කලගුණ_සැලකීම

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,501
    16,259
    113
    dafjg.jpg


    ඉන්දියාවේ 15 වැනි අග‍්‍රාමාත්‍යවරයා ලෙස නරේන්ද්‍ර දමොදාර්දාස් මෝදි පසුගිය 26 වැනිදා දිවුරුම් දුන්නේය.මේ සුවිශේෂී මොහොතට ආරාධිතයන් 4000කට ආසන්න සංඛ්‍යාවක් පැමිණ සිටියහ.

    ඒ අතර ශ‍්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ,පාකිස්තානු අගමැති නවාස් ෂෙරිෆ්,ඇෆ්ගනිස්තානු ජනපති හමීඞ් කයිසාර් ඇතුළු සාක් කලාපීය රටවල රාජ්‍ය නායකයන් විය.මීට අමතරව ඉන්දියාවේ ප‍්‍රකට ව්‍යාපාරිකයන්,නළු නිළියන් ඇතුළු සම්භාවනීය පිරිසක් මෝදිගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වූහ.එරට මාධ්‍ය වාර්තා කළ ආකාරයට ලතා මංගේස්කාර්,රජිනි කාන්ත්,අමිතාබ් බච්චන් වැනි ජනප‍්‍රිය චරිතද අනිල් අම්හානි,සුනිල් මිට්ටාල්,පවන් මංජල් වැනි ව්‍යාපාරික ප‍්‍රබලයන්ද මේ සදහා ආරාධනා ලැබ සිටියහ.

    මේ සියලූ දෙනාම සමාජයේ කැපී පෙනෙන හා ප‍්‍රබල චරිත නිසාම දිවුරුම් දීමේ අවස්ථාවට සහභාගී වන්නට සුදුසුකම් ලැබූවන්ය.මෙවැනි කිසිදු සුදුසුකමක් නොතිබූ එහෙත් අති විශේෂ වූ ආරාධිතයෙකු මේ අතර විය.ඔහු නරේන්ද්‍ර මෝදි පෞද්ගලිකවම ආරාධනා කර එම අවස්ථාවට ගෙන්වා ගත් පුද්ගලයෙකි.එහෙත් එතැනට පැමිණ සිටි කිසිදු ආරාධිතයෙකුට නැති විශේෂ සුදුසුකමක් ඔහුට තිබුණේය.ඒ ඔහු තේ කඩයක හිමිකරුවෙකු වීමය.

    මේ අප‍්‍රභ‍්‍රංස කතාව කුමක්දැයි ඔබට සිතෙනවා නොඅනුමානය.එහෙත් පුදුම වන්නට හෝ මවිතයට පත්වන්නට හේතුවක් නැත.ගුජරාට් ප‍්‍රාන්තයේ චදෝදාරා නගරයේ තේ වෙළෙන්දෙකු වන කිරාන් මහීදා,නරේන්ද්‍ර මෝදිගේ දිවුරුම් දීමේ උත්සවයේ සිටිය යුතුම අමුත්තාය.

    අද මෝදි ඉන්දියාවේ අගමැති වුවද ඔහුගේ ජීවිතය ආරම්භ වූයේ තේ හදන කොලූවෙකුගේ රැකියාවෙනි.මෝදි බස් නැවතුම්පොළක තේ කඩයක් පවත්වාගෙන යද්දී ඒ තේ කඩයේ මෝදි සමග තේ හැදුවේ මේ කියන කිරාන් මහීදාය.මෝදි ලෝක් සභාවට තරග කරන බවට වූ නාමයෝජනාව භාරදුන් පස්දෙනාගෙන් යුත් කණ්ඩායමේද කිරාන් සාමාජිකයෙකි.නැතිදා අතදුන් මිතුරා තම දිවුරුම් දීමේ උත්සවයට කැන්දා ගන්නට මෝදි ගත් තීරණයේ වරදක් නැති සේම කිරාන් එහි සුවිශේෂි අමුත්තා වීමේ විශේෂයක්ද නොතිබිය යුතුය.

    එහෙත් තම පැරණි මිතුරාගෙන් ආරාධනය ලැබුණු විට කිරාන් බොහෝ සේ සතුටට පත් වූයේය.

    ‘මේක මං වගේ අහිංසක තේ වෙළෙන්දෙක්ට කළ ලොකුම ගෞරවයක්,මෝදිගේ නාම යෝජනාව භාර දුන්නාට පස්සේ මාව මුණගැහෙන එක නවත්තපු මිනිස්සු හිටියා.මාව හමුවෙන්න නගරයට එන අමුත්තන් වළක්කපු මිනිස්සු හිටියා.එහෙම පසුබිමක මට ලැබුණු මේ ආරාධනය රටක් වටිනවා.මීට වඩා මට මොනවද අවශ්‍ය?මෝදි මා වෙනුවෙන් කළ දේ ගැන මම ආඩම්බර වෙනවා….’

    මෝදිගේ ආරාධනා පත‍්‍රය ලැබීමෙන් පසු කිරාන් මහීදා මාධ්‍යට පැවසුවේ සිය කලණ මිතුරා ගැන සැබෑවූ ළෙන්ගතුකමකිනි.

    කිරාන් මහීදා සමග අපේක්ෂකත්වය සදහා මෝදීගේ නව යෝජනා කළ ඉතිරි සිව් දෙනාටද දිවුරුම් දීමේ උළෙලෙට ආරාධනා ලැබී තිබුණේය.

    කෙසේ වුවද මෝදි නව අගමැතිවරයා ලෙස පත් වෙද්දී බොහෝ දෙනා ඔහු ගැන විවිධ මතවාද පළ කළහ.හේතුවක් නොමැතිව ඔහු කිසිවෙකුටත් තේ කෝප්පයක් හෝ නොදෙන්නේය යැයි ඔහුගේම සොහොයුරා සදහන් කළේය.එහෙත් නිල වශයෙන් ඉන්දීය අගමැතිවරයා ලෙස දිවුරුම් දෙද්දීම මෝදි තමා කවුරු දැයි ලොවට ඉගි කර ඇත.තමා මුල අමතක නැති මිනිසෙක්කැයි හේ ක‍්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්වූයේය.

    Rivira






    ඒකට ලංකාවේ උන්.:rofl:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඒකට මහින්දයා බලපන්. අන්න අනික් මැති ඇමති වරු එක්ක පෝලිමේ පැයක් විතර හිටගෙන ඉඳලා මොඩියට අතට අත දීලා සුභ පතලා තියෙන්නේ. :lol::lol: