කවුද මේ සිලබස් එක හදපු මෝඩයා 🤣🤣🤣🤣🤣🤣🤣

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,201
    113
    Gotham City
    ඔය අලුත් නම් හදන එක කිසිම තේරුමක් නැති වැඩක් මචං. උඹ කියන සිංහල යෙදුම් පාවිච්චි කරන්න පුළුවන් තේරුම් කරලා දෙන්න නමුත් හරි නම විදිහට තියන ඉංග්‍රීසි නමම පාවිච්චි කරන්න ඕනේ.

    උදාහරණයක් විදිහට class කියන එකට අච්චුව කියල නම වෙනස් කරන්න අවශ්‍ය නෑ නමුත් උගන්නදී මේක අච්චුවක් වගේ දෙයක් කියල උගන්නන පුළුවන්. එතකොට class කියන නම ඇහෙද්දී ළමයාගේ හිතේ අච්චුවක් මැවෙන්න පුළුවන්, ඒකනේ වෙන්න ඕනේ. මනසේ මැවෙන රූප වලට භාෂාවක් නැනේ, ඒකට නේ අපි ඔය concept එක කියන්නේ. concept එක අවට පරිසරයෙන් දෙන එක කිසි අව්ලක් නෑ.

    අන්තිමට ළමයට concept එකත් තේරිලා පස්සේ කාලෙක ප්‍රයෝජනයක් වෙන විදිහට හරි වචනෙත් ඉගන ගෙන. දෙපැත්තම ගොඩ.
    උබ ඔය කතාව කිව්ව හින්දා මන් දෙයක් කියන්නද ?
    අර ජාවා කඩෙ තියෙනවානෙ?
    එකෙ හිටියා භාතිය කියලා පොරක් .
    පොරගෙ ඉගැන්වීම නම් සුපිරි.
    ඔය ක්ලාස් කියන්නෙ එක ඒ වගෙම ඔබ්ජෙක්ට්, මෙතඩ්
    මෙතඩ් ඕවර්ලොඩ්, ඔවර් රයිඩ්,ඉන්හෙරිටන්ස්,ඉන්ටර්ෆෙස්, සුපර් කීවර්ඩ් එකෙන් වෙන දෙ එතකොට කන්ස්ට්‍රක්ටර් එකෙන් වෙන දෙ වගෙ දෙවල් සුපිරියට වදින්න උදාහරණ වලින්ම කියලා දුන්නා.
     
    • Like
    Reactions: HmNRazor

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,283

    ඔව් බං ඒවා නම් උදාහරණ වලින්ම උගන්නන එක තමයි හොදම විදිහ. හැබැයි වඳුරු කුණුහරප නම් දැම්ම වෙන්නේ ඉගන ගන්න එකා හොල්මන් වෙන එක විතරයි
     
    • Haha
    Reactions: BruceWayne92

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,348
    100,210
    113
    ඔය අලුත් නම් හදන එක කිසිම තේරුමක් නැති වැඩක් මචං. උඹ කියන සිංහල යෙදුම් පාවිච්චි කරන්න පුළුවන් තේරුම් කරලා දෙන්න නමුත් හරි නම විදිහට තියන ඉංග්‍රීසි නමම පාවිච්චි කරන්න ඕනේ.

    උදාහරණයක් විදිහට class කියන එකට අච්චුව කියල නම වෙනස් කරන්න අවශ්‍ය නෑ නමුත් උගන්නදී මේක අච්චුවක් වගේ දෙයක් කියල උගන්නන පුළුවන්. එතකොට class කියන නම ඇහෙද්දී ළමයාගේ හිතේ අච්චුවක් මැවෙන්න පුළුවන්, ඒකනේ වෙන්න ඕනේ. මනසේ මැවෙන රූප වලට භාෂාවක් නැනේ, ඒකට නේ අපි ඔය concept එක කියන්නේ. concept එක අවට පරිසරයෙන් දෙන එක කිසි අව්ලක් නෑ.

    අන්තිමට ළමයට concept එකත් තේරිලා පස්සේ කාලෙක ප්‍රයෝජනයක් වෙන විදිහට හරි වචනෙත් ඉගන ගෙන. දෙපැත්තම ගොඩ.

    නම් මොන ලෝකෙද බං නම් translate කරන්නේ? Google එකට සිංහලෙන් මලපහ පාෂණ කිව්වා වගේ :baffled:
    ඕක වෙන්නෙ බන් පොතේ තියෙන එක එහෙම්ම ගිරව දාල එවන එක ළමයගෙ නෙවෙයි අවුල උගන්නන අයයි. ඔය නම් හදපු අයයි තමා වැඩේ අමාරු කරන්නෙ. ගොඩක් නම් අලුතෙන්ම හදපුව. එහෙම අලුතෙන් හදන්න දෙයක් නෑ ඕකට සින්හල නම් දාන්න. භාවිතා වෙන දෙයක් නාමකරණයට අරගත්තම ලමයට උනත් නමයි තේරුමයි දෙකක් මතක තියාගන්න ඕනි නෑ. වැඩේ පුළුවන් තරන් සරල කරන තරමට ඔය ලෙවල් එකේදි ඉගෙන ගන්න පහසුයි.

    උබ ඔය කතාව කිව්ව හින්දා මන් දෙයක් කියන්නද ?
    අර ජාවා කඩෙ තියෙනවානෙ?
    එකෙ හිටියා භාතිය කියලා පොරක් .
    පොරගෙ ඉගැන්වීම නම් සුපිරි.
    ඔය ක්ලාස් කියන්නෙ එක ඒ වගෙම ඔබ්ජෙක්ට්, මෙතඩ්
    මෙතඩ් ඕවර්ලොඩ්, ඔවර් රයිඩ්,ඉන්හෙරිටන්ස්,ඉන්ටර්ෆෙස්, සුපර් කීවර්ඩ් එකෙන් වෙන දෙ එතකොට කන්ස්ට්‍රක්ටර් එකෙන් වෙන දෙ වගෙ දෙවල් සුපිරියට වදින්න උදාහරණ වලින්ම කියලා දුන්නා.
    මාත් ගියෙ ඒ කාලෙ පානදුර බ්‍රාන්ච් එකට දැන් නන් ඒක වෙනම තියෙන්නෙ. එතන නිරෝත් සර් ඔය වගේ තමා කියල දුන්නෙ.
    ------ Post added on Mar 11, 2021 at 4:07 PM
     
    • Love
    Reactions: BruceWayne92

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,283
    113
    ඕක වෙන්නෙ බන් පොතේ තියෙන එක එහෙම්ම ගිරව දාල එවන එක ළමයගෙ නෙවෙයි අවුල උගන්නන අයයි. ඔය නම් හදපු අයයි තමා වැඩේ අමාරු කරන්නෙ. ගොඩක් නම් අලුතෙන්ම හදපුව. එහෙම අලුතෙන් හදන්න දෙයක් නෑ ඕකට සින්හල නම් දාන්න. භාවිතා වෙන දෙයක් නාමකරණයට අරගත්තම ලමයට උනත් නමයි තේරුමයි දෙකක් මතක තියාගන්න ඕනි නෑ. වැඩේ පුළුවන් තරන් සරල කරන තරමට ඔය ලෙවල් එකේදි ඉගෙන ගන්න පහසුයි.
    ඕවට සිංහල නම් දාන්න ඕනේ නෑ කියල මම කියන්නේ.

    මොන භාෂාවෙන් නම දැම්මත් නමයි තේරුමයි මතක තිය ගන්නම වෙනවනේ. class කියන එක අච්චුව කිව්වා කියමුකෝ ඒත් ඔකේ ඇත්තම context එකට අදාළ තේරුම එත් ඔලුවට දාගන්න එපයි.

    ඊළඟ ප්‍රශ්නේ අපි හිතෙන හිතෙන නම් දාල ඊළඟට උන් කැම්පස් ගිහින් ඉගන ගද්දි සඳ මෝල් වෙන එක.
     
    STBS300

    Member
    Jan 25, 2018
    28
    7
    3
    සිංහල මාධයෙන් විභාගය ලියනවා නං අනිවාර්යෙන් සිංහල වචන භාවිතා කරන්නන ඕනේ. english වචනේ දීල තියෙනවා නං විතරක් english වචනෙට ලකුණු දෙනවා. paper හදන මහාචාරයවරු තමයි ඔය ගොඩක් නම් හදල තියෙන්නේ. එයාල කියන්නේ ඒ වචනම පාවිච්චි කරන්න ඕනේ කියලා. ඔයවගේ තව ගොඩක් දේවල් පේපර් බලද්දී අහුවෙනවා. ළමයි පවු.එත් කරන්න දෙයක් නෑ
     
    මට මතකයි මෙතඩ් ඕවර් රයිඩ් එකට දුන්න උදාහරණෙ

    ඇස්කණ්නාඩියක් දැම්මාහම ඇස් දෙක ගැලවිලා යන්නෙ නැහැ නෙ?
    ඇස් දෙකත් තියෙනවා කණ්නාඩියෙන් ලැබෙන ලක්ෂණත් තියෙනව .

    එතකොට ක්ලාස් එකක් කියන්නෙ අච්චුවක් .

    බල්ලා ඔබ්ජෙක්ට් එක නම් වේරියෙබල්ස් තමා බල්ලාගෙ ලක්ෂණ .
    නැට්ට, කකුල් ගාණ වගෙ
    මෙතඩ්ස් දමා බල්ලාගෙ ඇක්ෂන්ස්
    බල්ල බුරනවා
    බල්ලා නැට්ට වනනවා .

    සින්ගල්ටන් පැටර්න් එකෙන් වෙන දේ ගැන ඉගැන්නුවෙ
    කෙනෙක් වතුර ටැංකියකට බටයක් දාලා බීලා යනවා.
    තව කෙනෙකුත් එහෙමම බටයක් දාලා බීලා යනවා.
    බට ගොඩ ගැහුනාම ඊලඟට එන කෙනාට බොන්න අමාරුයි.
    එත් සෙරොටම බොන්න එක බටයක් හදනවා.
    එතකොට කොච්චර වතුර බොන්න ආවත් බට ගොඩ ගැහෙන්නෙ නැහැ .
    එක බටෙන්ම වැඩෙ කරත හැකි .

    ඉන්හෙරිටන්ස් ගත්හොත්

    අපිට තාත්තාගෙන් ලැබෙන ලක්ෂණ තියෙනව සීයගෙන් ලැබෙන ලක්ෂණ තියෙනව .
    සීයාගෙන් තාත්තාට ලැබෙන ලක්ෂණ තියෙනවා

    අන්න ඔය වගෙ උදාහරණෙකින් තමා ඕක පැහැදිලි කලෙ.
     
    • Like
    Reactions: Schrodinger Cat

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,348
    100,210
    113
    ඕවට සිංහල නම් දාන්න ඕනේ නෑ කියල මම කියන්නේ.

    මොන භාෂාවෙන් නම දැම්මත් නමයි තේරුමයි මතක තිය ගන්නම වෙනවනේ. class කියන එක අච්චුව කිව්වා කියමුකෝ ඒත් ඔකේ ඇත්තම context එකට අදාළ තේරුම එත් ඔලුවට දාගන්න එපයි.

    ඊළඟ ප්‍රශ්නේ අපි හිතෙන හිතෙන නම් දාල ඊළඟට උන් කැම්පස් ගිහින් ඉගන ගද්දි සඳ මෝල් වෙන එක.
    එහෙම කරන්න පුළුවන් තත්වයක් ලන්කාවෙ නෑ බන් සින්හල නම 100% අතවශ්‍ය දෙයක් නෙවෙයි හරියට උගන්නන පුළුවන් අය ඉන්නව නන් එහෙම නැති උනොත් ලමයට සපෝට් එකක් ගන්න තියෙන්නෙ ඔය පොත විතරයි නෙ. කන්සෙප්ට් එක මතක තියාගෙන ගිහින් පේපර් එකට ලියන්න බෑ වචනත් ඕනිනෙ. පුළුවන් තරන් සරල වචන දාල දුන්නම අදහසක් තියෙන එකාට ගොඩ යන්න පුලුවන්නෙ.
    කැම්පස් යන්නෙ පොඩි ප්‍රතිශතයක්නෙ ඒ ටික ඕකට ග්‍රීක වචන තිබ්බත් ගේම ගහල යනවනෙ. අත ඇරෙන සෙට් එකට තමා අවුල වෙන්නෙ.

    මට මතකයි මෙතඩ් ඕවර් රයිඩ් එකට දුන්න උදාහරණෙ

    ඇස්කණ්නාඩියක් දැම්මාහම ඇස් දෙක ගැලවිලා යන්නෙ නැහැ නෙ?
    ඇස් දෙකත් තියෙනවා කණ්නාඩියෙන් ලැබෙන ලක්ෂණත් තියෙනව .

    එතකොට ක්ලාස් එකක් කියන්නෙ අච්චුවක් .

    බල්ලා ඔබ්ජෙක්ට් එක නම් වේරියෙබල්ස් තමා බල්ලාගෙ ලක්ෂණ .
    නැට්ට, කකුල් ගාණ වගෙ
    මෙතඩ්ස් දමා බල්ලාගෙ ඇක්ෂන්ස්
    බල්ල බුරනවා
    බල්ලා නැට්ට වනනවා .

    සින්ගල්ටන් පැටර්න් එකෙන් වෙන දේ ගැන ඉගැන්නුවෙ
    කෙනෙක් වතුර ටැංකියකට බටයක් දාලා බීලා යනවා.
    තව කෙනෙකුත් එහෙමම බටයක් දාලා බීලා යනවා.
    බට ගොඩ ගැහුනාම ඊලඟට එන කෙනාට බොන්න අමාරුයි.
    එත් සෙරොටම බොන්න එක බටයක් හදනවා.
    එතකොට කොච්චර වතුර බොන්න ආවත් බට ගොඩ ගැහෙන්නෙ නැහැ .
    එක බටෙන්ම වැඩෙ කරත හැකි .

    ඉන්හෙරිටන්ස් ගත්හොත්

    අපිට තාත්තාගෙන් ලැබෙන ලක්ෂණ තියෙනව සීයගෙන් ලැබෙන ලක්ෂණ තියෙනව .
    සීයාගෙන් තාත්තාට ලැබෙන ලක්ෂණ තියෙනවා

    අන්න ඔය වගෙ උදාහරණෙකින් තමා ඕක පැහැදිලි කලෙ.
    ඔය ටික අහල කැම්පස් ගියාම එහෙ කියල දුන්න විදියට මටම ශුවර් නැතුව ගියා මොනවද යකෝ මම ඉගෙන ගෙන තියෙන්නෙ කියල. පස්සෙ තමා තේරුනේ අර සරලව ඉගෙන ගත්ත එක තමා මේ අමාරු කරල ඉගෙන ගත්තෙ කියල. :rofl::rofl::rofl:.
    ------ Post added on Mar 11, 2021 at 4:21 PM
     
    • Haha
    Reactions: BruceWayne92

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    go wahela.......... english beri eka awlak ne. ewata kiyala wachane english walin kia denna one. meke englsih be, sinhalath be. eka nisa it be
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,283
    113
    සිංහල මාධයෙන් විභාගය ලියනවා නං අනිවාර්යෙන් සිංහල වචන භාවිතා කරන්නන ඕනේ. english වචනේ දීල තියෙනවා නං විතරක් english වචනෙට ලකුණු දෙනවා. paper හදන මහාචාරයවරු තමයි ඔය ගොඩක් නම් හදල තියෙන්නේ. එයාල කියන්නේ ඒ වචනම පාවිච්චි කරන්න ඕනේ කියලා. ඔයවගේ තව ගොඩක් දේවල් පේපර් බලද්දී අහුවෙනවා. ළමයි පවු.එත් කරන්න දෙයක් නෑ

    ඔයා IT ගුරුවරයෙක් ද?

    මට මතකයි මෙතඩ් ඕවර් රයිඩ් එකට දුන්න උදාහරණෙ

    ඇස්කණ්නාඩියක් දැම්මාහම ඇස් දෙක ගැලවිලා යන්නෙ නැහැ නෙ?
    ඇස් දෙකත් තියෙනවා කණ්නාඩියෙන් ලැබෙන ලක්ෂණත් තියෙනව .

    එතකොට ක්ලාස් එකක් කියන්නෙ අච්චුවක් .

    බල්ලා ඔබ්ජෙක්ට් එක නම් වේරියෙබල්ස් තමා බල්ලාගෙ ලක්ෂණ .
    නැට්ට, කකුල් ගාණ වගෙ
    මෙතඩ්ස් දමා බල්ලාගෙ ඇක්ෂන්ස්
    බල්ල බුරනවා
    බල්ලා නැට්ට වනනවා .

    සින්ගල්ටන් පැටර්න් එකෙන් වෙන දේ ගැන ඉගැන්නුවෙ
    කෙනෙක් වතුර ටැංකියකට බටයක් දාලා බීලා යනවා.
    තව කෙනෙකුත් එහෙමම බටයක් දාලා බීලා යනවා.
    බට ගොඩ ගැහුනාම ඊලඟට එන කෙනාට බොන්න අමාරුයි.
    එත් සෙරොටම බොන්න එක බටයක් හදනවා.
    එතකොට කොච්චර වතුර බොන්න ආවත් බට ගොඩ ගැහෙන්නෙ නැහැ .
    එක බටෙන්ම වැඩෙ කරත හැකි .

