නිකමට හොයලා බලපන්කො කහ ආනයනයට පහුගිය අවුරුදු ටිකේ කොච්චර මුදලක් ගිහිං තියෙනවද කියලා මහබැංකු වාර්තා අරගෙන එතකොට තේරේවි සමස්ථ ආනයන වියදමෙන් ප්‍රතිශතයක් විදියට ගත්තොත් දශම ගානක් ඒ කියන්නේ ඕක නැවැත්වුවා කියලා අපිට මහලොකු ගානක් ඉතුරුකරන්න බෑ
ඊට වඩා ඉතුරු කරන්න පුළුවන් පාර්ලිමේන්තුවේ 225ට දෙන වාහන පර්මිට් ටික නැවත්තුවොත් පර්මිට් වලට ගේන වාහන ටික නතර වෙන නිසා
හොඳට හොයලා බැලුවොත් දැනගන්න පුළුවන් වේවි මේ තරම් කහකුඩු නැති කාලයක උනත් බහුතරයක් මිනිස්සු ගෙවතු වගාවක් විදියට තමන්ට අවශ්‍ය කහ නිපදවා ගැනිමට පෙළඹිලා නෑ
කහ වගාකරොත් වැඩි ලාභයක් ගැනීමට පුළුවන් නිසා දැනට කහ වගාවක් විදියට කරන්න පටන් අරන් තියෙන්නේ වෙනත් වෙනත් භෝග වගාකරන ගොවින්
ඒ කියන්නේ ඔවුන් මේ මොහොතේ වෙනත් භෝග වගාකරන එක නවත්වලා , ඒකෙන් ආර්ථිකයට වෙන පාඩුව කහ නිසා පිටරටට යන මුදලට වඩා වැඩියි
හිතලා බලන්න අවුරුද්දකටම ගෙදරට ගේන්නේ කහකුඩු 200g -300g විතර ප්‍රමාණයක් , නමුත් කහ කියන්නේ ඉතා සුළුවශයෙන් භාවිතා කලත් අපිට අතවශ්‍ය භාණ්ඩයක් ඒනිසා කහ නැතිඋනොත් ජනතාවට ඒක දැනෙනෙවා
මටනම් හිතෙන්නේ මේවා මිනිස්සු අන්දන්න කරන මාකටිං උපක්ක්‍රම
ps - කහ ආනයනයට යන වියදමට වඩා විශාල වියදමක් අපිට වියලි මිරිස් ආනයනයට යනවා නමුත් ලංකාව තුල වියලි මිරිස් නිපදවීමට තවමත් සාර්ථක වැඩපිළිවෙලක් නෑ
කොටින්ම කිවුවොත් වියලි මිරිස් නිපදවීමට ගැලපෙන breed එකක් හදාගන්න අපේ research වලට බැරිවෙලා තියෙනවා මොකද research වලට වෙන්කරන මුදල අඩු නිසා ( දැනට වගාකරන මිරිස් වල මාන්සල ගතිය වැඩි නිසා වියලි මිරිස් නිපදවීමට සුදුසු නැත )