විදේශ නිරීක්‍ෂණයන්ට ඉඩදිය යුතුයි
ඇමැතිවරයකු ලෙස මංගල කතාව කරමින්
සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවේදී කියයි
අජිත් අලහකෝන් - කුෂාන් සුබසිංහ
හමුදාවේ ගෞරවය රැකගැනීම සඳහා විනිවිදභාවයකින් යුක්‌තව පවත්වන පරීක්‍ෂණයකට විදේශීය නිරීක්‍ෂකයන්ට සහ උපදේශකයන්ට ඉඩ දිය යුතු බව ප්‍රාදේශීය සංවර්ධන ඇමැති µSල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ඊයේ (10 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.=මන්ත්‍රීවරයකු ලෙස සහ ඇමැතිවරයකු ලෙස දිවුරුම් දුන් පසු මංගල කතාව ඉදිරිපත් කරමින් සරත් ෆොන්සේකා මහතා මෙසේද කීය.
යුද්ධය මෙහෙයවූ හමුදාපතිවරයා ලෙස මම කියනවා අනිවාර්යයෙන්ම පරීක්‍ෂණයක් කළ යුතුයි කියා. ඒ ගැන බිය විය යුතු නෑ. මම යුද්ධය මෙහෙය වූයේ ජිනීවා සම්මුතීන්ට අනුව. ඒවා කඩකළ එක්‌කෙනෙක් දෙන්නෙක් ඉන්නවා නම් දඬුවම් ලබාදිය යුතුයි. යුද්ධය අවසාන සතියේ අත්‍යවශය කරුණකට මම විදේශගත වුණා. ඒ වෙද්දි යුද්ධය මෙහෙයවන්න ජෙනරාල්ලාට බ්‍රිගේඩියර්ලාට වැඩක් තිබුණේ නෑ. කෝප්‍රල්ලා, සාජන්ලා ගහගෙන ඉදිරියට ගියා. පාලකයා කිව්වා ඒ අය යුද්ධය මෙහෙයුවා කියලා. ඒ සතියේ කළ නින්දිත වැඩ නිසා තමයි අදටත් සුදු කොඩි ප්‍රශ්නෙ වගේ ප්‍රශ්න ඇති වුණේ. පිරිසිදුව කළ යුද්ධයට පාලකයෝ අතගහලා නරක නාමයක් ඇතිකර ගත්තා. සුදු කොඩි පරීක්‍ෂණය අනිවාර්යයෙන්ම කළ යුතුයි. උතුරු නැගෙනහිර, රටේ ජනතාවට ඒ ගැන කියන්න ඕනෑ.