කලු කුහර නැත, පට්ටපල් බොරුවකි-නලියන සිල්වා

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    3,253
    5,936
    113
    Back Bay-Beacon Hill, Boston
    කළු කුහර නැහැ

    429479097_754475600120044_4331861634235458524_n.jpg


    මා කළු කුහර නැති බව කී විට මෙරට සිටින විද්‍යාඥයන් මට හිනහවුණා. ඒ මා විද්‍යාඥයකු නොවන නිසා වෙන්න ඇති. මා දන්නවා සාධාරණ සාපේක්‍ෂතාවාදය ගැන අයින්ස්ටයින් ලියා ඇති දේ ජර්මන් බසින් කියවා මොටාවේ සිසුන්ට ඒ ගැන කියා දෙන විද්වතුන් මෙරට ඉන්නා බව. මා අයින්ස්ටයින් බැරි මරගාතෙ ඉංගිරිසියෙන් කියවන්න පටන් ගත්තෙ සාමාන්‍ය පෙළ ඉගෙන ගන්න කාලෙ. අයින්ස්ටයින් විශේෂ හා සාධාරණ සාපේක්‍ෂතාවාදය ගැන 1916 ලියූ පොතක ඉංගිරිසි පරිවර්තනයක් පාසල් පුස්තකාලයේ තිබුණා. මා එකල ඉඳන් විද්‍යාඥයකු වීමට උත්සාහ ගත්තා. මට පොතේ සියල්ල තේරුණේ නැහැ. ඒකට කමක් නැහැ. මට විද්‍යාඥයකු වීමට බැරි වුණා.
    කළු කුහර සාධාරණ සාපේක්‍ෂතාවාදයෙන් නිගමනය වන එකක් ලෙසයි විද්‍යාඥයන් සලකන්නෙ. අයින්ස්ටයින්ගෙ ක්‍ෂෙත්‍ර සමීකරණ (Field Equations)1915 දි සූත්‍රගත කෙළෙ. ඒ සමීකරණ කාල් ෂ්වාර්ස්චයිල්ඩ් කියල කෙනෙක් 1916 දී ම රික්තයකට සරිලන ආකාරයට විසඳුවා. එ විසඳුම ස්ථිතික ගෝලාකාර ද්‍රව්‍ය හා විකිරණ ව්‍යාප්තියක (distribution) පිටත සඳහා විසඳුම ලෙසත් පිළිගැණුනා. ඒ විසඳුම ෂ්වාර්ස්චයිල්ඩ් බාහිර විසඳුම (external solution) ලෙස හැඳින්වෙනවා. එයින් තමයි බූධ ග්‍රහයාගෙ චලිතය විස්තර කෙරුණෙ. ඊට කාලෙකට පස්සෙ අර ව්‍යාප්තිය තුළට ම ගැලපෙන විසඳුමක් ලබා ගත්තා. එය ෂ්වාර්ස්චයිල්ඩ් අභ්‍යන්තර විසඳුම (internal solution) ලෙස හැඳින්වෙනවා.
    ඔය අතර අයින්ස්ටයින්ගෙ සමීකරණ විශ්වයට යොදා ගත්ත ම විශ්වය ප්‍රසාරණය වෙන විසඳුමක් ලැබුණෙ. එහෙත් එකල නිරීක්‍ෂණ අනුව විශ්වය ස්ථිතික බවයි දැන හිටියෙ. අයින්ස්ටයින් තම සමීකරණවලින් ස්ථිතික විසඳූමක් ලබා ගන්න නියතයක් එකතු කළා. එයට විශ්වවේදී නියතය(cosmological constant) කියා කියනවා. පසු කලෙක විශ්වය ප්‍රසාරණය වෙන බව නිරීක්‍ෂණය කෙරුණා. එවිට විශ්වවේදී නියතයක් එකතු කිරීම තමා කළ වරදක් බව අයින්ස්ටයින් කිවුව. එහෙත් විශ්වය ත්වරණයක් (acceleration) සහිත ව ප්‍රසාරණය වෙන බව අවුරුදු කිහිපයකට පෙර නිරීක්‍ෂණය කෙරුණු විට අර නියතය නැවත වැදගත් වුණා. බොහෝ දෙනා නොදැන හිටියට බටහිර විද්‍යාවෙ වැඩ කෙරෙන්නෙ එහෙමයි.
