කහවත්තේ ඝාතකයා භූතාත්මයක්
තවත් අභිරහස් කාන්තා ඝාතනයක් පිළිබඳව ඊයේ (30 බ්රහස්පතින්දා) කහවත්ත ප්රදේශයෙන් වාර්තා වී තිබේ. පසුගිය දින කිහිපය තුළ මෙවන් ඝාතන 07ක් පිළිබඳව කහවත්ත ප්රදේශයෙන් වාර්තා විය.
මෙම ඝාතනයන්ට ලක්වී ඇති සියල්ලන්ම වයෝවෘද්ධ කාන්තාවන් වන අතර ඒ සම්බන්ධයෙන් විවිධ කටකතා ප්රදේශවාසීන් අතර පැතිර තිබේ. එමෙන්ම මෙම ඝාතන හේතුවෙන් ප්රදේශය පුරා නොසන්සුන්තාවයක් හටගෙන ඇති අතර ඇතැම් වියපත් කාන්තාවන් ආරක්ෂාව සඳහා වෙනත් ස්ථානවලට කැඳවාගෙන යාමටද ප්රදේශවාසීන් කටයුතු කර තිබේ. එමෙන්ම මෙම ප්රදේශවල රබර් කිරි කැපීම, තේ දළු නෙලීම වැනි රැකියා සඳහාද කාන්තාවන්ගේ සහභාගීත්වය මේ හේතුවෙන් සීමා වී ඇතැයිද ප්රදේශවාසීහූ වැඩිදුරටත් පවසති.
ඊයේ සොයාගත් මළසිරුර කහවත්ත නිලඳුර ප්රදේශයෙන් සොයාගෙන ඇති අතර 59 හැවිරිදි ඇය දින 10ක් පුරා අතුරුදන්ව සිටි බවද පොලීසිය පවසයි. පසුගිය 19 වැනිදා වෙළඳ පොලට ගිය ඇස්ලින් නැමැති එම කාන්තාව යළි නිවසට නොපැමිණීම සම්බන්ධයෙන් කරනු ලැබූ පැමිණිල්ලකට අනුව කළ සොයා බැලීම්වලදී ඇයට අයත් ගමන් මල්ලක් කැලෑබඳ ප්රදේශයක තිබී හමුවූ බවද පොලීසිය වැඩිදුරටත් පවසයි.
මෙම ඝාතන කිහිපයක් සම්බන්ධයෙන් සැකකරුවන් කිහිපදෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගත් බව ද පොලීසිය පවසයි. එහෙත් ප්රදේශවාසීන් පවසන්නේ මෙම ඝාතන තවමත් සිදුවන බවයි.

Last edited:

හේතුවක් නැතුව මිනිස්සු මරණ මානසික රෝගියෙක්! 