මෙහෙමයි ඉතින්. උබට ඕක තේරෙනව නං තේරෙන්න ඕන ගොඩක් කාලෙකට කලින්. NPP තියා සිංගප්පූරුව හදපු සෙට් එක ආවත් රට තව අවුරුදු ගානකට උබ හිතන ගානට ගොඩ දාන්න බෑ. ඔන්න කෙටියෙන්ම කිව්වා.
උබ හරි සුදුසුකම් එක්ක රට ගියොත් උබට භෞතික දේවල් වලින් මනින quality of life ගන්න පුලුවන්. ඒක ලංකාවෙ ඉඳන් තව අවුරුදු 10කට වත් ගන්න වෙන්නෙ නෑ. ඒක තමයි ඇත්ත. ඒ තත්වෙ රටක් තමයි NPP එකට හම්බුනේ. ඒක NPP එකේ වරදක් නෙවෙයි රටේ ජනතාවගෙ වරද. ඇත්ත තේරුම් ගන්න කාලකණ්ණි මූසලයන්ට බලය දීලා රට කාලා කාලා බංකොළොත් කරලා කන්නත් නැති වෙනකන් ඉන්න උන එකේ වරද.
කරන්න දෙයක් නෑ ඒක තමයි අනුරලාට බලය දෙන කොට තත්වය. ඒකෙන් ගොඩ එන්න ලොකු කාලයක් යනවා. නිකමට හිතපන් ප්රාදේශිය මට්ටමෙන් electricity down වෙන්න දෙයක් උනොත් ලංකාවෙ ඒක මුලු රටටම කෙළවෙන තත්වෙකට යනවා. ඒක තමයි මෙච්චර කල් පොනිල් රාජපක්ෂලා හදපු රට. උබ හිතන්නෙ මාස 4න් අනුරලා ඒ සිස්ටම් ටිකත් හදලා රට ගොඩ දාන්න පුලුවන් කියලද?
ගොඩ එන්න කිව්වෙ උබ ඔය හිතන මට්ටමට එන්න. ඒක දන්න නිසා තමයි මාත් රටින් පිට ඉන්නෙ.
ඒ මට්ටමට එන්න අවුරුදු 10කටත් වඩා යනව නං ඇයි NPP එකට බලේ දුන්නෙ කියල අහන්න හිතෙනවද? හේතුව තමයි ඒක මාස 4කට කලින් කරපු නිසා තව අවුරුදු 10කින් හරි තියෙනවට වඩා හොද රටක් හදාගන්න පුලුවන් නිසා. රට බංකොළොත් කරපු කාලකණ්ණි හිටියනං තව අවුරුදු 10කින් තියෙන්නෙත් අද වගේම රටක් එක්කො ඊටත් වඩා පහළට වැටුණ රටක්.
කවද හරි first step එක තියන්න වෙනවා වගේම එදා ඉඳන් ගතවෙන කාලය ගතවෙනවා. රටේ උන් ඒක තේරුම් ගත්තෙ නැතුව නටන වතුර හැලියෙ කකුලුවා වගේ හිටපු එකෙන් කෙළවගත්තා.
මේක ඇත්තටම ඉතාම ජනප්රිය දේශපාලඥයන්ගේ නොහැකියාව වහගන්න කියපු වැරදි කතාවක්. හරියටම යුග ගණනාවක් ඉතිහාසය බැලුවොත් වර්ථමානය තමයි ආර්ථිකය කෙසේවෙතත් සමාජ දේශපාලන කරනා අතින් ප්රශ්ණ අඩුම කාලය. ලංකාවේ ගොඩක් මිනිස්සුන්ට හිතන් ඉන්න උන්ට ඒත්තු ගන්නල තියන විදිහට ආර්ථිකය කියන්නේ rocket science නෙවෙයි. ඒක හැමතිස්සෙම fact and figures. ලංකාව දියුණු වෙන්න ගොඩක් කාලයක් යනවා කියන logic එක පිළිගන්න තිබ්බා ඔය කතාව 1912දී වගේ කිව්වානම්. Germany, Japan, Thaiwan, South Korea, China, India මේ රටවල් දැන් තියෙන තත්වෙට රටවල් transformation කරපු හැටි, උන් කරපු හරි දේවල් වැරදි දේවල් ගැන නිශ්චිතම කියන්න පුළුවන් කලෙක, කොටින්ම case studies කරන්න information ඕසේට තියෙන කාලෙක තවම ලංකාවට ගැලපෙන මොඩලයක් හදනවා වෙනුවට කාලයක් තිස්සේ අසාර්ථක වෙච්ච දේවල්ම continue කරනවා කියන්නෙම NPP එකට තව අවුරුදු 5ක් නෙවෙයි 100ක් දුන්නත් ආර්ථිකය හදන්නේ නෑ කියන එක.