වෙන ගායකයින්ට වඩා කසුන්ගේ ගීත වල බොහොම වෙනසක් තිබෙනවා. ඒකට හේතුව තමයි නිර්මාණ කරත්දී වෙනස්කම් සහ පර්යේෂණ කරන්නට ඔහුගේ ඇති නිර්භය බව. කසුන් අප වෙත ගෙන එන්නේ නිර්මාණයක් විදියට ඔහුව අමන්දානන්දයට පත් කරන නිර්මාණ විතරයි. ඉතින් හැම විටම ඔහුගේ නිර්මාණ, රැල්ලට නොයන සංගීතයේ සීමාවන් අතික්‍රමණය කල සුපිරි ඒවා වීම අහන්නත් දෙයක්ද?
ඉතින් මේ කාරණා ගැන කල්පනා කරලා අපි හිතුවා කසුන් කල්හාරගේ හොඳම සහ වෙනස්ම ගීත 10ක එකතුවක් ඔබ වෙතට ගෙන එන්නට.
1. ඉරිමා උදයේ
කසුන්ගේ ඉරිමා උදයේ ගීතය වර්තමාන සින්දුත් එක්ක ගත්තම සෑහෙන්න වෙනසක් තියෙනවා. Unplugged සහ Rock සංගීතය සිංහල ගීත කලාව ඇතුලේ එතරම්ම ප්‍රචලිත නැති කාලේ ඉන්ද්‍රචාප එක්ක කරපු මේ සින්දුව සෑහෙන්න අපේ හිත් වල රැඳුනා. බොහොම සරල සංගීත භාණ්ඩ කිහිපයක් එක්ක ආරම්භ වෙලා අන්තිම තත්පර කිහිපයේදී රොක් ගීතයක් තරමටම තාලය, හඬ මේ සියලු දේ වෙනස් වෙන වෙනත් ගීතයක් අපේ ගී මතකයන් අතරේ නැති තරම්.
2. Wordless
“හරිත නිම්නයේ” ඇල්බමයේ එන මේ සංගීතය ඔබට අසන්නට හැකියාවක් තිබෙනවා නම් මේ වෙනස ඔබට වැටහේවි. ඒ කාලයේ ෆ්ලෙමෙන්කෝ ගිටාරයක වැයීම් අඩංගු වෙනත් ගීතයක් තිබුනේ නැති තරම්. පසුපසින් ඇසෙන කසුන්ගේ ඉන්ද්‍රචාපගේ සහ නදීකගේ සිහින් හඬට මේ සියල්ලම එකතුවෙනකොට අපිට දැනෙන්නේ පද මාලාවක් නැතත් පදමාලාවක් ඇති ගීතයකට වඩා දැනෙන හැඟීමක්.
3. රැඩිකල් ප්‍රේමය
කසුන්ගේ දෙවැනි ඇල්බමයේ එන මේ සින්දුව, ලංකාවේ Soft Rock ගීත වලින් මූලිකම තැන තිබෙන ගීත වලින් එකක් විදියට හඳුනාගන්න පුලුවන්. තමන්ගේ ගීත වලින් අමුතු අමුතු පර්යේෂණ කරන්න බය නැති කසුන් මේ සින්දුවේ තනුව සහ සංගීතය තුළිනුත් කරලා තිබෙන්නේ අපූරු පර්යේෂණයක් කියලා තමයි කියන්න තියෙන්නේ. නමුත් ඒ පර්යේෂණය වැරදිලා නම් නැහැ.
4. There She Comes
කසුන් කියපු Country Style එකේ සින්දුවක් අහලා නැති නම් මේ ගීතය අහන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. සාමාන්‍ය ස්ටුඩියෝ එකක කතාබහක් විදියට ආරම්භවෙන ගීතය ලස්සන Country Start එකක් අරගෙන ගලාගෙන යන ආකාරය නම් හරිම අපූරුයි. ගීතය මැදින් ඇහුවොත් මෙය ගයන්නේ ලංකාවේ ගායකයෙක් ද කියලා හිතාගන්නටත් අපහසු තරම්.
5. ලෙයිලා
ස්පාඤ්ඤ සංගීත ආරේ ගීතයක් විදියට නිර්මාණය වෙන මේ ගීතයේ පද මාලාවත් එයටම හොඳින් ගැළපෙනවා. Djembe සහ Spanish Guitar තාල වලට අනුකූල වෙන විදියට නිර්මාණය කරලා තිබෙන මේ ගීතය කසුන්ගේ අවසාන ඇල්බමයේ ගීතයක් විදියටයි අපට ඔහු තිලිණ කරන්නේ.
6. වර්ණ
‘වර්ණ’ ගීතය නිර්මාණය වෙන්නේ ඇකපෙලාවක් (Acapella) විදියට. ඒ කියන්නේ කට හඬින් පමණක් අතිරේක ශබ්ද මවමින් කරන ගායනාවක් විදියට. ආරක් ලෙස ඇකපෙලා ප්‍රචලිත නැති කාලයකදී ගීතයක් ලෙස ක්‍රිෂාන්, නදීක, ඉන්ද්‍රචාප එක්ක කසුන් කරපු මේ වැඩේ Masterpiece එකක් කියලා බය නැතිව කියන්න පුළුවන්.
7. පිටස්තරයා
ගොඩක් අය නොදන්නවා වුනාට මේ ගීතයේ තාලය නෑකම් කියන තවත් ගීතයක් තිබෙනවා. ඒ තමයි Scorpions ගායක කණ්ඩායමේ Still Loving You ගීතය. සම්පුර්ණයෙන්ම නොවුනත් ස්කෝර්පියන්ස්ලාගේ ගීතයේ ආභාෂය පිටස්තරයා ගීතයේ තිබෙන බව නම් අනිවා ෆැක්ට් එකක්.
8. මල් මිටක් තියන්න
අපි හරි ආදරයෙන් වැළඳගත්තු ගීතයක් තමයි මල්මිටක් තියන්න ගීතය. නමුත් ඔබ නොදන්නා තොරතුරක් ඒ ගීතයේ සැඟවී තිබෙනවා. ඒ තමයි ගීතයේ ආරම්භක කොටසේ ඇති සංගීත ඛණ්ඩයෙන් කොටසක් කසුන්ගේ නොවෙන බව. අයිරිෂ් සාම්ප්‍රදායික ජනගීයක කොටසක් පාදක කරගනිමින් තනා ඇති මේ ගීතය රසයෙන් නම් කිසිම අඩුවක් නැති බව නම් කියන්නම ඕනේ.
9. සඳ මිතුරී
සඳ මිතුරී ගීතයේ දමිල ගීතයකුත් තිබෙන නිසා එය කොපියක් කියලා ගොඩක් අය චෝදනා කල අවස්ථා තිබුනා. නමුත් ඇත්ත කතාව තමයි සඳ මිතුරී ගීතයේ සංගීතය සහ තනුව නිර්මාණය කරන්නේ ‘Raj’ විසින්. ඉතින් එහිදී ඔහු තනුව සහ සංගීතය දමිල ගීතය නිර්මාණය කිරීම සඳහාත් ලබා දෙනවා. මේ ගැන බොහෝ අය චෝදනා කරන්නේ කිසිත් නොදැනයි.
10. රොමැන්ටික් ඔපෙරා
සිංහල ගීතයක සොප්රානෝ සහ Classical Western සංගීත හැඩතල සහිත සංගීත ඛණ්ඩ පවතිනවා නම් ඒ කසුන්ගේ රෝමාන්තික ඔපෙරා ගීතයේ පමණයි. මෙවැනි ගීත වෙනත් සංගීත ශිල්පීන් කරන්න බියවෙනවා. නමුත් කසුන් ඒ සීමාව අතික්‍රමණය කරනවා මේ සින්දුවෙන්.
11. Escape
කසුන් ඉන්ද්‍රචාප දෙන්නගෙ මුල්ම ඇල්බමය වන හරිත නිම්නය ඇල්බමයේ තියෙන Escape ගීතය සිංහල ගීත අතරෙ විශේෂ ගීතයක් වෙන්නෙ ඒක යම් සිද්ධියක් සිදු වීමේ අවස්ථාවෙ ඉඳන් අවසානය දක්වා සිද්ධ වෙන සිදුවීම් පෙලක් පසුබිමින් ඇසෙන අතරෙ ගැයෙන ගීතයක් වීම නිසයි. මේ සිදුවීම මොකක්ද කියන එක දැනගන්න නම් ගීතය අහන්න කියලයි අපි කියන්නේ.
උපුටා ගැනීම http://www.aniwa.lk/2017/07/05/1707053-kasun-kalhara-experiments/