    ඉන්හෙරිටන්ස් ගත්හොත්

    අපිට තාත්තාගෙන් ලැබෙන ලක්ෂණ තියෙනව සීයගෙන් ලැබෙන ලක්ෂණ තියෙනව .
    සීයාගෙන් තාත්තාට ලැබෙන ලක්ෂණ තියෙනවා

    අන්න ඔය වගෙ උදාහරණෙකින් තමා ඕක පැහැදිලි කලෙ.

    වචනෙට වඩා ඔහොම උදාහරණ එක්ක උගන්නන එක වැදගත් කියල මට හිතෙන්නේ

    එහෙම කරන්න පුළුවන් තත්වයක් ලන්කාවෙ නෑ බන් සින්හල නම 100% අතවශ්‍ය දෙයක් නෙවෙයි හරියට උගන්නන පුළුවන් අය ඉන්නව නන් එහෙම නැති උනොත් ලමයට සපෝට් එකක් ගන්න තියෙන්නෙ ඔය පොත විතරයි නෙ. කන්සෙප්ට් එක මතක තියාගෙන ගිහින් පේපර් එකට ලියන්න බෑ වචනත් ඕනිනෙ. පුළුවන් තරන් සරල වචන දාල දුන්නම අදහසක් තියෙන එකාට ගොඩ යන්න පුලුවන්නෙ.
    කැම්පස් යන්නෙ පොඩි ප්‍රතිශතයක්නෙ ඒ ටික ඕකට ග්‍රීක වචන තිබ්බත් ගේම ගහල යනවනෙ. අත ඇරෙන සෙට් එකට තමා අවුල වෙන්නෙ.

    සිංහලෙන් නම ඉගැන්නුවොත් නම් සපෝට් එකට ඉන්නේ පොත විතරයි (මොකෝ ඉතින් අයියේ ඇඹරි යුගල ගැන කියල දෙන්නකෝ කියල අපෙන් ඇහුවත් අපි කුණුහරපයක් කියල එලව ගන්නවා මිසක් twisted pairs ගැන මේ කියන්නේ කියල හිතෙයි ද)

    හරි ඉංග්‍රීසි වචනේ ඉගැන්නුවොත් ළමයට සපෝට් එකට තියන resources unlimited. ඒ නිසා ගුරු ගැටලුවත් ඕක ඉංග්‍රීසි වචනෙම උගන්නන තව හේතුවක්.

    දැන් ඔය සිංහල වචන උගන්නල campus යන උන්ට වැඩකුත් නෑ, රස්සාවක් කරන උන්ට වැඩකුත් නෑ එහෙනම් මේ ඉගැන්නිලේ ඇති වැඩේ මොකක්ද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,348
    100,210
    113
    සිංහලෙන් නම ඉගැන්නුවොත් නම් සපෝට් එකට ඉන්නේ පොත විතරයි (මොකෝ ඉතින් අයියේ ඇඹරි යුගල ගැන කියල දෙන්නකෝ කියල අපෙන් ඇහුවත් අපි කුණුහරපයක් කියල එලව ගන්නවා මිසක් twisted pairs ගැන මේ කියන්නේ කියල හිතෙයි ද)

    හරි ඉංග්‍රීසි වචනේ ඉගැන්නුවොත් ළමයට සපෝට් එකට තියන resources unlimited. ඒ නිසා ගුරු ගැටලුවත් ඕක ඉංග්‍රීසි වචනෙම උගන්නන තව හේතුවක්.

    දැන් ඔය සිංහල වචන උගන්නල campus යන උන්ට වැඩකුත් නෑ, රස්සාවක් කරන උන්ට වැඩකුත් නෑ එහෙනම් මේ ඉගැන්නිලේ ඇති වැඩේ මොකක්ද?
    මම කියන්නෙ ඔය වචන දෙකම පොතේ තියෙන්න ඕනි සහ පේපර් එකේදි දෙකෙන් ඕනි එකක් තිබ්බොත් ඇක්සෙප්ට් කරන්න ඕනි කියන එකයි. ඒක බලන ලමයට ඉන්ග්‍රිස් නන් ඉන්ග්‍රිස් සින්හල නන් සින්හල වලින් ඔය ලෙවල් එකේදි ඉගෙන ගන්න දීල ඊට වඩා එහාට යනව නන් ඉන්ග්‍රිස් වචනෙ භාවිතා කරන්න දෙන එක හොදයි කියල. ප්‍රශ්නෙ තියෙන්නෙ ඉන්ඩස්ට්‍රි එකේ අපෙන් අහගෙන කරන උන්ගෙ නෙවෙයි අපෙනුත් අහන්නෙ නැතුව වැඩක් දුන්නම අල කරල දාන සෙට් එකක් ඉන්නවනෙ අන්න උන්ගෙ.

