කළු_කෙල්ලේ

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සුදු මැණිකේ සුදු කෙල්ලේ...
    මගේ සුදූ කියා ‍ගන්න....
    සුදු කෙල්ලක් නොවේ කියා...
    එපා දුකෙන් බලා ඉන්න...
    මුහුණ පුරා සුදු පාටින්...
    නැති මුත් නුඹ බබලවන්න...
    සිරියාවයි කළු කෙල්ලේ...
    හිතුනා ආදරෙ කරන්න....

    දිලිසෙන ඇස් ලොකු කරගෙන..
    හිනා වෙවී බලා ඉන්න....
    පාට කරපු ඔය කෙහෙ රැලි...
    සුලග සමග දග කරන්න....
    කොහෙද තිබුන ආදරයක්...
    මගෙ හිතටත් ඇතුල් වෙන්න...
    සුදු කෙල්ලෝ මොටද තවත්..
    ඔයා මගේ ලගින් ඉන්න.....

    අහින්සකයි ඒ උනාට...
    වෙලාවකට දගකාරයි...
    බලාගෙනයි ඔය කෝලෙට...
    ඇස් දහසක් නුඹට වැටෙයි...
    පියාසලයි ආකාසෙට...
    නුඹ නම් බර නැති ගානයි....
    නගේ මමයි මේ ඉර යට...
    හිත ඇත්තේ නුඹ ගාවයි...

    කාගෙ කවුද කොහෙද කියා...
    කිසිම දෙයක් මා නොදන්න...
    මුහුණු පොතේ දකින ඔයා..
    ආසයි හැබැහින් දකින්න...
    වැටෙන වැටෙන රූප පුරා...
    කථා ගොඩක් ඇත කියන්න...
    මා එනතුරු නුඹව සොයා...
    කළු කෙල්ලේ ඔහොම ඉන්න...!

    thinking-of-you.jpg