ක්‍රිකට් ක්‍රීඩාංගන

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    68. ආර්නොස් වේල් ක්‍රීඩාංගනය (Arnos Vale Stadium)

    බටහිර ඉන්දීය කොදෙව් දූපත් හි සාන්ත වින්සන්ට් දුපතේ කිංස්ටන් නගරයේ පිහිටි මේ පිටියේ අන්තයන් වන්නේ එයාර් පොර්ට් අන්තය හා බෙකුවා අන්තයි. පළමු ටෙස්ට් තරඟය ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් පිල අතර 1997 පැවතුනා. ප්‍රේක්ෂකයන් 18,000 කට මෙහි ඉඩ කඩ තිබෙනවා.


    63558.jpg
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    69. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය (Galle International Stadium)

    ශ්‍රි ලංකාවේ දකුණු නගරය වන ගාල්ලේ පිහිටි මේ පිටිය 1876 දී තුරඟ තරඟ පිටියක් ලෙස ආරම්බ කෙරුණා.

    2162579143_444d6864db_b.jpg


    5059582055_8652362f9f_b.jpg


    2119217509_6343e0f26f_o.gif


    තුරඟ තරඟ නැති අතර මෙහි ක්‍රිකට් තරඟ පැවතුනා. 1927 දී මෙය ක්‍රිකට් තරඟ වලට පමණක් යොදා ගැනුනා. 1988 අන්තර් ජාතික තරඟ සඳහා උසස් කෙරුණු මේ පිටියෙහි ප්‍රථම තරඟය ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වුනා. එයින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය ලැබුවා. දඟ පන්දු යවන්නන්ට යෝග්‍ය මේ තණ තීරුව ශ්‍රී ලංකාවේ 7 වන ක්‍රිකට් ක්‍රීඩාංගනය වනවා. මෙහි අන්තයන් වන්නේ නගර අන්තය හා කොටුව අන්තයයි. 2004 සුනාමියෙන් අලාබහානි වුනු මේ පිටිය 2006 නැවත ප්‍රතිසංස්කරණය කරනු ලැබුවා. ප්‍රේක්ෂකයන් 35,000 කට මෙහි ඉඩ කඩ තිබෙනවා. මේ ක්‍රීඩාංගනය වැඩි වශයෙන්ම යොදා ගැනෙන්නේ ටෙස්ට් තරග සඳහායි.


    Galle-Cricket-Ground.jpg


    galle-cricket-after-b.jpg
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    70. චැවලට් පාර්ක් (Chevrolet Park / OUTsurance Oval / Goodyear Park / Springbok Park)

    දකුණු අප්‍රිකාවේ බ්ලොම්ෆොන්ටෙන් හි පිහිටි මේ පිටිය ගුඩ්ඩියර් පාර්ක් කියලත් හැඳින් වෙනවා.

    OUTsurance-Oval-2010-View-G600.jpg


    මෙහි අන්තයන් වන්නේ ලොච් ලෝගන් අන්තය හා විලොව්ස් අන්තයයි. මෙහි ප්‍රථම එක් දින තරඟය දකුණු අප්‍රිකාව හා ඉන්දියාව අතර 1992 දී පැවති අතර ප්‍රථම ටෙස්ට් තරඟය දකුණු අප්‍රිකාව හා සිම්බාබ්වේ අතර 1999 දී පැවැත්වුනා. ප්‍රේක්ෂකයන් 20,000 කට ඉඩකඩ ඇති මෙහි ආලෝක කුලුණුද සවිකර තිබෙනවා.
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    71. මුල්ටාන් ක්‍රිකට් ක්‍රීඩාංගනය (Multan Cricket Stadium)

    පකිස්ථානයේ, පන්ජාබ් ප්‍රාන්තයේ මුල්ටාන් නුවර පිහිටි මේ පිටිය මුල්ටාන් නුවරම පිහිටි ඉබන් ඒ කාසිම් භාග් ක්‍රීඩාංගනය වෙනුවට වැඩි දියුණු කර පිහිටවුනු පිටියක් වනවා.