    ඉගැන්නිල්ලෙ වැඩේ තියෙන්නෙ බේස් එක හැදෙන එක. ඇත්තටම ඉගෙන ගත්ත බාසාව වැඩක් වෙන්නෙ නෑ පස්සෙ. ඒත් මුලදි කන්සෙප්ට් ටික අල්ලගන්න බාසාව වැදගත්.
     
    cad87970a5ca4d628f7b38d923eb7fba.jpg
     
    නම කියන්නේ මචන් නිකන්ම ලේබල් එකක්, පුටුව කියන ලේබල් එක ඇහුවම අපිට ඇත්ත පුටුවක් හිතේ මැවෙනවා වගේ.

    මම කියන්නේ අපි අලුත් ලේබල් හදන්නේ නැතුව තියන ලේබල් එකම දාල පැහැදිලි කිරීම් සිංහලෙන් කරන්න ඕනේ කියල. ඉගන ගත්ත දෙයින් ප්‍රයෝජනයක් ගන්න අපහු ඉංග්‍රීසි නම ඉගන ගන්න වෙනවා නම් ඔය ඉගැන්නිල්ල තේරුමක් නැනේ.

    බේස් එක හැදෙන class ද අච්චුවද කියන ලේබල් එකට වඩා ළමයට තේරෙන භාෂාවකින් උදාහරණ එක්ක පැහැදිලි කරන එක තමයි බලපාන්නේ. ඒක නැතුව මොන නම දැම්මත් තේරුමක් නෑ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,201
    113
    Gotham City
    ඔය ටික අහල කැම්පස් ගියාම එහෙ කියල දුන්න විදියට මටම ශුවර් නැතුව ගියා මොනවද යකෝ මම ඉගෙන ගෙන තියෙන්නෙ කියල. පස්සෙ තමා තේරුනේ අර සරලව ඉගෙන ගත්ත එක තමා මේ අමාරු කරල ඉගෙන ගත්තෙ කියල. :rofl::rofl::rofl:.
    ------ Post added on Mar 11, 2021 at 4:21 PM

    කැම්පස් හිටිය උනුත් හිටියා මගෙ එක්ක ජාවා ඕසීපිජේපි ක්ලාස් එකෙ .
    එක්කෙනෙක් කැලණි ,අනික් කෙනා කොළඹ
    අක්කලා දෙන්නම කිව්වෙ "ඇත්තම කතාව නම් මල්ලි කැම්පස් එකෙ මෙහෙම හොඳට තෙරෙන්න කියලා දෙන්නෙ නැහැ .මෙතන හොඳට වදින්න කියලා දෙනවා .එත් ඉතිං අපිට පිළිගැනිමක් ලබාගන්න අපි කැම්පස් එකෙ කියන දේ කරනවා " කියලා .

    ජාවා කඩෙට පිලිගැනිම නොතිබ්බාට හොඳට උගන්නපු ගුරුවරුත් හිටියා .

    මට මතක් උනා ට්‍රයි කැච් එකෙ Error හැන්ඩ්ල් කරන එකෙ වැදගත් කම කියලා දීපු උදාහරණෙ .

    රොකට් එකක් යැවුවලු කාලෙකට කලින් ඒක පිපිරුවාලු ගුවන් ගත වෙද්දිම
    හේතුව ප්‍රොග්‍රැමින් Error එකක් .
    මොකක්ද Errorඑක ?
    හයිෆන් " - " එක ටයිප් කරලා නැහැ ප්‍රොග්‍රැම් එකෙ එක තැනක .
    ප්‍රොග්‍රැම් එක එක්සිකියුට් වෙද්දි Error එක ආවා රොකට් එක පිපිරුවා.
    ඒ කාලෙ Error හැන්ඩ්ල් කරන්න හිතලා තිබිලා නැහැ ප්‍රොග්‍රැම් වල
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,705
    16,914
    113
    කොහේ හරි අතුගාන ඩ්‍රයිවින් වගේ රැකියාවක් කරනවා වෙන්න පුලුවන්.
    Please respect their jobs bro. Don’t degrade them
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,348
    100,210
    113
    නම කියන්නේ මචන් නිකන්ම ලේබල් එකක්, පුටුව කියන ලේබල් එක ඇහුවම අපිට ඇත්ත පුටුවක් හිතේ මැවෙනවා වගේ.

