එක එල්ලා පිටව ගියා. ඉන් පසුව දිවුලපිටිය ප්‍රාදේශිය සභාවේ සභාපති ඉන්දික අනුරුද්ධ ඇතුළ පිරිස තමන් සමඟ ගනුදෙනුවක් බේරා ගැනීමට ඇති බව පවසා කෑගැසුවා. තමන්ට නිවසින් එළියට දෙන ලෙස පැවසුවා. "යකෝ මේක අපේ ආණ්ඩුව අපිට ඕන තැනක කටවුට් ගහන්න පුළුවන්. ඒකට කාගෙන්වත් අවසර ඕනේ නෑ" ආදී වශයෙන් කෑ ගසමින් අසභ්‍ය වචන පැවසුවා.
තමන් බිය වී නිවසේම සිටි බවත් නිවසින් එළියට පැමිණි තම සහෝදරයින් දෙදෙනාට පිරිස පහර දුන් බව ඔහු පවසයි. පහර කෑමට ලක් වූ පුද්ගලයින් දිවුලපිටිය රෝහලට ඇතුළත් කර පසුව ඔවුන්ගේ ආරක්ෂාව සදහා සඳහා මේ වන විට දඹදෙණිය රෝහලට ඇතුළත් කර ඇත.
- See more at:
http://lankanewsalert.com/?p=25662#sthash.ML9vFtMJ.dpuf