කවුද බන් මේ රොහාන් පෙරේරා??

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    කවුද බන් මේ රොහාන් පෙරේරා කියන්නේ. දැනට දවස් කීපයකට කලින් මැරිච්ච කෙනෙක්. පොර ගැන සමාජ මාද්‍ය වල මේ ටිකේ හෙනට කතා වෙනවා දැක්ක. මම නම් නම ඇහුවෙත් අද. නූතන දේශපාලන වෙනසේ, මනෝවිශ්ලේෂනයේ පුරෝගාමියෙක්ලු.

    උඹල දන්නවද මෙයා ගැන.

    https%3A%2F%2Fsubstack-post-media.s3.amazonaws.com%2Fpublic%2Fimages%2F41a74382-9ace-479b-90c0-ae1c9f0ff9b9_1088x1268.png
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,398
    100,323
    113
    අනේ මන්දා මාත් දැක්ක පෝස්ට් ගොඩක්. ලියන උන් ඇරෙන්න අනික් අය දන්නේ නෑ වගේ ගොඩක් පෝස්ට් වල කමෙන්ට් වල හැටියට නන්
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    අනේ මන්දා මාත් දැක්ක පෝස්ට් ගොඩක්. ලියන උන් ඇරෙන්න අනික් අය දන්නේ නෑ වගේ ගොඩක් පෝස්ට් වල කමෙන්ට් වල හැටියට නන්
    ඔව් බන් ලියන උන් විතරක් දන්නා පොරක්. සමහර උන් දන්නවා වගේ ලියනවද දන්නෙත් නැ. පට්ට හෑලි තොගයක් තිබ්බේ.
     
    • Like
    Reactions: Nidarshana_k

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,398
    100,323
    113
    ඔව් බන් ලියන උන් විතරක් දන්නා පොරක්. සමහර උන් දන්නවා වගේ ලියනවද දන්නෙත් නැ. පට්ට හෑලි තොගයක් තිබ්බේ.
    නිරා සීන් එකක් මෙයා කලින් මුස්ලිම් කෙනෙක් කියල නන් දැක්කා.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    :baffled:

    ------ Post added on Apr 16, 2024 at 5:32 PM

    මම මුත් වීඩියෝ එකක් දාල පොර ගැන තමයි කියන්නේ.

    නිරා සීන් එකක් මෙයා කලින් මුස්ලිම් කෙනෙක් කියල නන් දැක්කා.
    හප්පට එහෙම සින් එකක්ද.. රැඩිකල් කණ්ඩායමේ පොරක් වගේ
     
    • Like
    Reactions: Nidarshana_k

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මේවා අහලා බලන්න..

    රොහාන් අපේ ජිවිත ඇතුලේ පැල්මක් ඇතිකලා. අපේ ජිවිත වෙනස් කලා. හොදට, නරකට දෙකටම.
    මම හිතන්නේ පුරෝගාමින් එහෙමයි. ඔවුන්ට බොහෝ දේ අදාල නෑ. ඔවුන් ඔවුන්ගේ කාර්යය කරනවා. ඒ තුළ සදාචාරාත්මක වශයෙන්, ආචාරධාර්මික වශයෙන් විනිශ්චයන් තුල අප එකග නොවන බොහෝ දේ තියෙන්නට පුලුවන්.
    හැබැයි අපි එකඟවන සියල්ල සහිත මිනිසුන් මේ ලොකේ කිසිවක් සිදුකර නැහැ.
    ඔවුන් "බත් gu කරන යන්ත්‍ර" හැටියට මේ ලොවට එක්වුනා විතරයි. ♥️♥️♥️

    කේ. කේ. සමන් කුමාර
    ------ Post added on Apr 16, 2024 at 5:45 PM
     
    Last edited:

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,840
    2,676
    113
    Kadawatha, Sri Lanka
    මනෝ විශ්ලේෂණය, දර්ශනය ගැන කතා කරන අය අතර ප්‍රසිද්ධ කෙනෙක් වගේ. මගේ FB ලිස්ට් එකේ ඉන්න ඔහොම කෙනෙක් මෙයා ගැන ලියලා තිබ්බා.
     
    • Like
    Reactions: gnilukshi

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    රොහාන් පෙරේරා කියන්නේ කවුද ?
    (රොහානියානු දර්ශනය)

    මහා දාර්ශනිකයන් නොවන සාමාන්‍ය මිනිස්සු කීපදෙනෙක්ම ඉහත මාතෘකා කල ප්‍රශ්නය අහපු නිසා දන්න විදිහෙන් ලියනව.

    (රොහාන් පෙරේර කියන්නෙ මම මනෝ විශ්ලේෂණය ඉගෙනගත් ගුරුවරය)

    රොහාන් පෙරේරා කියන්නේ අපේ කාලේ ජීවත් වෙච්ච සමාජ විප්ලවයක් ඇති කරපු,
    සුවිශේෂී බුද්ධිමතුන් පරම්පරාවක පුරෝගාමියකු ලෙස සලකන,
    90 දශකයේ බිහි වූ නව දේශපාලන කතිකාවක පුරෝගාමී සද්ධන්තයෙක් වන, අමුතුම අමුතු සිතුවිලි, ආකල්ප, හැසිරීම් ඇති බොහොම රහසිගතව පෞද්ගලිකව ජීවත් වෙච්ච ලොකු පුස්තකාලයක් වගේ දැනුමක් තිබ්බ හරිම අහිංසක පෙනුමක් තියෙන මනෝ විශ්ලේෂණයෙන් මේ ලෝකයේ බොහෝ දේවල් ලස්සනට විශ්ලේෂණය කරන සරල මනුස්සයෙක්.

    සමහර අය රොහාන්සර්ට පට බැඳලා තිබුණ නම "බුද්ධා".

    ඔහු මනෝ විශ්ලේෂකයෙක්. දේශපාලන විශ්ලේෂකයෙක්.
    සිනමා විශ්ලේෂකයෙක්.
    කලා විශ්ලේෂකයෙක්.
    ඒ වගේම ඔහු හොඳ පර්යේෂකයෙක්.
    ඔහු අදහන සමහර න්‍යායන් ඔහු සමාජයේ ප්‍රායෝගිකව අත්හදා බලන්නත් පසුබට වුණේ නැහැ ඒව ගැනත් බොහෝ විචාරකයන් සමාජයේ තියෙනවා.

    80,90 දශකන්හි හෙවත් විශාල දේශපාලනික, ආකල්පමය සහ දෘෂ්ටිවාදීමය වශයෙන් විශාල පෙරළියක් ඇතිවෙමින් තිබුණු කාලෙක ඒ යුගයේ තරුණයන්ගේ දැනුම පිපාසයට අවශ්‍ය දැනුම සෙවීම සහ බෙදාදීම කරපු වෙනස් ආරක දෘෂ්ටිවාද සමාජයට එකතු කරපු මොළ වෙනස් කරපු මනුස්සයෙක් තමා රොහාන්.

    ෂාක් ඩෙරීඩා ගැන, ෆ්‍රොයිඩ් , ලැකාන් ස්ත්‍රීවාදය ගැන, ව්‍යුහවාදය ගැන කියා දුන්න රෝහන්ගේ මම ආසම කරපුම ලිපිය තමයි "ආසියාතික බෞද්ධ ස්ත්‍රියක් හමුවේ ඩෙරීඩා විසංයෝජනය කළ විට"

    රොහාන් සර්ට තියෙන අධ්‍යාපන සුදුසුකම් හෝ වෙනත් සුදුසුකම් මොනවාද කියලා කවුරුත් දන්නේ නෑ. හැබැයි එයාගේ දැනුම ,විචාර බුද්ධිය හා කථිකාව ගෙනයන style එක එක්ක හැප්පෙන්න පුළුවන් මහාචාර්යවරු ලංකාවේ ඉන්නවද කියලා නම් මම දන්නෙ නෑ.
    සර් ඉගැන්නුවේ විශ්වවිද්‍යාලවල නෙවෙයි.අපිම සල්ලි එකතු කරලා පොඩි තැනක් අරගෙන පුංචියට පන්තියක් තමයි කරන්නේ.
    ඒ පන්තියටත් රොහාන් සර් ශිෂ්‍යයන්ව ගන්නේ දැන හැදුනුම්කම් එක්ක සෑහෙන කාලයක් විස්තර හොයලා බලලා සුදුසුකම් ඇති බොහොම සීමිත පිරිසක්.
    ඒ සුදුසුකම් අතරේ අමුතු අමුතු සුදුසුකම් තිබුණා.උදාහරණයක් විදිහට කසාද නොබැඳපු තනිකඩ පිරිමි පන්තියට ගන්නවා නම් ඒ ඉතාම සාධාරණ හේතුවක් තිබුණොත් පමණයි.

    ඒ එයාගේ ඉගැන්වීම් ක්‍රමවේදය සහ
    දැනුම බෙදපු විදිහ.

    ඔය පන්තිවලටත් ඉතින් විවිධ ආකාර විවේචන සමාජයේ තිබුණා.

    රොහාන් සර් ගොඩක්ම ලිව්වා.පොත්, සඟරා, වාර ප්‍රකාශන ආදියට හුඟාක් ලිව්වා,ජාතික චිත්‍රපට සංස්ථාවේ සඟරාවලට ලියපු හැම ලිපියක්ම මම කියවලා තියෙනවා.

    රොහාන් සර් මාධ්‍යවල ප්‍රසිද්ධිය වෙනුවෙන් පෙනී සිටියේ නැහැ.සමාජ මාධ්‍යවල හිටියේ නැහැ. සංවිධාන හැදුවේ නෑ.ජීවත් වුණේත් තනියම.
    මහ පුදුමාකාර ගුප්ත ජීවිතයක්.
    සර් එක කතා කරාම ටික වෙලාවක් දැනෙන්නේ මහා ගුප්ත තේරුම් ගන්න බැරි අමුතුම film එකක් බැලුවා වගේ හැඟීමක්.

    එයාගේ ළඟට එන හැම ළමයෙක්වම එයා හොඳට කියවනවා.
    Ego එක නැති වෙන්න හොඳට දෙහි කපනවා.ඒ එයාගේ ක්‍රමය.
    කිසිම දෙයක් හංගල කියන්නේ නැහැ හැම දෙයක්ම මූණට කියනවා.

    රොහාන් පෙරේරා ඉතාම පුංචි හිතාගන්න බැරි තරම් සරල මනුස්සයෙක්.ඒත් ඒ ඇතුලේ විසල් කම අපිට තේරුම් ගන්න තාමත් බෑ.

    බොහෝ දෙනෙකු පවසන ආකාරයට ශ්‍රී ලංකාවේ ස්ත්‍රී ආත්ම කේන්ද්‍රීය බුද්ධි ධාරාවේ කර්තෘ වන්නේ රොහාන් පෙරේරායි.
    ඔහු මනෝ විශ්ලේෂණය නම් විෂය හරහා ස්ත්‍රී ආත්මය කේන්ද්‍රීයව එතෙක් පැවැති දර්ශන වාදයන් වලට පහර ගැසීම දිගින් දිගටම ඉතා තර්කානුකූලව සිදු කරා.

    රොහාන් පෙරේරා සහ ඔහුගේ ක්‍රියා කලාපය පිළිබඳව විශාල විවේචන සමාජයේ සමහර තැන්වල තිබුණා.
    "සම්මත සදාචාරවාදී පවුලට හානි කරන කෙනෙක්."
    "මිනිස්සුන්ගේ ඔලුව අවුල් කරන කෙනෙක්"
    "පිස්සෙක්"
    "පවුල් කඩන්නෙක්"

    ඔය වගේ ගොඩක් දේවල් සර් ගැන මිනිස්සු කියනවා.(ඇහිලා තියෙන ටික)

    රොහාන් පෙරේරා ජීවත්ව සිටින තාක්ම ඔහුට වෛරක්කාරයන් හා තරහකාරයන් තමයි වැඩිපුරම හිටියේ. සර් එක හැම වෙලාවෙම කිව්වා. සමහර මිනිස්සු මාව මරන්න පුළුවන්නම් මරනවා කියලා.
    (ජීවත්ව ඉන්නකම් ඒ මනුස්සයා ගැන හොඳක් තියා එහෙම කෙනෙක් ඉන්නවද කියලවත් සඳහන් නොකරපු සර්ගේ නම ඇහුනහම බැනපු අයත් සර්ව අගය කරලා ගොඩක් දේවල් ලියනවා දැක්කා මලාට පස්සෙ.,ඒත් ඒක හරි සතුටක්.)

