ප්‍රීමා කොත්තු මී , මැගී නුඩ්ල්ස් වගේ ක්ෂණික විෂ රසායනික ද්‍රවය යොදා නිපදවන ලද නුඩ්ල්ස් කෑමෙන් මුළු රටම ලෙඩවන දවස වැඩි ඈතක නොවෙයි. අපේ අයියගේ ළමයි දෙන්නම රණ්ඩු කරනවා අයියා වැඩ ඇරිලා ගෙදර එනකොට ක්ෂණික නුඩල්ස් ජරාවක් ගෙනාවේ නැත්නම්. ළමයි අඬනවා බලන් ඉන්න බැරි නිසා අයියා අරන් එනවා.
ඊයේ අක්කට යකා වැහිලා මට කෝල් කරා පොඩ්ඩක් අයියට කියන්න කියල ළමයින්ට මේවා ගෙනත් දෙන්න එපා කියලා. ඊයේ පොඩි උන් දෙන්නා කාල පැය බාගෙකට වගේ පස්සේ නොනවතවම වමනේ කරලා . බෙහෙත් අරන් දීලා. පොඩි බෙසිකයෝ සාමාන්‍ය නුඩ්ල්ස් හදල දුන්නට උන් කටේ තියන්නේ නැහැ.
පොඩි උන්ගේ ඉස්කෝලේ උනුත් එහෙමයි ලු. ලන්ච් එකට ගේන්නේ ක්ෂණික නුඩ්ල්ස්. බලපන් රටේ මිනිස්සුන්ගෙන් බාගෙට බාගයකට දරුණු ලෙඩ හැදෙයි අනාගතයේ. මේවට සෞඛ්‍ය අංශ නිසි පියවරක් නොගතහොත්.

. ඕනෑම එකක් ගානට කන්න ඕනේ. දවස ගානේ කන්න හොඳ නැහැ.