කවුද මේ මාකදුරෙ මදූෂ් ??

nirogoodboy

Well-known member
  • Feb 17, 2008
    204
    809
    93
    36
    U.K
    උපුටා ගැනීමකි...

    1979 පෙබරවාරි 24 උපන්න මදුෂ් කඹුරුපිටියේ ගතාරේ. මදුෂ්ගේ අම්මා ඝාතනය වෙන්නේ 1989 ජූලී 21 දී. ජේවීපී රැස්වීමක ඉන්නකොට ආමි එකෙන් වෙඩි තියලා. ඊට පස්සේ පුංචි අම්මා ගාව ඉගෙන ගන්න මදූෂ් ඕලෙවල් වලින් පස්සේ අධ්‍යාපනය නවත්තනවා.

    1998 දී කසාද බැදලා මදුෂ් ගතාරෙන් යනවා නෝනගේ ගෙදර මාකඳුරේ. මාකඳුරේ යන නිසයි මාකඳුරේ මදුෂ් වෙන්නේ කාලයත් එක්ක.

    කසාද බැඳලා ඉන්න මදුෂ් කරන්නේ දර විකුණන රස්සාව. ඒ සල්ලි වලින් හම්බෙන ගානෙන් ගන්නවා අත් ට්‍රැක්ටරයක්. පස්සේ ඒ ට්‍රැක්ටරේ කරවල බිස්නස් කරනවා.

    දවසක් ඔය ට්‍රැක්ටරය නිසා පාර හරස් වුණා කියලා කඹුරුපිටියේ උපනන්ද එක්ක මදුෂ් පැටලිලා මදූෂ් උපන්නදට ගහන්න යනවා. උපනන්ද මේක ගිහින් මස්සිනාට කියනවා. ඒ තමයි දකුණු පළාත් සභා එවකට ඇමති ඩැනී හිත්තැටිය. ඩැනී හිත්‍තැටියයි ගෝලයෝ ටිකයි ඇවිල්ලා මදුෂ්ලගේ ගේ ඉස්සරහා කෑ ගහනවා. ආයේ රණ්ඩුව දුරදිග යනවා.

    මේ කාලෙම ඩැනීගේ මස්සිනා දිගින් දිගටම රණ්ඩු වෙනවා මදූෂ් එක්ක. මදුෂ් ඒ වෙද්දී රජයේ ඉඩමක ගෙයක් හදාගෙන යනගමන් ඉන්නේ. දවසක් මදුෂ් නැති වෙලාවේ ඩැනී හිත්තැටියලා, මස්සිනාලා ඇවිත් ගෙදර බඩු විසිකරලා දාලා බිරිඳට ගහලා එලවනවා. මේක දැනගත්ත එක දේශපාලකයෙක් ඩැනීට අඬගහලා කියනවා "ඩැනී තමුසේ දාගන්නේ ලොකු ලෙඩක්. ඔය පොඩි කොල්ලෝ එක්ක හැප්පෙන්න එපා" කියලා. (ඒ දේශපාලකයා තවම ඉන්නවා. සාක්ෂිත් තියෙනවා)

    ඒ කිව්වා වගේම 2004 ජූලි 17 උපන්නදට වෙඩි තියලා මරනවා. ඒ උපන්නද දුන්න වදයට.පස්සේ මදූෂ් පැනලා යනවා. ඒ ගිය මදුෂ්ව පළවෙනි සහ අන්තිම වතාවට පොලීසියට කොටු වෙන්නේ 2006 දී. අත් අඩංගුවට ගන්නේ දැන් නියෝජ්‍ය පොලිස්පති වෙලා ඉන්න ප්‍රියන්ත ජයකොඩි. ඒ නඩුවට රිමාන්ඩ් වෙනවා. ඒත් ඩැනීව අත් අරින්නේ නෑ. ඒ නිසා මදූෂ් බන්ධනාගාරයේ ඉන්න ගමන් එවකට දක්ෂිණ සංවර්ධන අධිකාරියේ සභාපති ඩැනී හිත්තැටියව කොන්ත්‍රාත්තුවක් දීලා ඝාතනය කරනවා 2006 ජූනි 11. ඒ වෙනුවෙන් ඇතුළේ ඉන්නම කොල්ලෙක්ව ඇප දීලා එලියට ගන්නේ. ඒ කොල්ලගේ නම ඇටයා.(2013 දී ඔය ඇටයා කියන එකාව මරනවා කඩුවෙල සමයංලා)