    කළු කුහර කතන්දරේ එන්නෙ ෂ්වාර්ස්චයිල්ඩ් බාහිර විසඳුමෙන්. ඒ විසඳුමේ එක්තරා අරයකට කියනවා සිද්ධි ක්‍ෂතිජය කියා. අපි එය a කියා කියමු. අර ව්‍යාප්තිය (වස්තුව) සංකෝචනය වෙලා සිද්ධි ක්‍ෂිතිජයෙන් ඇතුළට ගියොත් ආයෙ ඒමක් නැහැ. ගියා ගියාමයි. ඉන් පස්සෙ එහි අරය ශූන්‍යය වෙනවා. එය මොකක් ද කියා කිසිවකු දන්නෙ නැහැ. එයට අපූර්වතාවක් (singularity) කියනවා. ඒ් ගැන එක් එක් අය එක එක කතා කියනවා. එය නිරීක්‍ෂණයම කරන්නත් බැහැ. ඉන් පිටවෙන ආලෝකයටවත් අර සිද්ධි ක්‍ෂිතිජයෙන් මේ පැත්තට එන්න බැහැ.
    බෞද්ධයකු වූ මා මේ අපූර්වතාව කිසි දා විශ්වාස කෙළේ නැහැ. එහෙත් එයට විකල්පයක් තිබුණෙත් නැහැ. 2020 තරම මා මියන්මාහි ඉන්න කාලෙ මා ඒ ගැන ටිකක් වැඩ කළා. එතරම් වෙලාවක් ඒ සඳහා යොදවන්න බෑරි වුණා. එහෙත් මට වැටහුණා අප ඒ ගැන අධ්‍යයනය කරන්න නම් ෂ්වාර්ස්චයිලඩ් අභ්‍යන්තර විසඳුම යොදා ගන්න ඕන කියා. ඒ අනුව මා දැන ගත්තා වස්තුව අර සිද්ධි ක්‍ෂිතිජයට සංකෝචනය වීමට පෙර එහි අරය 9a/8 වන විට වස්තුව අභ්‍යන්තර ව සංකෝචනය වීම නවතා ප්‍රසාරණය වීමට පටන් ගන්නා බවත් වස්තුව අරය a වූ පෘෂ්ඨයකට (කබොල්ලකට) සීමා වෙන බවත් . මා ඒ සම්බන්ධ පූර්ව පත්‍රිකාවක් (pre print) 2021 අප්‍රේල් මස නේචර් සඟරාවට යැවුවා කළු කුහරවල ව්‍යුහය යන මැයෙන් (The Structure of Black Holes). එය පහත සඳහන් සබැඳියෙන් ලබා ගන්න පුළුවන්. https://doi.org/10.21203/rs.3.rs-419042/v1.. එය අසම්පූර්ණ කතාවක් නිසා මා එතැනින් වැඩේ අත්හැරිය.
    එහෙත් ඇමරිකාවට පැමිණීමෙන් පසු මට ඒ ගැන නැවත හිතන්න වෙලාවක් ලැබුණා. ඒත් මගේ ප්‍රධාන රාජකාරිය වුණෙ වෙබ් ලිපිය ලිවීම (ජෙප්පන් කියන ආකාරයට හෑල්ල)
    හා ලංකාවෙ දේශපාලනය අධ්‍යයනය කිරීම. මා අර ෂ්වාර්ස්චයිල්ඩ් විසඳුම සාධාරණය කළා අයින්ස්ටයින්ගෙ විශ්වවේදී නියතයත් එකතු කරමින්. ඒ සම්බන්ධ ලිපියක් මේ පිටුවලත් පළ කළා. එය පත්‍රිකාවක් නො වෙයි. දැන් මට පුළුවන් වෙලා තියෙනවා මගේ අධ්‍යයනයෙහි පළමු පියවර අවසන් කරන්න.
    මා දැන් දන්නවා වස්තුව සංකෝචනය වෙමින් එහි අරය 9a/8 වන විට වස්තුවේ කේන්ද්‍රයෙහි පීඩනය අනන්තය කරා යන බවත් එහි දී අංශුවක වේගය ස්ථානීය අචල රාමුවකට සාපේක්‍ෂව ආලෝකයේ වේගයට සමාන වන බවත්. අයින්ස්ටයින්ට අනුව අංශුවකට ආලෝකයේ වේගයට වඩා වැඩි වේගයකින් චලනය වෙන්න බැහැ. අර වස්තුවේ අරය 9a/8ට අඩු වෙන්න පටන් ගත්තොත් මොකද වෙන්නෙ? ආලෝකයෙට වැඩි වේගයකින් යන්නත් බැහැ. මා කිවා පීඩනය අනන්ත වෙලා කියා. මේ පීඩනය මගින් සංකෝචනය නවතා අංශු කේන්ද්‍රයෙන් ඉවතට තල්ලු කරනවා. මේ ක්‍රියාවලිය දිගින් දිගට සිද්ධ වෙනවා. වස්තුවේ සියලු අංශු අවසානයේ දී a අරයට ළඟා වෙනවා. ඒ වස්තුවේ අරය a කරා ළඟා වීමේ දී. වස්තුව සිද්ධි ක්‍ෂිතිජයෙන් ඔබ්බට යන්නේ නැහැ.
    මා දින කිහිපයකින් මේ ගැන පත්‍රිකාවක් ලියන්න බලාපොරොත්තු වෙනවා. එය පළ කරාවි ද කියන්න අමාරුයි. බටහිර විද්‍යාවේ ප්‍රධාන ධාරාවට පිටින් යන දෙයක් පළ කිරීම අසීරු කරුණක්. ඕපන්හයිමර් වැනි විද්‍යාඥයන් කියා තියෙනවා පීඩනයට වස්තුවේ සංකෝචනය නවත්වන්න බැහැ කියා. එහෙත් ඔවුන් සැලකුවේ පරිමිත (finite) පීඩන.
    ඒ පළ කළත් නැතත් මට පුළුවන් වුණා බටහිර විද්‍යා ආධිපත්‍යයට යට නොවී ඒ දැනුම ප්‍රතික්‍ෂෙප නොකර එය අපේ සංස්කෘතියට අවශෝෂණය කර ගන්න. අපට අපූර්වතා නැහැ. අපට ඇත්තේ හේතුඵල වාදයක්. අපේ හේතුව හරි ඵලය හරි අපූර්වතාවක් නො වෙයි.
    බටහිර විද්‍යාවෙන් අපි මන්මත් වෙන්නෙ නැහැ. අපේ හෙළ නැණ සම්ප්‍රදාය නැති කර ගන්නෙ නැහැ. මේ දින කිහිපයකට පෙර මා එඩ්වඩ් ජයකොඩි ගයන ඔබ රූ සිරියෙන් මනමත් වී මම ගීතය ඇසුරෙන් සකස්කර ගත් පද රචනයක්.
    ඔබ විදු වදනින් මනමත් වී මම
    නොකරමි අනුවණකම්
    මුලා වුණි ඔබ මුලා නොවෙමි මම
    විදු බැති කුමාරියේ
    ඔබ විදු බැතියෙන් ඔහු නැණ බලයෙන්
    මාගේ විජිතය කෙලෙසී යනු දැක
    …….. … .. …. .. .. .. .. ..
    .. .. .. .. ….. .. ..
    සටන් වදිමි මම සටන් වදිමි මම
    විදු බැති කුමාරියේ
    විදු බැරි අප හට හුරු වූ හෙළ නැණ
    අපගේ උරුමය රකිනා රිසියෙන්
    .. .. .. .. .. ..
    .. .. .. .. … .. ..
    සටන් වදිමි මම සටන් වදිමි මම
    විදු බැති කුමාරියේ
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    3,253
    5,936
    113
    Back Bay-Beacon Hill, Boston
    මේ අර ගුරුත්වාකර්ශණ බලය කියලා එකක් නෑ කිව්ව එකා නේද
    ඌ ඉතිං ඒ ෆීල්ඩ් එකේ පොරක්, ඒක කියන්ඩ ඕනේ මොනව වුනත්. පොර කිව්වේ ගුරුත්වාකර්ෂන බලය දැනෙන අවයවය කියන්ඩ කියලයි. අවකාශ වක්‍රතාවය කියන්නේ ගුරුත්වාකර්ශනය නෙවෙයි කියලයි මිනිහ කිව්වේ මට මතක විදියට..