    34322.jpg


    අති මනරම් තණ පිට්ටනියක් සහිත මේ පිටිය දැනට පකිස්ථානයේ පිහිටි අලංකාරම පිටියක් වනවා. මෙහි අන්තයන් වන්නේ ප්‍රධාන පැවිලියන් අන්තය හා උතුරු පැවිලියන් අන්තයි. මෙහි ප්‍රථම ටෙස්ට් තරඟය පකිස්ථානය හා බංගලිදේශය අතර 2001 දී පැවති අතර ප්‍රථම එක් දින තරඟය පකිස්ථානය හා බංගලිදේශය අතර 2003 දී පැවැත්වුනා. ප්‍රේක්ෂකයන් 30,000 කට ඉඩ කඩ අති මෙහි ආලෝක කුලුණුද සවි කර තිබෙනවා.
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    72. එම් ඒ අසිස් ක්‍රීඩාංගනය (MA Aziz Stadium)

    බංගලිදේශයේ චිටගොන් නුවර පිහිටි මේ පිටිය ආරම්බ කෙරුනේ 1977 දීය.

    chittagongstadium10.jpg


    මෙහි අන්තයන් වන්නේ පෙද්රෙලෝ අන්තය හා ඉස්පහානි අන්තයයි. මෙහි ප්‍රථම එක්දින තරඟය ඉන්දියාව හා බංගලිදේශය අතර 1988 පැවති අතර ප්‍රථම ටෙස්ට් තරඟය බංගලිදේශය හා සිම්බාබ්වේ අතර 2001 දී පැවැත්වුනා. මෙහි ප්‍රේක්ෂකයන් 20,000 කට ඉඩ කඩ ඇති අතර ආලෝක කුළුණු සවි කර තිබුනත් ඒවා යොදාගැනෙන්නේ පාපන්දු තරඟ සඳහායි.
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    73. සාජා ක්‍රිකට් ක්‍රීඩාංගනය (Sharjah Cricket Stadium)

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා නුවර පිහිටි මේ පිටිය 1980 දී සැදීමට පටන් ගත් අතර එය 1982 දී සාදා නිම කරනු ලැබුවා.

    123036.jpg


    සාජා හි ධන කුවේරයකු හා ක්‍රිකට් ලෝලියකු වන අබ්දුල් රහමන් බුකාටර් මහතාගේ ධනයෙන් නිර්මාණය වුනු මේ පිටිය දැනට ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ පිටියද වනවා. මෙහි අන්තයන් වන්නේ පැවිලියන් අන්තය හා සාජා සමාජ අන්තයයි. මෙහි ප්‍රථම එක් දින තරඟය 1984 පකිස්ථානය හා ශ්‍රී ලංකාව අතර පවතී අතර ප්‍රථම ටෙස්ට් තරඟය 2002 දී පකිස්ථානය හා බටහිර ඉන්දීය කොදෙව් පිල අතර පැවැත්වුනා. එක් දින තරඟ 200 අබිබවා යමින් වැඩිම එක් දින තරග පැවැත්වූ මේ පිටිය ගිනස් වාර්තා පොතට ඇතුලත් වෙනවා. ආලෝක කුලුණුද සවි කර ඇති මෙහි දිවා රාත්‍රී තරඟ ඉතා ජනප්‍රියයි.
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    74. කුවින්ස් පාර්ක් ක්‍රීඩාංගනය (Queen's Park)

    බටහිර ඉන්දීය කොදෙව් දුපත් හි ග්‍රෙනේඩා වල පිහිටි මේ පිටිය 1999 ආරම්බ කෙරුණත් 2004 අයිවන් චන්ඩ මාරුතයෙන් විනාශ වීමෙන් පසුව 2007 ලෝක කුසලාන තරඟාවලිය සඳහා නැවත පිළිසකර කෙරුණා.

