කල්ප 91කට බුදුවරැ 7නමයි පහලවුනේ නොපමාව කුසල් වඩන්න

chinthaka156

Well-known member
  • Jun 26, 2008
    3,744
    4,834
    113
    එලකිරි හන්දිය
    ඒක හොඳයි. නැත්නම් ඩිමාන්ඩ් බහිනවා.
    ගොඩක් පහල උනොත් මෙහේ හාමුදුරුවරු වගේ ගහක් ගලක් ගානේ පන්සල් අටවගෙන ඉඳියි.
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    බුදුන්ට අපහාස කරල ආර්ය උපාවාදය කර ගනන් එපා
    ඒක හොඳයි. නැත්නම් ඩිමාන්ඩ් බහිනවා.
    ගොඩක් පහල උනොත් මෙහේ හාමුදුරුවරු වගේ ගහක් ගලක් ගානේ පන්සල් අටවගෙන ඉඳියි.
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    "ආර්ය උපවාදය"
    ආර්ය උපවාදය කියන්නේ, ආර්යන් වහන්සේ නමකට නින්දා කිරීම, ද්වේශ කිරීම වැනි සිත් උපදවා ගැනීමයි. එහි විපාකයනම්, තමා ගේ නිවන් මග වැසිමය, තමන් යම් දිනක නිවන් මග යාමට තීරණය කල විට, ආර්ය උපවාදයේ විපාක වශයෙන්, විවිද භාදා පැමිණිය හැක.
    වෙනත් පුද්ගලයෙක් රහත් ද, නැතිනම් මාර්ග ඵලයක් ලභා ඇත්ද යන්න පෘතක්ජන පුත්ගලයෙකුට තීරණය කර නොහැකිය. එය තවත් ආර්යන් වහන්සේ කෙනෙකු හට සාකච්චා කර මග සලකුණු විමසා තීරණය කර හැකි දෙයකි.
    එහෙමනං කොහොමද අපි ආර්ය උපවාදයෙන් ගැලවෙන්නේ. ගැලවිය හැකි එකම ක්‍රමය, කිසිවෙකුට නින්දා අපහස නොකර, ද්වේශ සිත් උපදවා නොගනිමින් සිටීමය. කව්රුන් හෝ ආර්ය භාවයට පත්වූ බව ප්‍රකාශ කළහොත්, එය ඔබ විස්වාස කරන්නේනම්, ඒ පුද්ගලයගෙන් උපදේශ ලබාගත හැක. එහෙත් විස්වාස නොකොරයි නම්, කරන්න තියෙන හොඳම දේ තමා, එය අභියෝගයට ලක් නොකර සිටීමය. මොකද ඒ පුද්ගලයා ඇත්තටම ආර්ය භාවයට පත් වී නම්, ඔබ ආර්ය උපවාද පාපය කරගෙන, තමාගේ නිවන් මග දීර්ග කාලයකට වසා ගන්න බැවිනි.
    මේ ධර්මයේ සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ අඹ වලට උපමා කරලා ‘අමුයි, අමුයි වගේ’ පෙනෙන අඹ තියෙනවා, ‘ඉදිලා නමුත් අමුයි වගේ’ පෙනෙන අඹ තියෙනවා. ‘අමුයි, ඉදිලා වගේ’ පෙනෙන අඹ තියෙනවා ‘ඉදිලා, ඉදිලා’ වගේ පෙනෙන අඹ තියෙනවා. ඉතින් ඒ වගේ ධර්මතා හතරක් පෙන්වනවා.
    ‘අමුයි අමුයි වගේ’ කියලා කියන්නේ චතුරාර්ය සත්‍යය අවබෝධ නැහැ. චතුරාර්ය සත්‍ය අවබෝධ නැති කෙනෙකුගේ විදියටම හිත, කය, වචනය අසංවරව කටයුතු කරන කෙනා ‘අමුයි, අමුයි වගේ’ ම පෙනෙනවා.
    ‘අමුයි, ඉදිලා වගේ’ පෙනෙන ගෙඩියක් වගෙයි කියනවා චතුරාර්ය සත්‍යය අවබෝධ වෙලා නැහැ, නමුත් ඉරියව් එහෙම බොහෝම ප‍්‍රසන්නයි. බොහෝම තැන්පත්. අඳින පළඳින කටයුතු, ආහාර පාන ගන්න වෙලාවන්, මේ ඉරියව් හැම දෙයක්ම හිතන, කියන, කරන දේවල් හුඟක් සංවරයි. නමුත් එයාට දුක්ඛ, සමුදය, නිරොධ, මාර්ග කියන චතුරාර්ය සත්‍යය අවබෝධ වෙලා නැහැ. ‘අමුයි, ඉදිලා වගේ’.
    ඊට පස්සේ තව අඹ වර්ගයක් තියෙනවා ‘ඉදිලා, අමුයි වගේ’ – දුක්ඛ, සමුදය, නිරොධ, මාර්ග කියන චතුරාර්ය සත්‍යය හොඳට අවබෝධයි, හොඳ දැනුමක් තියෙනවා. නමුත් එයාගේ බාහිරෙන් බැලූවහම සංවර බවක් පෙනෙන්නේ නැහැ. ඉරියව්වල සංසිඳුන බවක් පෙනෙන්නේ නැහැ. රළුයි, පරුෂයි වගේ. ඉතින් මෙන්න මෙතැන තමයි ටිකක් භයානක තැන. අපි හැම කෙනෙක්ම බාහිරව කෙනෙක්ගේ කායික කි‍්‍රයාවේ රළුකම දැකලා, එහෙම නැත්නම් කථාකරන වචනවල අැදපලූදු බලලා, නැත්නම් ජීවිතයේ මොනවා හරි හැසිරීමක් බලලා මෙයාට නම් කොහෙද දහමක් තියෙන්නේ කියන කාරණාව සමහර විට අපිට හිතෙනවා. එහෙම හිතුණත්, හිතුණු පමණකින්ම ආර්ය උපවාදය වෙනවා. නමුත් එතැන ‘අමුයි වගේ පෙනුණාට ඉදිලා’. ඒ වගේ හොඳට චතුරාර්ය සත්‍යය ධර්මය දන්නවා නමුත් ඉන්ද්‍රිය සංවරයක් නැහැ. එහෙම චරිතත් ලෝකේ තියෙනවා.
    ‘ඉදිලා, ඉදිලා වගේ’ චතුරාර්ය සත්‍යයත් අවබෝධයයි. ඉන්ද්‍රිය සංවරයත් බොහෝම ප‍්‍රසන්නයි කියලා පුද්ගලයෝ හතර දෙනෙක් ඉන්නවා ලෝකයේ. ඉතින් මෙතැනදී ‘ඉදිලා අමුයි වගේ’ කියන පුද්ගලයොත් ඉන්න නිසා අපි උඩින් බලලා සමහර විට සසරේදී හරි ආර්ය උපවාදය වෙන්නට පුළුවන්, කරන්නට පුළුවන්.


    ------ Post added on Jul 3, 2023 at 7:46 AM

    මොකද වෙන්නේ ඉතින් එහෙම අපහස කරාම ?

    ------ Post added on Jul 3, 2023 at 7:46 AM