    මම කියන්නේ අපි අලුත් ලේබල් හදන්නේ නැතුව තියන ලේබල් එකම දාල පැහැදිලි කිරීම් සිංහලෙන් කරන්න ඕනේ කියල. ඉගන ගත්ත දෙයින් ප්‍රයෝජනයක් ගන්න අපහු ඉංග්‍රීසි නම ඉගන ගන්න වෙනවා නම් ඔය ඉගැන්නිල්ල තේරුමක් නැනේ.

    බේස් එක හැදෙන class ද අච්චුවද කියන ලේබල් එකට වඩා ළමයට තේරෙන භාෂාවකින් උදාහරණ එක්ක පැහැදිලි කරන එක තමයි බලපාන්නේ. ඒක නැතුව මොන නම දැම්මත් තේරුමක් නෑ.
    උබ ලමයි සෙට් එකකට අයිටී උගන්නල තියෙනවද? එහෙම උනා නන් මම ඔය කියන එක තේරෙනව. පන්තියක ඉන්නෙ බන් ඔය විදියට හිතන අය 20%ක් වගේ තව 20%ක් ඉන්නව මොන මගුල කරත් වැඩක් නෑ කරගන්න නෑ. උගන්න කෙනයි ක්ලාස් එකයි දෙකම සක්සස් වෙන්න අපි කරන්නෙ මැද ලෙවල් එකට පොඩ්ඩක් අඩු සෙට් එක ටාර්ගට් කරල කියල දෙනව එතකොට 70%ක් විතර ක්ලාස් එකෙන්ම ගොඩ යනව.

    මුලු ක්ලාස් එකෙන්ම 40%ක් විතර ඉන්නව සන්කීරණ දේවල් ඔළුවෙ ප්‍රොසෙස් කරන්න ලෝන්ග් ටර්ම් මෙමරි නැති අන්න ඒ සෙට් එක ගොඩ දාගන්න එක තමා මගෙ ටාර්ගට් එක උන්ට වැඩියෙන්ම තියෙන ලොකුම ප්‍රශ්නෙ තමා මේ එක එක නම් මතක තියාගන්න එක. දෙයක් එක්ස්ප්ලේන් කරන්න කිව්වම කන්සෙප්ට් එක දන්නව ඒත් කියාගන්න බෑ ඔය නම් මතක නැති නිසා. එතකොට උන් වැඩි හරියක් ෆේල් වෙනව හරි නම කියා ගන්න බැරුව. එහෙම නැතුව එදිනෙදා භාවිතා වෙන දෙයකින් නම් වෙලා තිබ්බ නන් ඕක එච්චර අමාරු දෙයක් වෙන්නෙ නෑ ඒ ළමයිට ඕක කියන්න. දැන් වෙලා තියෙන්නෙ සින්හල නම මතක තියාගන්න අරිට වඩා ගේමක් දෙන්න ඕනි.

    ඔය ප්‍රශ්නෙ සුදු පැටියන්ට නෑ උන්ගෙ මදර් ටන්ගෙ එක නිසා class කිව්ව ගමන් ඒක භාවිතා වෙන වෙන තැන් ඔළුවෙ මැවෙනව එතකොට කරන්න තියෙනෙන් කන්සෙප්ට් එක ගලපන එක විතරයි. ඒ ගැප් එක නිසා මෙහෙ හැලෙන ළමයි ටික අපරාදෙ.
     
    ඕකට හෙතුව නලින් ද සිල්වා කියනවා
    බටහිර සංකල්ප වියුක්තයි .
    අපිට බැහැ බටහිර මිනිහෙක් විදියට හිතන්න .
    ඒ නිසාම තමා විද්‍යාව ඉගෙන ගත්තත් අපිට බැරි අළුත් දෙයක් දායක කරන්න .
    මොකද ඒ සංකල්ප වල තියෙන වියුක්ත චින්තනය නිසා .
     