    3121279.jpg


    මෙහි අන්තයන් වන්නේ රිවර් අන්තය හා ඩී අර්බියු අන්තයයි. මෙහි ප්‍රථම එක් දින තරඟය 1999 බටහිර ඉන්දීය කොදෙව් පිල හා ඔස්ට්‍රේලියාව අතර පැවති අතර ප්‍රථම ටෙස්ට් තරඟය 2002 බටහිර ඉන්දීය කොදෙව් පිල හා නවසීලන්තය අතර පැවැත්වුනා. මෙහි ප්‍රේක්ෂකයන් 20,000 කට පමණ ඉඩකඩ තිබෙනවා.
     
    • Like
    Reactions: RaZor_911

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,235
    3,435
    113
    6. ඇඩිලේඩ් ඕවල් (Adelaide Oval)

    ඔස්ට්‍ර්ලියාවේ, දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ ඇඩිලේඩ් නගරයේ පිහිටි මේ ක්‍රීඩාංගනය 1873 පිහිටුවන ලද්දක්.

    AdOval31.jpg


    දකුණු ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය විසින් පාලනය වන මේ පිටිය දිග හා පළල මීටර් 190.2 හා 126.2 වෙනවා. මෙහි අන්ත වන්නේ නගර අන්තය හා දෙව්මැදුර අන්තයයි. මෙහි ප්‍රේක්ෂකයන් 31,000 තරඟ නැරඹීමට හැකියාව ඇති අතර ආලෝක කුළුණු සවි කරනු ලැබුවේ 1997. මෙහි පැවති ප්‍රථම තරඟය ඔස්ට්‍රේලියාව හා එංගලන්තය අතර 1884 දෙසැම්බර් 12 වන දිනයි. මේ පිටිය අපේ ලංකාවේ ක්‍රිකට් ලෝලින්ටත් අමතක නොවන පිටියක් වන්නේ 1999 මෙහිදී දැනට ලෝකයේ නොම්බර එකේ පන්දු යවන්න වන අපේ මුත්තයියා මුරලිදරන් ව "නෝ බෝල්" යවන බවට රොස් එමර්සන් නිගමනය කිරීමෙන් පසුව අර්ජුන රණතුංග ඇතුළු අපේ ක්‍රීඩකයන් ක්‍රීඩා කිරීමෙන් වැලකි සිටීමට කටයුතු කිරීමට ඉවහල් උන ඒ එංගලන්ත ශ්‍රීලංකා තරඟය මේ පිටියේ පැවතුනු නිසයි.

    8-arjuna-vs.jpg




    Same Ground :D:D:D:D

    685560783mahela3.jpg


    mahela_umpire_630_345x230.jpg


    DAB0AF62E0F727FA8E539502EA0EA.jpg


    caption11-jpg_164251.jpg
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    75. බෆලෝ පාර්ක් (Buffalo Park)

    දකුණු අප්‍රිකාවේ ඊස්ට් ලන්ඩන් නුවර පිහිටි මේ පිටිය දකුණු අප්‍රිකාවේ ප්‍රමාණයෙන් කුඩාම ක්‍රිකට් පිටිය වනවා.

    BuffaloPark-2009-Pavilion-view-G600.jpg


    නමුත් මෙහි දිවා රාත්‍රී තරඟ සඳහා ඉතා ප්‍රසිද්ධයි. මෙහි අන්තයන් වන්නේ බෆලෝ පාර්ක් ඩ්‍රරව් අන්තය හා බන්කර්ස් හිල් අන්තයි. මෙහි ප්‍රථම ටෙස්ට් තරඟය 2002 බංගලිදේශය හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වුනා. ඒ මෙහි පැවති එකම ටෙස්ට් තරඟයද වනවා. මෙය දැනට යොදා ගැනෙන්නේ එක් දින තරඟ සදහා පමණයි. ප්‍රථම එක් දින තරඟය 1992 ඉන්දියාව හා දකුණු අප්‍රිකාව අතර පැවතුනා. මෙහි ප්‍රේක්ෂකයන් 15,000 කට ඉඩ කඩ පවතිනවා.