    මනෝ විශ්ලේෂණයත් එක්ක බොහොම ලස්සනට එකතු කරලා බුද්ධ දර්ශනය ගැන ඉතාම ගැඹුරු බොහෝ දේවල් කියලා දුන්න රොහාන් සර්ගේ මරණින් පස්සේ තමයි දැනගත්තේ එයා මුස්ලිම් මූලයක් තිබ්බ කෙනෙක් කියලා.

    අවසාන වශයෙන් එයාගේ සිරුර මුස්ලිම් ආගමික චාරිත්‍ර අනුව තමයි භූම දානය කළේ.

    ....

    සුභ ගමන් සර්..❤❤
    ආදරෙයි.💕

    නිවන් සැප ලැබේවා.!!
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    කවුද බන් මේ රොහාන් පෙරේරා කියන්නේ. දැනට දවස් කීපයකට කලින් මැරිච්ච කෙනෙක්. පොර ගැන සමාජ මාද්‍ය වල මේ ටිකේ හෙනට කතා වෙනවා දැක්ක. මම නම් නම ඇහුවෙත් අද. නූතන දේශපාලන වෙනසේ, මනෝවිශ්ලේෂනයේ පුරෝගාමියෙක්ලු.

    උඹල දන්නවද මෙයා ගැන.

    https%3A%2F%2Fsubstack-post-media.s3.amazonaws.com%2Fpublic%2Fimages%2F41a74382-9ace-479b-90c0-ae1c9f0ff9b9_1088x1268.png
    මට නම් ඔය හෑලි ලියන නූතන දේශපාලනේ උද්දික පුතාලා වැඩක් නෑ. ඕකුන් තමයි 2019 සුදු අත් දිග ශර්ට් එකයි, කලු පාට කලිසමයි, කහ පාට ටයි එකයි දාගෙන වියත්මග කියලා හදාගෙන පුක දුන්නේ😆

    මෙන්න මේ සයමීස් පූසො ඔය ලංකාවේ ඉන්නේ කොහොමද කියලා විතරක් කියපන්. මං දන්න විදියට මුන් හැදෙන්නේ සෙල්සියස් 15 ත් 20 ත් අතර තියෙන පරිසර වල. නුවර එලියේ අඹේවෙල ඉන්න පුලුවන් කියමුකො. කොළඹ ඉන්නේ ඒසි ඇතුලෙද මුන්?
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    රොහාන් පෙරේරා හෙවත් ෆස්ලි නිසාර්

    X කණ්ඩායමේ ඛෙදවාචකය ගැන තවත් විස්තර ඇතැමුන්ට අවශ්‍ය වෙලා. මේ ලිපි ඒ ගැන පමණක් නොව පශ්චාත්නූතනවාදයෙ පශ්චාත්තාපය ගැනත්. එමෙන් ම මගේ X ඛෙදවාචකය ලිපියට මුල් වූ රොහාන් පෙරේරා ගැනත්. මේ ලිපි පසුව තවත් වර්ධනය කෙරෙනු ඇති. මගේ සෞඛ්‍ය තත්වය අයහපත් බැවින් මින්පසු ලිපි ප්‍රතිචරවලට විවෘත කරන්නේ නැහැ. මගේ ළඟ ම අය කියන්නේ නම් ලිපි ලිවීමත් නවත්වන ලෙසයි. එබැවින් ලිපි ලියන්නේ කඩින් කඩයි.

    අපි රොහාන් පෙරේරාගෙන් පටන් ගනිමු. ජාතික චින්තනවාදීන්ට ඔහු කිච කරන්න දෙයක් නැහැ. ඔහුගේ ඥාතීන් ඔහුත් පැරණි X සාමාජිකයනුත් කිච කර අවසන්. රොහාන් පෙරේරා මුස්ලිම් ජනකොටසට අයත් බව මා දැනගෙන ටිකක් කල්. මා ඔහු හඳුනන්නේ නැහැ. ඔහු හමුවී ඇති බවක්වත් මට මතක නැහැ. සමහරවිට හමු වී ඇති. ඔහු මුස්ලිම් බව මා දැනගත්තේ ශ සාමාජිකයකුගෙන්මයි. මා X සාමාජිකයකු ලෙස හඳුන්වන්නේ X කණ්ඩායමේ අනුගාමිකයකු ව සිටි අයකුයි. අද X කණ්ඩායම Y Z වෙලා. ඒ Z වලට පසු ඉංගිරිසි (රෝම) අකුරක් නැති නිසා මිස කල්ලි නැති නිසා නොවෙයි.

