හිත රිදුනා නම් අනේ අපිට සමාවෙන්න – රනිල්
උමන්දා කුලසිංහ
2 minutes
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ ජේ ශා අමතා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ කඩා වැටීම ගැන ඇතැම් පාර්ශව විසින් ඔහුට දොස් පැවරීම සම්බන්ධයෙන් කණගාටුව පළ කර තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ පිරිහීමට හේතුව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම්වරයා වන ජේ ශා බවට අර්ජුන රණතුංග මහතා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඔහුට කණගාටුව ප්‍රකාශ කර ඇති බවයි.
අන්තර්ජාල නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවකදී ශ්‍රී ලංකාවේ ක්‍රිකට් මෙහෙයවන්නේ ජේ ශා විසින් බව හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා පවසා තිබුණා.
ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සමඟ සමීප සබඳතා පවත්වන බවයි.
මේ අතර, ජනාධිපතිතුමා විසින් ජේ ෂාට දුරකථන ඇමතුමක් ලබා දී ක්‍රිකට් ගැටළුව පිළිබඳව සාකච්ඡා කර ඇති බව හරින් ප්‍රනාන්දු මහතා අද (17) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මේ වන විට මෙම ගැටළුව ක්‍රිකට් අර්බුදයක එහා ගිය ජාත්‍යන්තර අර්බුදයක් බවට පරිවර්තනය වී ඇති බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා,
“මම රොෂාන් රණසිංහ මැතිතුමාට කිසිම විරුද්ධත්වයක් නැහැ. එකේ සංයුතිය වෙනස් විය යුතුයි. නමුත් ඒ පනතක් විදියට, නීතියෙන්, උසාවියෙන් ගිහිල්ලා තමයි ඒ වෙනස කරන්න ඕනේ. ඊයේ දවසේදී ජනාධිපතිවරයා ජේ ෂා කියන, ඉන්දියාවේ ඉන්න කෙනාට කතා කරා දුරකථන ඇමතුමෙන්. ඒකට හේතුව, අද මේක ලොකු ප්‍රශ්නයක් බවට පත්වෙලා තියෙනවා. ජේ ෂාගේ තාත්තා තමයි, අම්රිෂා. මෝදි ඇමතිතුමාගේ දකුණු අත කියලයි කියන්නේ. දැන් මේක දේශපාලන අර්බුදයක් විතරක් නෙමෙයි, ජාත්‍යන්තර අර්බුදයක් සහ ක්‍රිකට් අර්බුදයකටත් වඩා එහාට ගියා මේ ප්රශ්නය. දේශපාලන වශයෙන් මේකෙන් වාසියක් ගන්න සමහර අ
ය උත්සාහ කරනවා”