කහ ඇදුම ගැන කියවීමක්

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    #කහ ඇදුමද ? #කලු පටියද ?
    මුලින්ම හොදින් තේරුම්ගමු බං ලැජ්ජ නැතුව ආණ්ඩුවට කඩේ උන් තාම ඉන්නවා, උන් මේ වගේ දේවල් ටග්ගාලා අල්ලගන්නවා මිනිස්සුව වෙන මගට යවන්න නැත්තම් මේක පෙන්නලා අරගලයට බනින්න.
    අපි දැනගමු බං අරගලය කරපු අපි කවදාවත් මැච් එකට විරුද්ධ උනේ නැහැනේ,
    සමහර ගෝඨාගෝගම්වල මැච් එක බලන්නම කියලා වෙනම ඒකට අවශ්‍ය දේවල් හදාගත්තා,අරගලය ඉදගෙනම මැච් එක බලපු උන් අපි ඔක්කම,
    කවදාවත් මැච් එක බලන්නෙපා කියලා අරගලය කරපු අපි කිව්වේ නැහැනේ බං.
    Ground එකේ උනත් ඉන්නේ 99% ක් ම අරගලයේ ඉන්න එවුන් නැත්තම් ඒකට ආදරය කරන උන්.
    එතන කිසි ප්‍රශ්නයක් නෑ බං.
    ඒත් කහ ඇදුම සම්බන්ධයෙන් පොඩි මේකක් ආවා නේද Fb එකේ ඒකත් අපි තේරුම්ගමු,
    ඒත් එහෙම ඒවයින් පස්සේ විතරක්ම ගිය සුළු පිරිසයි ඉන්නේ ඒකත් අපි දැනගමු.
    එයාලට තමයි අරගලය කරන අපි හැමෝම මේ ගැන කිව්වේ.
    අරගලය කරගෙනම,අත්අඩංගුවට ගත්ත උන් වෙනුවෙන් කතා කරගෙන කහ ඇදුම දාගෙන යමු කියලා ඒ සම්බන්ධයෙන් කතා කරපු උනුත් අපි අතරේ හිටියා, එහෙම එතන අවුලක් නෑ..
    එහෙම කහ ඇදගෙන යමු කියලා පෝස්ට් විතරක් සමහර උන් ශෙයා කරද්දී අරගලයේ හිටපු රැට්ටා ඇතුළු කිහිප දෙනෙක් ව රිමාන්ඩ් කරනවා ,තව බොහෝ දෙනෙක් ව ඊට කලින් රිමාන්ඩ් කරලා ඉවරයි,
    ඒ වෙලාවෙදි තමයි බං *මේ දෙවල් විතරක් කතා කරන්නෙපා බං, අන්න අපි වෙනුවෙන් අරුන් හිරේ ගිහිල්ලා බං ,ඒකටත් කතා කරමු* කියලා සමහර පෝස්ට් අපි අතරේ ශෙයා වෙන්නේ.
    ඇයි බං ! ⁣හොරාකාපු,මිනීමරපු උන් එලියේ ඉද්දී ර⁣ට වෙනුවෙන් අරගලයට කරපු උන්ලව ඇතුලට දානකොට කාටත් මල පනිනවා ඒකයි මේ ගැනත් කතා කරමු කියලා ඒ ⁣වගේ පෝස්ට් *විතරක්* ශෙයා කරන එවුන්ට අපි ඔක්කම කිව්වේ.
    මැච් හතරක් ඉවරයි ඒත් මැච් බලන්නෙපා කියලවත්, මැච් එකට විරුද්ධව එක පෝස්ට් එකක්වත් ශෙයා උනේ නෑ බං ඒකත් අපි තේරුම්ගමු .
    අරගලය අමතක නොකර කහ ඇදුමක් දාගෙන යන එකේ එහෙම අවුලක් නෑ බං,
    එතන කිසි ප්‍රශ්නයක් නෑ බං .
    ඒත් අපි කිව්වේ අරගලය ගැන,රට ගැන,අත්අඩංගුවට ගන්න එක ගැන කිසි ගානක් නැතුව මෙවැනි දේවල් ⁣විතරක් ශෙයා කරන්නෙපා ,
    ඒකත් එක්ක වරෙන් මුන්ලා එලවන්න අරගලයටත් එකතුවෙමු කියලා.
    මැච් වලින් ඩොලර් එනවා වගේම අපි බලන්න ඕන ඩොලර් හොරා කන උන්ව,ඩොලර් වෙන දූපත් වල හංගන මේ හොරු පන්නන්න නැත්තම් කොච්චර ඩොලර් ඇවිල්ලත් ⁣වැඩක් නෑ බං මුන්ලා හොරාකනවා..
    මනුස්සකම විදිහට කහ ඇදුම දාගෙන ගියාට අවුලක් නෑ
    අරගලයටත් එකතුවෙමු බං.
    ආණ්ඩුවේ උන් මේ ටොපික් එක අල්ලගන්න බලයි බං, අපි තේරුම්ගෙන අපේ ගමන යමු..
    රටට අපි ආද⁣රේනම් මේ අරගලයට ⁣සාමකාවීව එකතු වෙන්න ඕන බං, මොකද රට එහෙම තත්ත්වයක තියෙන්නේ, අපිට කියන්න ඕන නැහැනේ බං ඒ ගැන වෙනම,
    ඒ හින්දා
    තේරුම්ගමු
    ආදරය කරමු
    අරගලයට ජය...
     

    Yee

    Well-known member
  • Feb 4, 2021
    420
    654
    93
    😜
    IMG-20220623-WA0003.jpg