    ඊට පස්සේ 2011 දී මදූෂ් ඉන්නේ ත්‍රස්ථ විමර්ශන කොට්ඨාශ භාරයේ. එතනදිත් මරු වැඩක් කරනවා (ඒවා පස්සේ ලියන්නම්). පස්සේ එලියට එනවා. ඊට පස්සේ තමයි කංජිපානි සහ රිප්ඛාන්ගේ සහයෙන් ඩුබායි යන්නේ එතැනින් පස්සේ තමන්ට අභියෝගවුණ හැම කෙනාටම ගැහුවා. කොන්ත්‍රාත් දීලා. ඒක රහසක් නෙමෙයි.ඒක බොරුවකුත් නෙමෙයි. ඒ වගේම මදූෂ්ට ලංකාවේ දේශපාලකයෝ, පොලීසියේ අය, ව්‍යාපාරියකයෝ අතර ලොකු සම්බන්ධ කමකුත් තිබ්බා. ඒ සියල්ල මදුෂ් කියලා ඉවරයි.

    කොහොම වුණත් අන්තිමේ ඩැනී හිත්තැටියලා තමයි කොහේවත් ඉන්න කොල්ලෙක් පාතාලයේ ගෝඩ් ෆාදර් කෙනෙක් කරලා අද පාන්දර ඇපල්වත්තෙදී මැරුම් කන තැනට පාර කැපුවේ. මදුෂ් ගැන ලියන්න තියෙන කතා ගොඩයි. ඒ වගේම මදුෂ්ටත් අපිට කියන්න තියෙන කතා ගොඩක් ඇති.

    අමතක කරන්න එපා ඩැනී හිත්තැටියලත්, මාකඳුරේ මදුෂ්ලත් තවම සමාජයේ ඉන්නවා. ඒවා ආත්ම, ඒ නිසා තරුණ ළමයි පරිස්සමින් ජීවිතේ ගෙවන්න.

    මොකද ඒ ආත්ම තවත් කොල්ලෝ බිල්ලට හොයනවා...

    ඔය පල්ලෙහා ඡායාරූපය ඉස්සෙල්ලම මාධ්‍යයේ පල කළේ මම. රිවිර ඉන්න කාලේ. මදූෂ් එතකොට ඩුබායි වල හිටියේ ඔහොම. ඒ පොටෝ එක එවලා තිබ්බේ කොහොමද දන්නේ නෑ. ඒත් මට දුන්නේ පොලිස් නිළදාරියෙක්. ඒ නිසා මදූෂ්ගේ අලුත් පෙනුම කියලා පත්තරේ හෙඩිමකුත් ගියා මතකයි.

    - ගයාන් ගාල්ලගේ -

    1DC19012-B6EE-448F-B1EF-8F63D1E0B99C.jpeg
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Wijeweera maruna widiha gana hitapu nathi Jvp eke bebadda madush gana hoyana tarama. Wijeweerawa pana pitin PUCHCHALA maruwe hamu nisa wenba athi. Hamuge salli bale.😔😔
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,019
    9,616
    113
    එක තැනක නෑ
    samajen kawadawath apita hondak karanne na. Godak welawata apiwa waradi paththata yana eka thamai wenne. Eth api danaganna one swayan palanayak wenna.

    mama wishwasa karana eka deyak thiyanawa. Balaya, tharathirama, neethiya saha wena onadeyak adala naha, eka manussayekta thawa kenekwa maranna kisima welawaka kisima widihakin ayithiyak na. Neethiya kiyala manussayoma hadagena inna deyin unath eka karana eka waradi.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේව නම් මේ මෝඩ කතා, පාතාලෙ කියන එක ලෝකෙ හැමතැනම තියෙනව, එහෙනම් ඒ රටවලත් සිස්ටම් අවුල් ඇති...

    කිසිම අධ්යාපනයක් නැති සමහරක් උන් ඉක්මනින් සල්ලි හොයල පෝසත් වෙන්ඩ බලාගෙන කරන්ඩ පුලුවන් දහබලුදුරා වැඩ සේරම කරනව, මදූශ් කියන්නෙත් එහෙම එකෙක්..