    රොහාන් පෙරාරාගේ නම ෆස්ලි නිසාර්. මොහොමඩ් කෑල්ලක් ද ඇතැයි සමහරු කියනවා. ඔහුගේ පවුල් පසුබිම වැදගත්. අප කවුරුත් අපේ හැදියාවේ ඵල. හැමට එල පවුල් පසුබිමක් නැහැ. ෆස්ලිගේ පියා ෆස්ලි කුඩා කළ මව අත්හැර ගොස්. ලැබෙන තොරතුරු අනුව ඔහුට බාප්පා කෙනෙකු ලැබී තියෙනවා. ඔහුට කුඩම්මාගේ සැලකිලි ලැබුණා කියා මා කියන්නේ නැහැ. අපේ සංස්කෘතියේ බාප්පාගේ සැලකිලි ගැන කියැවෙන්නේ නැහැ. මා පදනම් වන්නේ මට ලැබෙන ලැබුණු තොරතුරු මතයි.

    ඔහු පසු කලෙක එනම් ජ වි පෙ භීෂණ කාලයේ එහි සාමාජිකයකු ව ඉඳ තියෙනවා. 87 -89 භීෂණ කාලයේ ලලිත් ඇතුළත්මුදලිට ජ වි පෙ තහනම ඉවත් කරන්න අවශ්‍ය වෙලා තියෙනවා. ඒ සාකච්ඡාවලට ෆස්ලි ද සහභාගි වී තියෙනවා. ඊනියා සාමයික කේන්ද්‍රයේ තිස්ස බාලසූරිය පූජකතුමා ද ඒ සාකච්ඡා සංවිධානයෙහි ඉඳ තියෙනවා. ජ වි පෙ ඇතුළත්මුදලි කෙරෙහි විශ්වාසයක් නොතිබූ හෙයින් සාකච්ඡා සාර්ථක වී නැහැ. නව සමසමාජ පක්‍ෂයට සම්බන්ධ වී සිටි කාලයෙහි මා ද ඊනියා සාමයික කේන්ද්‍රයට ආ ගිය කෙනෙක්. එය බුදුසමයට හිතවත් වූ සාමයික කේන්ද්‍රයක් නොවන බව මට වැටහී ගියා. මා එහි යෑම් ඊම් නැවැත්තුවා. කොහොමටත් මට බුද්ධිමතුන් සමග සාකච්ඡා කිරීමට අවශ්‍ය වුණේ නැහැ.

    මගේ ජීවිතයේ මට විවිධ කතෝලික/ ක්‍රිස්තියානි පූජකවරුන් හමු වී තියෙනවා. තිස්ස බාලසූරිය ඉන් එක් අයකු. තවත් අයකු ඉබ්බාගමුව දේවසරණ ආයතනයේ යොහාන් දේවානන්ද. ඔහු තමන් හඳුන්වා ගත්තේ සේවක යොහාන් දේවානන්ද කියා. අපේ ගෙදරට විවිධ අය පැමිණ තියෙනවා. විවිධ අය හැංගී ඉඳලත් තියෙනවා. රාජ්‍ය සේවා ලිපිකරු සංගමයේ ගුණසේන මහානාම එක් අයෙක්. එංගලන්ත මිලිටන්ට් කණ්ඩායමේ ටෙඩ් ග්‍රාන්ට් තවත් අයෙක්. මා ඔවුන් පාවා දීත් නැහැ. එළවා ගෙනත් නැහැ. එහෙත් සේවක යොහාන් දේවානන්දට නම් සුහද පිළිගැනීමක් ලැබුණේ නැහැ.

