කළු ගඟ අද නිසලයි........
අම්මේ බඩගිනියි මා නලවන්න අනේ
ආසයි සිටින්නට ඔබෙ තුරුලේ පෙරසේ
දැනෙයි මහට පෙර නැති සිසිලසක් ගතේ
උණුසුම් කරනු මැන ආයෙත් ඔබෙ තුරුලේ
පාවෙන සෙයක් හැඟුනිය මට පෙර සේද
සිටිනා කල්හි ඔබෙ කුස තුල මෙන්ම අද
නොදනිමි කිනම් හැඟුමක්දෝ කියා මෙය
නෑසේ කිසි කෙනෙක්ගේ කට හඩ මෙමට
තාත්තා නැතිද අදවත් පැමිණෙන්නේ
අයියා කෙලෙස මා නැතිකල සැනසෙන්නේ
අම්මා කිමද අද මා ළඟ නැත්තේ
තරහා වෙලා කිමදෝ හැම මා සමගේ
සෙල්ලම් කරපු කාලය මට සිහිවෙනවා
හුරතල් වෙන්න ආසාවක් ඇතිවෙනවා
කාලය හරස් වී ඇති බව වැටහෙනවා
දුප්පත් වෙලා ඉපදුනෙ අප ඇයි අම්මා?
නිදා ගන්ට යන්නෙමි අම්මේ සැමදා
දක්නට ලැබෙයිදෝ පවුලේ අය කිසිදා
පාකර හැරියවුද කළු ගං තීරේ සදා
මා කල පෙම නොවිය දියවී ගියෙ නිබඳා
අමිල සදරුවන් ඔබ මියගියේ, සමාජය අවදි කරවමින්. ඒත් ඒ කොපමන කලකට දැයි නොදන්නෙමි. යලි මෙවන් සිදුවීම් සිදු නොවේවා......
අම්මේ බඩගිනියි මා නලවන්න අනේ
ආසයි සිටින්නට ඔබෙ තුරුලේ පෙරසේ
දැනෙයි මහට පෙර නැති සිසිලසක් ගතේ
උණුසුම් කරනු මැන ආයෙත් ඔබෙ තුරුලේ
පාවෙන සෙයක් හැඟුනිය මට පෙර සේද
සිටිනා කල්හි ඔබෙ කුස තුල මෙන්ම අද
නොදනිමි කිනම් හැඟුමක්දෝ කියා මෙය
නෑසේ කිසි කෙනෙක්ගේ කට හඩ මෙමට
තාත්තා නැතිද අදවත් පැමිණෙන්නේ
අයියා කෙලෙස මා නැතිකල සැනසෙන්නේ
අම්මා කිමද අද මා ළඟ නැත්තේ
තරහා වෙලා කිමදෝ හැම මා සමගේ
සෙල්ලම් කරපු කාලය මට සිහිවෙනවා
හුරතල් වෙන්න ආසාවක් ඇතිවෙනවා
කාලය හරස් වී ඇති බව වැටහෙනවා
දුප්පත් වෙලා ඉපදුනෙ අප ඇයි අම්මා?
නිදා ගන්ට යන්නෙමි අම්මේ සැමදා
දක්නට ලැබෙයිදෝ පවුලේ අය කිසිදා
පාකර හැරියවුද කළු ගං තීරේ සදා
මා කල පෙම නොවිය දියවී ගියෙ නිබඳා
අමිල සදරුවන් ඔබ මියගියේ, සමාජය අවදි කරවමින්. ඒත් ඒ කොපමන කලකට දැයි නොදන්නෙමි. යලි මෙවන් සිදුවීම් සිදු නොවේවා......