    ඔක්සිජනුත් නැහැ කිව්වා එකෙක් හිටිය වගේ මතකයි :unsure:
    ඔක්සිජන් කන්නද කියල අහපු එකා, පොහොට්ටු මන්ත්‍රියෙක්
    ------ Post added on Mar 8, 2024 at 1:15 AM
     

    shenat

    Well-known member
  • May 13, 2007
    45,697
    67,574
    113
    ආශ්චර්යමත් රටක
    ඔක්සිජනුත් නැහැ කිව්වා එකෙක් හිටිය වගේ මතකයි :unsure:

    වැඩේ කියන්නෙ ඔක්කොම බයියොනෙ 😂

    නලියන සිල්වත් ඇක්ටිවේටි වෙන්නෙ චන්දෙ කිට්ටුවෙලා රාජපක්කු ඇක්ටිව් වෙනකොටමයි. 🫢🫢
    ------ Post added on Mar 8, 2024 at 3:00 AM
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    13,924
    11,745
    113
    එය අසම්පූර්ණ කතාවක් නිසා මා එතැනින් වැඩේ අත්හැරිය.
    එහෙත් ඇමරිකාවට පැමිණීමෙන් පසු මට ඒ ගැන නැවත හිතන්න වෙලාවක් ලැබුණා. ඒත් මගේ ප්‍රධාන රාජකාරිය වුණෙ වෙබ් ලිපිය ලිවීම (ජෙප්පන් කියන ආකාරයට හෑල්ල)
    හා ලංකාවෙ දේශපාලනය අධ්‍යයනය කිරීම
    🤪🤪

    ඇත්තටම මොක්කද පොරට තියන අවුල ...
    මොලේ තියන මිනිහෙක් ඔය වගේ දෙයක් අතරල ලංකාවේ ධෙස්පාලනය අධ්‍යනය කරයිද බං...


    මම නම් හිතන්නේ පොරට මානසික ලෙඩක් තියනවා ..borderline personalty disorder වගේ එකක් ..
    ගොඩක් ඉගෙන ගත්තු යට ඔහොම වෙලා තියනව දැකල තියනවා

    අන්තිමට මේලෝකේ එකෙක්ට ප්‍රයෝජනයක් නා



    😂😂😂
     
    Last edited:

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    3,180
    4,994
    113
    ගොඩක් ඉගෙන ගත්තු යට ඔහොම වෙලා තියනව දැකල තියනවා
    මට මූ දැක්ක ම මතක් වෙන කීප දෙනෙක් ඉන්නවා. පාදෙණියත් එයින් එකෙක්. තව එකෙක් ඉන්නවා උගේ නම මතක් වෙන්නෙ නෑ. මූ වගේ ම දෙය්යො ගැන කියෝ කියෝ හිටියෙ
     