    ඇතැමුන් කියන්නේ ලලිත් ඇතුළත්මුදලි ෆස්ලි සමග සම්බන්ධකම් පැවැත් වූ බවයි. ජ වි පෙ සාමාජිකයන් අතර විවිධ අය ඉඳ තියෙනවා. ඒ කුමක් වුණත් ෆස්ලි විධිමත් අධ්‍යාපනයක් නොලබා ගෙදරින් පිටව ගිය කෙනෙක්. පසුව ඔහු දේශපාලනයට ඇදී ඇවිත්.

    ඔහු තම මුස්ලිම්කම නැතිකරගත්තේ ඇයි? මෙරට දේශපාලනයේ යෙදෙන මුස්ලිමුන් තම අනන්‍යතාව අත්හැර නැහැ. ජ වි පෙරමුණට පසුව සම්බන්ධ ව සිටි පාස්කු ප්‍රහාරය ගැනත් කියැවෙන අයත් මුස්ලිම් අනන්‍යතාව අත්හැරියේ නැහැ. ෆස්ලි රොහාන් පෙරේරා නමින් පෙනී හිටියේ ඇයි. ඒ ප්‍රශ්නයට ඔහු ජීවත් ව සිටියත් පිළිතුරු දෙන එකක් නැහැ. ඔහු කාට හරි එයට පිළිතුරක් දී ඇති බවක් මේ වන තුරු දැන ගැනීමටත් නැහැ.

    -නලින් ද සිල්වා -
     
    • Like
    Reactions: SLHodahitha

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,840
    2,676
    113
    Kadawatha, Sri Lanka
    රොහාන් පෙරේරා කියන්නේ කවුද ?
    (රොහානියානු දර්ශනය)

    මහා දාර්ශනිකයන් නොවන සාමාන්‍ය මිනිස්සු කීපදෙනෙක්ම ඉහත මාතෘකා කල ප්‍රශ්නය අහපු නිසා දන්න විදිහෙන් ලියනව.

    (රොහාන් පෙරේර කියන්නෙ මම මනෝ විශ්ලේෂණය ඉගෙනගත් ගුරුවරය)

    රොහාන් පෙරේරා කියන්නේ අපේ කාලේ ජීවත් වෙච්ච සමාජ විප්ලවයක් ඇති කරපු,
    සුවිශේෂී බුද්ධිමතුන් පරම්පරාවක පුරෝගාමියකු ලෙස සලකන,
    90 දශකයේ බිහි වූ නව දේශපාලන කතිකාවක පුරෝගාමී සද්ධන්තයෙක් වන, අමුතුම අමුතු සිතුවිලි, ආකල්ප, හැසිරීම් ඇති බොහොම රහසිගතව පෞද්ගලිකව ජීවත් වෙච්ච ලොකු පුස්තකාලයක් වගේ දැනුමක් තිබ්බ හරිම අහිංසක පෙනුමක් තියෙන මනෝ විශ්ලේෂණයෙන් මේ ලෝකයේ බොහෝ දේවල් ලස්සනට විශ්ලේෂණය කරන සරල මනුස්සයෙක්.

    සමහර අය රොහාන්සර්ට පට බැඳලා තිබුණ නම "බුද්ධා".

    ඔහු මනෝ විශ්ලේෂකයෙක්. දේශපාලන විශ්ලේෂකයෙක්.
    සිනමා විශ්ලේෂකයෙක්.
    කලා විශ්ලේෂකයෙක්.
    ඒ වගේම ඔහු හොඳ පර්යේෂකයෙක්.
    ඔහු අදහන සමහර න්‍යායන් ඔහු සමාජයේ ප්‍රායෝගිකව අත්හදා බලන්නත් පසුබට වුණේ නැහැ ඒව ගැනත් බොහෝ විචාරකයන් සමාජයේ තියෙනවා.

    80,90 දශකන්හි හෙවත් විශාල දේශපාලනික, ආකල්පමය සහ දෘෂ්ටිවාදීමය වශයෙන් විශාල පෙරළියක් ඇතිවෙමින් තිබුණු කාලෙක ඒ යුගයේ තරුණයන්ගේ දැනුම පිපාසයට අවශ්‍ය දැනුම සෙවීම සහ බෙදාදීම කරපු වෙනස් ආරක දෘෂ්ටිවාද සමාජයට එකතු කරපු මොළ වෙනස් කරපු මනුස්සයෙක් තමා රොහාන්.

