කවි බණ

sudunone

Member
May 23, 2009
3,781
121
0
ස්වාමින් වහන්සේලා කවියෙන් බණ කීම ගැන ඔයාල මොකද හිතන්නෙ? නච්ච ගීත වාදිත කියන සිල් පදයෙන් මේ කවි ගායනා කිරීම නුසුදුසු බව දැක්වෙනවද? නැත්නම්, ධර්මයට හිත යොමු කෙරෙන, මතක තබා ගැනුමට පහසු ක්‍රමයක් නිසා කවි බණ දේශනා කළාට කමක් නැද්ද?
 

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මෙහෙමයි, මම හිතන විදිහට අපි පාලි ගාථා කියල කියන්නෙත් කවි වලටම නේද කියල හිතෙනව.

    නමුත් මටනම් කවි බණ අහන්න හිතෙන්නෙම නෑ. මොකද මට කවියෙන් බන කියන කොට මහා කරච්චලයක් වගේ දැනෙන නිසා...
    මේක මගේ පෞද්ගලික අදහසක්. මම ධර්මයට අගෞරව කරන්න හිතන් කිව්ව නෙමෙයි. මම බන අහන්න කැමතියි. හැබැයි කවි බන නම් නෙමෙයි.
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    මටත් කවි බණ අහන්න හිතෙන්නෙ නැහැ. සමහර හාමුදුරුවරු සිල් ඇත්තන් ලවාත් කවි කියවනවනෙ. ඒක අර නච්ච ගීත සිල් පදෙත් එක්ක එච්චර ගැලපෙන්නෙ නැහැ වගෙ මට හිතෙනවා.
    මම අහල තියෙනවා බුදුන් වහන්සෙ අනුමත කරල තියෙන්නෙ ස්වර 3ක් ඇතුළත පමණක් ගාථා කීම බව. පිරිත් උනත් එහෙම ශබ්ද රසයට මුල් තැනක් දීල නෙවෙයිනෙ කියන්නෙ. කවිවලනම් ඊට වඩා ස්වර තියෙනවනෙ.

    අනික් අතට සමහරුන්ට ඒක අල්ලල යනව.