    • Like
    Reactions: NRTG

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    3,253
    5,936
    113
    Back Bay-Beacon Hill, Boston
    Black holes prove kala 2016 gravitational waves walin 5 sigma walata. Mu aluth science journals nikan wath balanne na wage
    මු හෙනට අප්ඩේටඩ්, ඒ අතින් කලම්බු නෙවෙයි ලංකාවෙම කැම්පස් වලින් වුනත් මූ මාර කරන්ට්, හතුර වුනත් ඒක කියන්ට ඕනේ.
    මු කලම්බු වලින් අස් කරලා ඉන්න කාලෙත් හෙනම කරන්ට් නොලෙජ් එකක් තිබ්බේ.
    කනට ගහල university එකේ ගේට්ටුව මුර කරන්න දැම්මනං ගැලපෙනවා
    මු ඒ ලෙවල් එකේ පාංකඩයෙක් නෙවෙයි, මූට සසෙක්ස් යුනි එකෙන් පී එච් ඩී එක දෙන්ඩ ස්පෙශල් අවසර ගන්ඩ වුනා කියනව, අවුරුදු 1.5න් ඉවර කරල. මුගේ ලෑන්ඩ් මාක් පබ්ලිකේශන් දෙකක් තියෙනව එකක් නේචර් අනිත් එක නේචර් ෆිසික්ස්. මුගේ තියරෙටිකල් ෆිසික්ස් ෆීල්ඩ් එක කොන්ටම් ග්‍රැවිටි / ග්‍රැවිටේශනල් ලෙන්සින්ග්. ඔය නේචර් ජර්නල් එකේ මූ මැතමැටිකලි ඔප්පු කරපු එක පස්සේ කාලෙක ඇමරිකන් රිසච් ටීම් එකක් වෙරිෆයි කලා කියනව පර්යේශනාත්මකව.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    23,793
    8,993
    113
    Forest
    මු හෙනට අප්ඩේටඩ්, ඒ අතින් කලම්බු නෙවෙයි ලංකාවෙම කැම්පස් වලින් වුනත් මූ මාර කරන්ට්, හතුර වුනත් ඒක කියන්ට ඕනේ.
    මු කලම්බු වලින් අස් කරලා ඉන්න කාලෙත් හෙනම කරන්ට් නොලෙජ් එකක් තිබ්බේ.

    මු ඒ ලෙවල් එකේ පාංකඩයෙක් නෙවෙයි, මූට සසෙක්ස් යුනි එකෙන් පී එච් ඩී එක දෙන්ඩ ස්පෙශල් අවසර ගන්ඩ වුනා කියනව, අවුරුදු 1.5න් ඉවර කරල. මුගේ ලෑන්ඩ් මාක් පබ්ලිකේශන් දෙකක් තියෙනව එකක් නේචර් අනිත් එක නේචර් ෆිසික්ස්. මුගේ තියරෙටිකල් ෆිසික්ස් ෆීල්ඩ් එක කොන්ටම් ග්‍රැවිටි / ග්‍රැවිටේශනල් ලෙන්සින්ග්. ඔය නේචර් ජර්නල් එකේ මූ මැතමැටිකලි ඔප්පු කරපු එක පස්සේ කාලෙක ඇමරිකන් රිසච් ටීම් එකක් වෙරිෆයි කලා කියනව පර්යේශනාත්මකව.
    Research paper eke reference tika dakkama kiyanna puluwan kochchara knowledge eka thiyanda paper eka publish karala thiyenne kiyala. Kisima ekek kisi value ekak dunna research paper ekak newe. Ko paper eka verify karapu sources?
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    3,253
    5,936
    113
    Back Bay-Beacon Hill, Boston
    Research paper eke reference tika dakkama kiyanna puluwan kochchara knowledge eka thiyanda paper eka publish karala thiyenne kiyala. Kisima ekek kisi value ekak dunna research paper ekak newe. Ko paper eka verify karapu sources?
    Seriously? You know how difficult to get something published in Nature or Nature Physics? u for real ? 😂
     
    • Like
    Reactions: NRTG

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    3,253
    5,936
    113
    Back Bay-Beacon Hill, Boston
    Getting published on a platform and getting widespread acceptance are two different things
    oook.. thanks for that enlightened view. .. generally when you have a first author publication in Nature/ Nature Physics you are accepted to the rare breed of scientist that account for 0.01% of the best of the best.. 🙏