මෙහෙම IT ඉගෙන ගත්තා නම් මම අද වෙද්දි සබ්ජෙක්ට් එක ෆේල් වෙලා අයිටී එපා වෙලා කොහේ හරි අතුගාන ඩ්රයිවින් වගේ රැකියාවක් කරනවා වෙන්න පුලුවන්. හයියෝ අපේ ලමයින්ගෙ අනාගතේ එක්ක මේ මෝඩ මිනිස්සු මොකක්ද මේ කරන සෙල්ලම. මේ වගේ විෂයකට සිලබස් එක හදද්දි Industry experts ලගෙ උපදෙස් ගන්න එක හරිම වැදගත්. තියරියෙන් දැනගත් නමුත් කිසිම විදියකින් ප්රායෝගික සමාජයේ යමක් ජීවිතේට නොකරපු සෙට් එකක් කලාදෝ කියන හැගීම එනවා.
මේ වගේ සිලබස් එකක් හදද්දි මූලික අරමුණ වෙන්න ඕනේ විභාගෙට ඒ එකක් දම්මන එක නෙවෙයි . ඩිග්රියක් කරද්දි රස්සාවක් කරද්දි අපි ඉස්කෝලෙදි ලබාගන්න දැනුම වඩා වර්ධනය කරගන්න එකයි කරන්නෙ. හැබැයි මේ අය මේක හදලා තියෙන විදියට හයවසරෙ ඉදලා ඒ ලෙවල් වෙනකල් ඉගනගත්තු දේවල් අමතක කරලා ආයේ අමුතුවෙන් මුලසිටම ඉගෙනගන්න වෙනවා. DNS Domain Name system ෆුල් ෆෝම් එකෙන් කියනවා ඇහිලා තියෙන්නෙ ලෙක්චර්ස් වලදි විතරයි නැතිනම් කියන්නෙ DNS කියලා විතරයි. සේවාදායකය කියනවා මේ අවුරුදු එකොලහක් තුල කිසිම දිනක අහලා නැහැ. අනෙක DNS reverse lookup, DNS forward lookup, default port එක මොකක්ද DNS resolution එක මොකක්ද වගේ දේවල් පවා ලස්සනට ඒ ඒ දේට අදාල වචන පමනක් භාවිතා කරලා සිංහලෙන් ලමයින්ට උගන්වන්න පුලුවන් නම් ඒක ඒ ලමයින්ට ගොඩාක් වටිනවා ඉදිරි අනාගතේදි. ඇත්තටම එයයි විය යුත්තේ. ෆයර් වෝල් කියනවා මිසක් ගිනිපවුර කියන්නෙ නැහැ රියල් අයිටී වර්ල්ඩ් එකේ. ගේට්වේ එක දොරටු මගක්. ආච්චිගෙ චීත්තෙ............
පිංතූරය උස්සපු එකක්
උස්සලත් දාන්න හිතුනෙ අපි මේ IT industry එකෙන් යද්දි එන අලුත් පරම්පරාව අනාගත ලෝකයේ අහියෝග වලට මුහුණ දිය හැකි පිරිසක් ලෙස ගොඩනගනු විනා (වැඩිම කොටසක්) රාජ්ය ආයතන වලට ගැලපෙන නිදිමත කම්මැලියන් තැනීම නොවන බව ඒ ඒ පුටුවල සිටින බලධාරීන් තේරුම් ගතයුතුයි. හැබැයි මේ කරන්නට යන්නෙ බංඩාරනායක අගමැතිවරයා සිංහල රාජ්ය භාශාව කරලා ඉංග්රීසි වලින් අපිව ඈත් කරලා ඒක පොශ් සමාජෙට විතරක් අයිති දෙයක් කලා වගේම දෙයක්. මේ තොරතුරු තාක්ශණ විශය සිංහල බසට හැරවීමත් එකම ආකාරයකිනුයි මට නම් පේන්නෙ.
කෙසේ නමුත් කාගෙ උවමනාව මත මෙය සිදුකලත් මින් හානියක් වන්නෙ අපේම මතු පරපුරට නේද
gon harak...hama ekama sinhalata harawana puluwan unata eka hena modai kiyala munta therenne na....campus eketh ugannanne english walin..mona huttatada iskole unta ohoma hadanne..

