කලකට පසු දෛනික ආසාදිතයන් 1000ට අඩුවෙයි…

Captain Hadock

Junior member
  • Jun 2, 2021
    16
    30
    13
    ස්ට්‍රයික් එක නිසා PCR කලේ නෑ... දැන් ලෙඩ්ඩු අඩුයි ලූ. අපි තමා හොඳටම කලේ
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    මේ වන විට ලංකාවට ලැබී ඇති කොවිඩ් එන්නත් ප්‍රමාණය 6,494,000ක් (හැටහතර ලක්ෂ අනූහතර දාහක්) ඉන් 4,186,533 (හතලිස් එක් ලක්ෂ අසූහය දහස් පන්සීය තිස්තුනක්) කට පෙරේදා වනවිට එන්නත් ලබා දීලා තිබෙනවා.

    🎯 ඇස්ට්‍රෙිසෙනෙකා පළමු මාත්‍රව 925,242ට සහ දෙවන මාත්‍රාව 384,047ට ලබා දී තිබෙනවා.

    🎯 සයිනොෆාම් පළමු මාත්‍රාව 1,911,208ට සහ දෙවන මාත්‍රාව 836,814ට ලබා දී තිබෙනවා.

    🎯 ස්පුට්නික් V පළමු මාත්‍රාව 114,795ට සහ දෙවන මාත්‍රාව 14,427ට ලබා දී තිබෙනවා.

    🎯 දැනට එන්නත් එක් මාත්‍රාවක් හෝ ලබාගත් පුද්ගලයින් ගණන 2,951,245ක්.

    🎯 දැනට එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති පුද්ගලයින් ගණන 1,235,288ක්.

    🎯 දැනට එන්නත්කරණ වැඩසහන වෙනුවෙන් රජය සතු එන්නත් ප්‍රමාණය ලක්ෂ 22ක්.

    මීට අමතරව තවත් සයිනො‌ෆාම් එන්නත් ලක්ෂ 10ක් ඊයේ දිනයේ ලැබුනු අතර ඒ් වගේම තවත් සයිනොෆාම් එන්නත් ලක්ෂ 20ක් සහ ෆයිසර් එන්නත් ලක්ෂ 2ක් මෙම මාසය තුළ ලැබීමට නියමිතයි. ෆයිසර් එන්නත් ‌තොගයෙන් පළමු 26,000ක තොගය අද දිනයේදි අපේ රටට ලැබීමට නියමිතයි. විශේෂිතම කාරණය වන්නේ දකුණු ආසියාතික කලාපයේ ෆයිසර් එන්නත ලැබෙන පලමු රට ශ්‍රී ලංකාව වීමයි.

    සර් ෆේල්ද උට්ටො

    කවද්ද පොන්නයෝ බංගලාදේශේ දකුණු ආසියාවෙන් අයින් කරේ?

    https://www.aa.com.tr/en/asia-pacific/bangladesh-starts-administering-pfizer-jabs/2290815

    පොන්න බයියා බම්ප්
     
    • Like
    Reactions: tharinduncc

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    ගොඩක් විට ආයිත් ලොක් ඩවුන් නොකර වැක්සින් වැඩේ විතරක් කරගෙන යයි....පොසිටිව් වෙන අයගෙන් අනික් අයට බෝවෙන එක අඩු වෙයි...pcr ගාන අඩුකරල ලෙඩ්ඩු ගාන අඩුයි කියන එක නම් මහ මෝඩ කතාවක්.....
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    නැවත සංචරණ සීමා පනවන්න වන බව දන්වයි…

    July 12, 2021 at 2:10 pm | lanka C news
    නැවත සංචරණ සීමා පනවන්න වන බව දන්වයි…

    ජනතාව නිසි පරිදි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු නොකළහොත් නැවතත් සංචාරණ සීමා පැනවීමට සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරයි.

    නව සෞඛ්‍ය මාර්ගෝපදේශය යටතේ සංචරණ සීමා ලිහිල් කරන ලද්දේ කොරෝනා ආසාදිතයන් අඩුවක් නිසා නොවන බවද ඒ මහතා පැවසීය.

    නව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සංචාරන සීමා ලිහිල් කරන ලද්දේ රටේ පවතින ආර්ථික තත්ත්වය සහ දෛනික ජන ජීවිතය අඩාල වීම පිළිබඳව වැඩි සැලකිල්ලකට ගනිමින් බවද ඒ මහතා පවසයි.

    ජනතාව පවතින තත්ත්වය පිළිබඳව ප්‍රවේශමෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවද ඔහු කියා සිටියේය.

    සංචාර සීමා ලිහිල් වූවද ජනතාව සෑම විටම සෞඛ්‍ය නීති රීති අනුව ම කටයුතු කිරීම ඉතා වැදගත් වේ ද ඔහු තවදුරටත් කීය.
     
    • Haha
    Reactions: RLT4U