කළුතරින් පාර්ලිමේන්තුවට
කළුතරින් පාර්ලිමේන්තුවට
මෙදා පාර චන්දෙන් කළුතරින් පාර්ලිමේන්තු යන්න දිනාවි කියල හිතෙන්නේ කව්ද? මේපාර කොහොම වෙයිද කියල හිතන්න බැහැ. 2010 නම් UPFA එකට 7යි UNP 2යි JVP 1යි තිබ්බේ මතක විදියට. චන්දවලින් ගත්තොත් පිළිවලින් 313 000, 139 000 සහ 36 000යි. 66% වගේ තමා පාවිච්චි උනේ.
මට හිතෙන විදියට UPFA එකේනම් seat අඩුවේවි කියල හිතෙන්නේ. මොකද නිර්මල කොතලාවල සහ රෙජිනෝල්ඩ් කුරේ ඉල්ලන්නේ නැහැ. එයාලගේ චන්ද බෙදිලා යන නිසා අලුතින් seat එකක් එකතු වෙයි කියල හිතන්න බැහැ. UPFA මෙදා පාර 250 000 - 300 000 අතර ප්‍රමාණයක් තමා ගනීවි කියල හිතෙන්නේ. ලංකාවේ පාර්ලිමේන්තු චන්දෙ ගොඩක් වෙලාවට පුත්ගලයන් මත තමා තීරණය වෙන්නේ. එහෙම උනාම නිර්මලගේ, කුරේ ගේ චන්ද යම්කිසි ප්‍රමාණයක් ලැබෙන එකක් නැහැ. අනික දැන් තියෙන දේශපාලනේ කලකිරිච්ච මිනිස්සු ප්‍රමාණයකුත් ඉන්නවා. ඒ ගොල්ලෝ චන්දෙ දෙන එකක් නැහැ. එහෙම වෙච්ච බොහොම කට්ටිය UPFA එකේ අය. පහුගිය කාලේ unp එකට උනවගේ.
මට හිතෙන්නේ UPFA එකෙන්
1) කුමාර වෙල්ගම
2) මහින්ද සමරසිංන්හ
3) රෝහිත අබේගුනවර්දන
4) විදුර වික්‍රමනායක තමා sure කරන්න පුළුවන්.
පියල් නිශාන්තත් වැට උඩ වගේ තම ඇත්තේ.
මේ පාර පියල් ටත් ජන්ද ටිකක් වැටේවි වෙල්ගමයි රෝහිතයි support කරන නිසා. MRට support කරන එකෙන් මහින්ද සමරසිංන්හ shape වෙච්ච නිසාත්, මහින්ද සමරසිංන්හ UNP එකට යයි හෝ මෛත්‍රීගේ පැත්තට support කියල කට කතා යන නිසාත් මනාප වෙනදට වඩා අඩුවේවි. රෝහිතගේත් මෙදාපාර මනාප අඩුවේවි.
ගියපාර 2010 චන්දෙදි UNP එකට ගන්න පුළුවන් උනේ 139 000 විතරයි. ඒ UPFA එක උපරිම වෙලාවේ ඉදපු නිසා කැපුවත් අලි කියන සෙට් එක තමා චන්දෙ ගොඩක් දුන්නේ. තවත් කට්ටියක් චන්දෙ දුන්නේ නැහැ. මට හිතෙන්නේ UNP එක මේ පාර 180 000 - 220 000 ප්‍රමාණයක් ගනීවි.
UNP එකෙන්
1)රාජිත සේනාරත්න
2) අජිත් පෙරේරා
3) පාලිත තෙවරප්පෙරුම තමා sure කරන්න පුළුවන්.
UNP එකෙන් seat 4 ක් ගන්නවා ගනීවි , ජගත් විතාන / නිශාන්ත වර්නසිංහ / ලක්ෂ්මන් විජේමාන්න ගෙන් කෙනෙක් බොහෝ දුරට ඒවි.
JVP එකෙත් මෙදා පාර ගොඩක් චන්ද ප්‍රමාණයක් වැඩිවේවි. මොකද පාවෙන චන්ද වලින් වැඩිහරියක් ප්‍රධාන පක්ෂ 2ක ගැන කලකිරිලා ඉන්නේ. අර්ජුන රණතුංගත් ගියපාර මෙහෙන් ඉල්ලුවේ. එයට හම්බ උන ඒවගෙනුත් කොටසක් JVP එකට ලැබෙයි. බොහෝ දුරට 60 000 - 80 000 අතර ප්‍රමාණයක් කියල තමා මට හිතෙන්නේ.
එකෙන් Dr නලින්ද ජයතිස්ස විතරයි එන්නේ.
අවසාන වශයෙන්, ප්‍රධාන පක්ෂ 2ම 50% වඩා ගන්න එකක නේ බොහෝ දුරට.හරියටම ගන්න පක්ෂ ගන්න seat ගාන ගැන හිතාගන්න බැහැ. නමුත් එක seat එකක වෙනසක් තම වෙන්නේ. UPFA , UNP , JVP පිළිවලින් 5,4,1 හෝ 4,5,1 වෙන්නත් පුළුවන්. JVP එක 80 000 කිට්ටුවෙන්න අවොත් 4,4,2 වෙන්නත් පුළුවන්. නමුත් පළමු එක වේවි කියල තමා මට හිතෙන්නේ.
මම දේශපාලන ගැන කාපු එකෙක් නෙවෙයි. එත් වෙන්න පුළුවන් කියල මට හිතුනු එක තමා මම කිවේ. උබලට හිතෙන්නේ කව්රු ඒවි කියලද මේ පාර