මම මේ ත්රෙඅඩ් එකට දාපු කොමෙන්ට් කියවල බැලුව. කට්ටියගේ ප්‍රතිචාර නම් ඉතාම ඉහලයි.
ඇත්තටම මේක මගේ අදහසක් නෙමෙයි, එක මම කියන්න ඕනේ. මම මේක සිංහලය කියන වෙබ් අඩවියේ දැකල මේක ගැන අපේ එළකිරි කට්ටිය මොකද කියන්නේ කියල දන ගන්න තමා දැම්මේ.
මොකද මෙම ලිපියේ සදහන් පරිදි මම හිතන්නේ මේ සිදුවීම් ලොකු ,ප්‍රදාන පාසල් වල පමණක් සිදුවෙන දෙයක් කියල. මේක ඕනෑම තැනක් සිදුවිය හැකි දෙයක්.
මට ඇත්තටම පෙන්නා දීමට අවශ්‍ය උනේ අපේ කම අමතක කර, කිසිම අර්ථයක් නොමැති අමුතුම සංස්කෘතියක් ඇති කිරීමට වෙර දරන සුළු පිරිසකගේ ක්‍රියාකලාප හෙලා දැකීමයි.
ඉංග්‍රීසි ඉගෙන ගැනීම, කතාකිරීම හා නවීන ලෝකයත් සමග සම්බන්ද වීම රටක් වශයෙන් ඉදිරියට යනවිට අවශ්‍ය දේවල්. මේ හැම දෙයක් කරන විටම අපි අපේකම, සංස්කෘතිය රැකගෙන මේ සියල්ල සිදුකල හැකිනම් අපිට අපි ගැන ආඩම්බර විය හැකි වේවි.
ඉතින් කට්ටියටම ගොඩක් ඉස්තුතියි ඔයාලගේ අදහස් ප්‍රකාස කලාට.
මචන් උබ මේ thread අදහස් කරේ අපේකම සංකෘතිය ආරක්ෂා කරන්නනම් උබත් මේ ලිපිය ලිව්ව එකා වගේම මානසික ලෙඩෙක්
මේ රටේ නිදහස තියෙනවා රටේ නීති රාමුව ඇතුලේ තමන්ට කැමැති දෙයක් කරන්න,පුහු සංකෘතිය හෝ අපේකම පාවිච්චි කරලා යමෙකුගේ නිදහසට සාප කරලා ඒ නිදහස වලක්වන්න හදන්න එපා මචන්
මේ රටේ ඕනෑම අයෙකුට තමන් කැමති කැමක් තමන් කැමති තැනකින් අනුබව කරන්න අයිතිය තියෙනවා KFC, McDonald's ,Bavaria (ජමනු අවන්හලක්)මේ තැන්වලින් අනුබව කරයි කියලා අපිට තියෙනවයි කියන සංකෘතියට වෙන හානිය මොකක්ද ?
යමෙකු කැමති සංගීතයට Rock,hiphop n RnB or country සවන් දුන්නයි කියල ඔය තියෙනවයි කියන අපේ කමට වෙන හානිය මොකක්ද ?
යමෙකු කැමතිනම් කලිසම ඉනෙන් පහලට හෝ කොටට අන්දැයි කියා තියෙනවයි කියන සංකෘතියට හා අපේකම කෙලවෙලා යනවද ?
යමෙකු නයිට් ක්ලබ් හෝ බීච් පටි වලට ගියයි කියා තවෙකුට ප්‍රශ්නයක් වෙන්න බැ මිනිහෙක්ගේ සතුටට බදාකරන්නේ ඉරිසියාවට