කලා වැවට ඉහලින් තිබුණේ දඬුමොණරය ද?
මීට කලින් පොළොන්නරුව ගල් විහාරයේ රාත්රි කාලයේ ඡායාරූප වගයක් දැක්කා මතකද මචං ලා?
ඒවා අරන් තිබුණේ කැළණිය ඡායාරූප කලා සංගමයේ සභාපතිවරයා වන කීර්ති අමරසේකර කියන මහත්මයා.
එතුමා කලා වැව ආසන්නයේ සැරිසරන වන අලින්ගේ ජයාරූපගත කරන්න 6 වෙනිදා ගියාට පස්සෙ ගත්තු ඡායාරූපයක් ගැන පොඩි කතාවක් ගොඩනැගිලා තියෙනවා..
මේ තියෙන්නෙ gossip9 එකේ ලියැවිලා තිබුණු විදිය -
"පසුගිය 06 වනදා කලා වැව ආසන්නයේ සැරිසරන වන අලින්ගේ ජයාරූප ගැනීමට ගිය ප්රවීන ජයාරූප ශිල්පී කිර්ති අමරසේකර මහතාගේ ගේ කැමරාවේ සටහන් වූ අපැහැදිලි වස්තුවක් පිලිබඳ ආන්දෝලනාත්මක කථිකාවක් ගොඩ නැගී ඇත.
එම ජයාරූපයේ ප්රශ්නකොට තිබුනේ එය රාවණාගේ "දඬුමොණර" යන්ත්රය විය නොහැකිද යන්නයි.
මෙම ජායාරූපය ගෙන තිබෙන්නේ අප මෙයට පෙර ඉදිරිපත් කරන ලද ගල් විහාරයේ සැතපෙන පිළිමයේ රාත්රී කාලයේ ජායාරූප ලබාගත් කිර්ති අමරසේකර මහතා විසිනි.
ඔහු කැලණිය ඡායාරූප කලා සංගමයේ සභාපතිවරයා ලෙසද කටයුතු කරනු ලබනවා.
මේ පිලිබඳ වැඩි විස්තර දැනගැනීම සඳහා අප ජයාරුප ශිල්පී කිර්ති අමරසේකරමහතා ඇමතුවා.
එහිදී ඔහු අප වෙත සහතික වුයේ මෙය ඔහු විසින් ගත ජායාරුපයක් බවත් තමා කලාවැව ආසන්නයේදී මෙය නිකොන් D90 වර්ගයේ කැමරාවකින් ජායරුපගතකොට ඇති බවත්ය.
ජායාරූප ගත්පසු ඒවා විශාල කර බැලීමේදී මිතුරෙකු තමාට මෙය පෙන්වූ බවත් මෙම ජායාරූපය පිලිබඳ පැහැදිලි අර්ථකතනයක් ලබාදීමට තවම හැකියාවක් නොලැබුන බවද අප වෙත සඳහන් කර සිටියා.
තවද මෙම ජායාරූපය "රාවණා" පුවත පලකරන ලේඛකයන් හටත් මොරටුව සරසවියේ සිසුන් පිරිසක් වෙතත් ඉදිරිපත් කල බව ඔහු අප වෙත දන්වා සිටියා."
මේ තියෙන්නෙ ඒ ඡායාරූපය -
දැන් මචං මේකෙ ප්රශ්ණයක් එනවනේ මේක ඇත්තමද නැත්නම් edit කරපු පින්තූරයක් ද කියන එක..
මේ තියෙන්නෙ ELA නැත්නම් Error level analysis ක්රමයට මේකෙ නිවැරදිතාවය බැලුවම පේන දේ..
http://fotoforensics.com/analysis.php?id=afcd549dd1d6aec11cce1d752f00cfb5765e1bfb.451709&fmt=ela
පේන විදියට නම් ගස් ටිකයි මේ වස්තුවයි එකම වෙලාවෙ ඡායාරූප ගත වෙලා මිසක් පසුව අළුතෙන් එකතු කරල නැහැ වගේ..
එහෙනම් මොකක්ද මේ වස්තුව??

ado pattane
ane manda.. mama nam oya ravana katha vishwasa na..oka liwweth apey minissu neme ne. indian karayo ne.. eka hinda thambekata wishwasa nah..