සාමාන්‍යයෙන් අලුත කසාද බඳින යුවලක් දිහා කසාද නොබැඳපු බොහෝ දෙනෙක් බලන්නේ හරිම කුතුහලෙන් වගේම තවත් පැත්තකින් පුංචි ඊරිසියාවකින්. දැන් ඉතින් මේ දෙන්නාට එකට නිදහසේ ජීවත්වෙන්න පුළුවන්, නැත්නම් හැමදාම ලිංගිකව එකතුවෙන්න පුළුවන් වගේ පුංචි ඊරිසියාවක් හිතට දැනෙනත් පුළුවන්.
ඇත්තටම කසාද බැඳපු අය හැමදාම ලිංගිකව එකතුවෙනවද? මේක ඉතින් සරලවම ඔව් හරි නෑ හරි කියලා උත්තර දෙන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. ඒත් බැඳපු අලුතනම් සමහර ජෝඩු හැමදාම වගේ ලිංගිකව එකතු වෙනවා, ඒත් පස්සේ පස්සේ මේ කාලසීමාව වෙනස් වෙන්න පුළුවන්. ඒකට බලපාන ගොඩක් දේවල් තියනවා.
මේ ගැන 1994 අවුරුද්දේ ලෝව්මන් කියන පර්යේෂකයා කරපු සමීක්ෂණයකින් හෙළිවුණේ විවාහක යුවල සාමාන්‍යයෙන් ලිංගිකව එකතුවෙන්නේ සතියකට වරක් හෝ දෙවරක් කියන ප්‍රතිඵලයයි. ඒ කියන්නේ පොදුවේ ගත්තොත් විවාහක අය දිනපතා ලිංගික ක්‍රියාකාරකම්වල නිරත වෙනවා කියන එක පිළිගන්න අමාරුයි.
ඒත් මේ ලිංගික ක්‍රියාකාරකම් කියන එක ටිකක් සංකීර්ණයි. ඒ කියන්නේ සතියකට වරක් දෙවරක් පමණක් අභ්‍යන්තර ලිංගික එක්වීමක් (Intercourse) සිද්ධවෙනවා කියලා මේ පරීක්ෂණයෙන් කිව්වට පුංචි පුංචි බාහිර ලිංගික එක්වීම් නම් ඊට වඩා සිදුවෙන්න පුළුවන්.
කොහොමවුනත් පොදුවේ පිළිගැනීම තමයි විවාහක යුවලකගේ බැඳීම දීර්ඝකාලීනව සතුටින් සහ තෘප්තිමත්ව පවතින්න නම් ලිංගිකව එක්වෙන වාර ගණන වැඩිවීම සහ සතියකට කිහිප වතාවක් වත් ලිංගිකව එක්වෙන්න පුළුවන් නම් වඩා හොඳයි කියන එකයි. මේ මතය 2011 ස්මිත් නැමති මනෝවිශ්ලේෂකයා සඳහන් කරලා තිබෙනවා. ඔහු කරපු පර්යේෂණයකින් මේ මතය කාන්තාවන් 58% ක සහ පුරුෂයන් 46% ප්‍රතිශතයක් සනාථ කරලා තිබෙනවා.
අද පවතින ජීවන රටාව එක්ක, කාර්යබහුල ජීවිත නිසා දිනපතා නෙවෙයි සතියකට වරක්වත් අභ්‍යන්තර ලිංගික එක්වීමකට යුවලකට අවස්ථාව ලැබෙන්නේ හෝ පෙළමෙන්නේ ඉතාම අඩුවෙන්. මේ නිසාම යාන්ත්‍රික ජීවිතය එක්ක ඔවුන්ගේ බැඳීම්වල දුරස්ථභාවයට මේක හේතුවක් වෙනවා.
මේ නිසාම විතරක් නෙවෙයි විවාහකයන් අතරේ තියන මානසික දුරස්ථභාවයන්, සබඳතාවයේ ගැටළු නිසාත් ලිංගිකව එක්වීමේ වාර ගණන සීමා සහිත වෙලා. 2015 වසරේ ඇමරිකාවේ කරන ලද පර්යේෂණයකින් අනාවරණය වෙන්නේ ඇමරිකානුවන් අතරේ පවා විවාහකයන් සහ එක්ව ජීවත්වන්නන් අතරේ ලිංගිකව එක්වීම සිදුවන්නේ සාමාන්‍යයෙන් සතියකට එක් වතාවක් පමණයි කියලා.
ඒ නිසා බැඳපු අය හැමදාම ලිංගිකව එකතුවෙනවා කියලා හිතාගෙන ඉන්න අයට මේක හොඳ හොයාගැනීමක්. විවාහය කියන්නේ ලිංගිකව එක්වීමක් පමණක් නොවෙන නිසා විවාහයේ තියන අනිත් රසවිඳීම් වලට මේක එක්තරා විදිහක උත්තේජනයක්.
මූලාශ්‍රය -
https://her.lk/sex-and-relationship/1079-do-married-couples-have-sex-daily