    ෂාක් ඩෙරීඩා ගැන, ෆ්‍රොයිඩ් , ලැකාන් ස්ත්‍රීවාදය ගැන, ව්‍යුහවාදය ගැන කියා දුන්න රෝහන්ගේ මම ආසම කරපුම ලිපිය තමයි "ආසියාතික බෞද්ධ ස්ත්‍රියක් හමුවේ ඩෙරීඩා විසංයෝජනය කළ විට"

    රොහාන් සර්ට තියෙන අධ්‍යාපන සුදුසුකම් හෝ වෙනත් සුදුසුකම් මොනවාද කියලා කවුරුත් දන්නේ නෑ. හැබැයි එයාගේ දැනුම ,විචාර බුද්ධිය හා කථිකාව ගෙනයන style එක එක්ක හැප්පෙන්න පුළුවන් මහාචාර්යවරු ලංකාවේ ඉන්නවද කියලා නම් මම දන්නෙ නෑ.
    සර් ඉගැන්නුවේ විශ්වවිද්‍යාලවල නෙවෙයි.අපිම සල්ලි එකතු කරලා පොඩි තැනක් අරගෙන පුංචියට පන්තියක් තමයි කරන්නේ.
    ඒ පන්තියටත් රොහාන් සර් ශිෂ්‍යයන්ව ගන්නේ දැන හැදුනුම්කම් එක්ක සෑහෙන කාලයක් විස්තර හොයලා බලලා සුදුසුකම් ඇති බොහොම සීමිත පිරිසක්.
    ඒ සුදුසුකම් අතරේ අමුතු අමුතු සුදුසුකම් තිබුණා.උදාහරණයක් විදිහට කසාද නොබැඳපු තනිකඩ පිරිමි පන්තියට ගන්නවා නම් ඒ ඉතාම සාධාරණ හේතුවක් තිබුණොත් පමණයි.

    ඒ එයාගේ ඉගැන්වීම් ක්‍රමවේදය සහ
    දැනුම බෙදපු විදිහ.

    ඔය පන්තිවලටත් ඉතින් විවිධ ආකාර විවේචන සමාජයේ තිබුණා.

    රොහාන් සර් ගොඩක්ම ලිව්වා.පොත්, සඟරා, වාර ප්‍රකාශන ආදියට හුඟාක් ලිව්වා,ජාතික චිත්‍රපට සංස්ථාවේ සඟරාවලට ලියපු හැම ලිපියක්ම මම කියවලා තියෙනවා.

    රොහාන් සර් මාධ්‍යවල ප්‍රසිද්ධිය වෙනුවෙන් පෙනී සිටියේ නැහැ.සමාජ මාධ්‍යවල හිටියේ නැහැ. සංවිධාන හැදුවේ නෑ.ජීවත් වුණේත් තනියම.
    මහ පුදුමාකාර ගුප්ත ජීවිතයක්.
    සර් එක කතා කරාම ටික වෙලාවක් දැනෙන්නේ මහා ගුප්ත තේරුම් ගන්න බැරි අමුතුම film එකක් බැලුවා වගේ හැඟීමක්.

    එයාගේ ළඟට එන හැම ළමයෙක්වම එයා හොඳට කියවනවා.
    Ego එක නැති වෙන්න හොඳට දෙහි කපනවා.ඒ එයාගේ ක්‍රමය.
    කිසිම දෙයක් හංගල කියන්නේ නැහැ හැම දෙයක්ම මූණට කියනවා.

    රොහාන් පෙරේරා ඉතාම පුංචි හිතාගන්න බැරි තරම් සරල මනුස්සයෙක්.ඒත් ඒ ඇතුලේ විසල් කම අපිට තේරුම් ගන්න තාමත් බෑ.

    බොහෝ දෙනෙකු පවසන ආකාරයට ශ්‍රී ලංකාවේ ස්ත්‍රී ආත්ම කේන්ද්‍රීය බුද්ධි ධාරාවේ කර්තෘ වන්නේ රොහාන් පෙරේරායි.
    ඔහු මනෝ විශ්ලේෂණය නම් විෂය හරහා ස්ත්‍රී ආත්මය කේන්ද්‍රීයව එතෙක් පැවැති දර්ශන වාදයන් වලට පහර ගැසීම දිගින් දිගටම ඉතා තර්කානුකූලව සිදු කරා.

