ජනාධිපතිවරයා විසින් පත්කළ අගමැති මහින්ද රාජපක්ෂ මහතා හෙට (15) දිනයේ පාර්ලිමේන්තුව අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.
අගමැති ලේකම් කාර්යාලයේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය සාකච්ජාවකට එක්වෙමින්, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා එබව කියා සිටියේය.
මේ අතර අද දිනයේදී පාර්ලිමේන්තුවේදී සිදුවූ කරුණු ඇතුලත්ව කතානායකවරයා විසින් ජනාධිපතිවරයාට යොමු කරනු ලැබූ ලිපිය මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් පිළිනොගත් බවද මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසිය.