ඔව් හරියට හරි. මේ අරඹවෙල වලව්ව. කොග්ගල කඩේ හන්දියී වක්වැල්ල පාර.ඔව් මචන්. ගාල්ලේ නම් මේ කාලේ ඕකමයි කරන්නේ. පිලාන, බද්දෙගම පැත්තේ ගොඩක් ගෙවල් ඔහොම විකුණනවා. සමහර පරණ ගෙවල් වල තියන ප්‍රශ්නයක් තමයි පාර අයිනට සෑහෙන්න කිට්ටුයි. ඒවනම් දෙන්න බැරුව ඇති.
මැටරඹ පාරෙ මගෙ යාළුවෙක්ගෙ මාමගෙ ගෙයක් සුද්දෙක්ට අවුරුද් 20කටද කොහෙද කුලියට දුන්නා කිව්වේ කෝටි 1කට විතර. ඌ එකේන් කොලඹ කිට්ටුවෙන් ගෙයක් ගත්තා කිව්වා. සුද්දා අරන් තිබුණා කිව්වේ ගෙදර උගේ ගානේ රෙනොවේට් කරන්නලු. ඒක නම් 1950 ගණන් වල ගෙයක්. ගොඩක්ම පරණ නෑ. හැබැයි ඇතුලේ ඉඩ තියන ගෙයක්ලු. පොර නම් කිව්වේ සමහර සුද්දො අවුරුදු 20, 30 වගේ ගණන් වලට බද්දටලු ගන්නේ. ගනිද්දි ලොකු ගානක් ගෙවනවා.
මේ ෆොටෝ එකේ තියෙන්නේ කොග්ගල කඩේ හන්දියේ සදර්න් එකට හැරෙන පාර ඉස්සරහ තියෙන අරඹවෙල වලව්ව නේද?
ඔව් බන් දන ගොඩක් ඇතුල් පති වලත් පරණ ගෙවල් දෙනවා සුද්දොන්ට.