    රොහාන් පෙරේරා සහ ඔහුගේ ක්‍රියා කලාපය පිළිබඳව විශාල විවේචන සමාජයේ සමහර තැන්වල තිබුණා.
    "සම්මත සදාචාරවාදී පවුලට හානි කරන කෙනෙක්."
    "මිනිස්සුන්ගේ ඔලුව අවුල් කරන කෙනෙක්"
    "පිස්සෙක්"
    "පවුල් කඩන්නෙක්"

    ඔය වගේ ගොඩක් දේවල් සර් ගැන මිනිස්සු කියනවා.(ඇහිලා තියෙන ටික)

    රොහාන් පෙරේරා ජීවත්ව සිටින තාක්ම ඔහුට වෛරක්කාරයන් හා තරහකාරයන් තමයි වැඩිපුරම හිටියේ. සර් එක හැම වෙලාවෙම කිව්වා. සමහර මිනිස්සු මාව මරන්න පුළුවන්නම් මරනවා කියලා.
    (ජීවත්ව ඉන්නකම් ඒ මනුස්සයා ගැන හොඳක් තියා එහෙම කෙනෙක් ඉන්නවද කියලවත් සඳහන් නොකරපු සර්ගේ නම ඇහුනහම බැනපු අයත් සර්ව අගය කරලා ගොඩක් දේවල් ලියනවා දැක්කා මලාට පස්සෙ.,ඒත් ඒක හරි සතුටක්.)

    මනෝ විශ්ලේෂණයත් එක්ක බොහොම ලස්සනට එකතු කරලා බුද්ධ දර්ශනය ගැන ඉතාම ගැඹුරු බොහෝ දේවල් කියලා දුන්න රොහාන් සර්ගේ මරණින් පස්සේ තමයි දැනගත්තේ එයා මුස්ලිම් මූලයක් තිබ්බ කෙනෙක් කියලා.

    අවසාන වශයෙන් එයාගේ සිරුර මුස්ලිම් ආගමික චාරිත්‍ර අනුව තමයි භූම දානය කළේ.

    ....

    සුභ ගමන් සර්..❤❤
    ආදරෙයි.💕

    නිවන් සැප ලැබේවා.!!
    Meka uba liyapu ekakda? 🤔
     
    • Haha
    Reactions: Kalegana

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,829
    39,798
    113
    Homagama
    කවුද බන් මේ රොහාන් පෙරේරා කියන්නේ. දැනට දවස් කීපයකට කලින් මැරිච්ච කෙනෙක්. පොර ගැන සමාජ මාද්‍ය වල මේ ටිකේ හෙනට කතා වෙනවා දැක්ක. මම නම් නම ඇහුවෙත් අද. නූතන දේශපාලන වෙනසේ, මනෝවිශ්ලේෂනයේ පුරෝගාමියෙක්ලු.

    උඹල දන්නවද මෙයා ගැන.

    https%3A%2F%2Fsubstack-post-media.s3.amazonaws.com%2Fpublic%2Fimages%2F41a74382-9ace-479b-90c0-ae1c9f0ff9b9_1088x1268.png
    X කණ්ඩායම හිටපු රොහාන්.

    ගෑනු ගැනයි ස්ත්‍රිවාදයයි ගැන කප් ගැහුවා වගේ බොරුව දාපු ඉන්ට්‍රවර්ට් ලා සෙට් එකක්, අන්තිමේදි ගැනු වගේ රන්ඩු වෙලා වෙන්වුනා. දිප්තයා තාමත් ඇදන් යන්නේ ඔය එදා වෙච්ච කැලලේ පාර.

    අනික යම් ෆිලසොෆියක් විස්වාස කරපු එකකු මරනයෙන්ම පසුව නම් ඌ ගැන ලොකුම වාදය වෙන්නේ, මට අනුව ජිවිත කාලය තුල තමනටම හරි වටිනාකම දෙන්න ඌට බැරිවුනා. මැරුනාම හොද කියන්නෙ මුනිච්චාවට.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,918
    21,155
    113
    :lol: :lol:

    රොහාන් පෙරේරා හෙවත් මොහොමඩ් ෆස්ලි නිසාර්.

    rohan.jpg