    රොකට් එකක් යැවුවලු කාලෙකට කලින් ඒක පිපිරුවාලු ගුවන් ගත වෙද්දිම
    හේතුව ප්‍රොග්‍රැමින් Error එකක් .
    මොකක්ද Errorඑක ?
    හයිෆන් " - " එක ටයිප් කරලා නැහැ ප්‍රොග්‍රැම් එකෙ එක තැනක .
    ප්‍රොග්‍රැම් එක එක්සිකියුට් වෙද්දි Error එක ආවා රොකට් එක පිපිරුවා

    1962 NASA Mariner 1 disaster -- "The most expensive hyphen in history"

    https://en.m.wikipedia.org/wiki/Mariner_1
     
    • Love
    Reactions: BruceWayne92

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,283
    113
    උබ ලමයි සෙට් එකකට අයිටී උගන්නල තියෙනවද? එහෙම උනා නන් මම ඔය කියන එක තේරෙනව. පන්තියක ඉන්නෙ බන් ඔය විදියට හිතන අය 20%ක් වගේ තව 20%ක් ඉන්නව මොන මගුල කරත් වැඩක් නෑ කරගන්න නෑ. උගන්න කෙනයි ක්ලාස් එකයි දෙකම සක්සස් වෙන්න අපි කරන්නෙ මැද ලෙවල් එකට පොඩ්ඩක් අඩු සෙට් එක ටාර්ගට් කරල කියල දෙනව එතකොට 70%ක් විතර ක්ලාස් එකෙන්ම ගොඩ යනව.

    මුලු ක්ලාස් එකෙන්ම 40%ක් විතර ඉන්නව සන්කීරණ දේවල් ඔළුවෙ ප්‍රොසෙස් කරන්න ලෝන්ග් ටර්ම් මෙමරි නැති අන්න ඒ සෙට් එක ගොඩ දාගන්න එක තමා මගෙ ටාර්ගට් එක උන්ට වැඩියෙන්ම තියෙන ලොකුම ප්‍රශ්නෙ තමා මේ එක එක නම් මතක තියාගන්න එක. දෙයක් එක්ස්ප්ලේන් කරන්න කිව්වම කන්සෙප්ට් එක දන්නව ඒත් කියාගන්න බෑ ඔය නම් මතක නැති නිසා. එතකොට උන් වැඩි හරියක් ෆේල් වෙනව හරි නම කියා ගන්න බැරුව. එහෙම නැතුව එදිනෙදා භාවිතා වෙන දෙයකින් නම් වෙලා තිබ්බ නන් ඕක එච්චර අමාරු දෙයක් වෙන්නෙ නෑ ඒ ළමයිට ඕක කියන්න. දැන් වෙලා තියෙන්නෙ සින්හල නම මතක තියාගන්න අරිට වඩා ගේමක් දෙන්න ඕනි.

    ඔය ප්‍රශ්නෙ සුදු පැටියන්ට නෑ උන්ගෙ මදර් ටන්ගෙ එක නිසා class කිව්ව ගමන් ඒක භාවිතා වෙන වෙන තැන් ඔළුවෙ මැවෙනව එතකොට කරන්න තියෙනෙන් කන්සෙප්ට් එක ගලපන එක විතරයි. ඒ ගැප් එක නිසා මෙහෙ හැලෙන ළමයි ටික අපරාදෙ.
    ඉතින් බං නම සිංහල උනා කියල උට concept එක මතක හිටින්නේ නැනේ? දැන් උඹ කියන එකාට මුළු concept එකම මතකයි තනි වචනේ මතක නෑ? ඒක හෙන අමුතු සිද්දියක් නේ. උට සිංහල නමක් තිබ්බත් ඔච්චරම තමයි. නමක් කියන්නේ මොන භාෂාවෙන් තිබ්බත් ලේබල් එකක් විතරයි නිසා.

    අනික් දේ ඔහොම සිංහල නම් උගන්නල වැඩක් නෑනේ ඉතින් උන් ටිකක් මහන්සි වෙලා හරි නියම නම එක පාරම ඉගන ගන්න එක හොඳයි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,348
    100,210
    113
    ඉතින් බං නම සිංහල උනා කියල උට concept එක මතක හිටින්නේ නැනේ? දැන් උඹ කියන එකාට මුළු concept එකම මතකයි තනි වචනේ මතක නෑ? ඒක හෙන අමුතු සිද්දියක් නේ. උට සිංහල නමක් තිබ්බත් ඔච්චරම තමයි. නමක් කියන්නේ මොන භාෂාවෙන් තිබ්බත් ලේබල් එකක් විතරයි නිසා.

    අනික් දේ ඔහොම සිංහල නම් උගන්නල වැඩක් නෑනේ ඉතින් උන් ටිකක් මහන්සි වෙලා හරි නියම නම එක පාරම ඉගන ගන්න එක හොඳයි.

    උබ හිතන් ඉන්න විදියට ළමයින්ගෙ ඔලුව වැඩකරන්නෙ නෑ මචන් සුලුතරයකට ඔය කියන විදියට කරන්න පුළුවන් ඉතුරු ටිකට එහෙම බෑ.