ක්‍රිකට් ප්‍රේක්ශකයන්ට හොද එකෙන් ඇමතීම

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ධනුෂ්ක ගුණතිලක ලිංගික අපරාධ චෝදනාවෙන් නිදහස් වීමේ ප්‍රවෘත්තිය අද උදේ ලැබුණ නිසා මේක අපට අපේ සුපුරුදු cheap thrill එක උපරිමයට දැනෙන වෙලාවක්.

    ඒ කියන්නෙ මේ මොහොතේ ලංකාවට ධනුෂ්ක ගුණතිලක කියන්නේ ජාතික වීරයෙක්. බොහෝ වෙලාවට ඔහු ලංකාවට එනකොට ලංකාවේ ක්‍රිකට් ෆෑන්ස්ලා ගිහින් මල්මාලා දාලා ධනුෂ්ක ගුණතිලක පිළිගනියි. ලංකාවේ විදියට නම් එයාපෝට් එකේ රතු පාවාඩයක් දාලා තිබුණත් මම ඒ ගැන එච්චර පුදුම වෙන්නෙ නැහැ.

    මේ cheap thrill එකේ උපරිමයේ ම ඉන්න නිසා අපට මේ හැම දෙයක ම 'පසුබිම' අමතකයි. මේවා මෙහෙම වුණේ කොහොමද කියන එක අමතකයි. මේ ලිංගික අපරාධ චෝදනා ඇත්ත වුණත් බොරු වුණත් මේ ප්‍රශ්නය නිර්මාණය වෙන්න පසුබිම හැදෙන්නේ ම ධනුෂ්ක ගුණතිලක රටට ඉතා ම වැදගත් ක්‍රිකට් සංචාරයක් අතරතුර "ටින්ඩර්" එකෙන් තමන්ට තියෙන වෙනත් අමාරුවක් සුවපත් කරගන්නට යාම නිසා බව අමතකයි.

    ඊට ටික කාලෙකට කලින් එංගලන්තයේ දී විනය විරෝධී කටයුත්තලට අහුවෙලා ධනුෂ්ක ගුණතිලකට ක්‍රිකට් තහනමක් පැනවුණු බව අමතකයි. ඒ තහනමේ සම්පූර්ණ කාලය ගෙවෙන්න නොදී ඒක අතරමගින් අත්හිටුවලා මිනිහා නැවත ක්‍රිකට් කණ්ඩායමට ඇතුළත් කරගත් බව අමතකයි. මේ පටලැවිල්ලට ගුණතිලක අහුවුණේ එහෙම ගෙනත් වැඩි කාලයක් යන්න කලින් කියලත් අමතකයි.

    එංගලන්තයේ ඒ සිද්ධිය වෙන්න කලින් ලංකාවෙත් ධනුෂ්ක ගුණතිලකට විනය කඩකිරීම සම්බන්ධ චෝදනා රැසක් තිබුණා කියලත් අමතකයි. මේ වගේ ම "අමාරු සුවපත් කරගන්න" ගිහින් නයිට් ක්ලබ්වල ගුටි කෙළිවලට මැදි වුණා කියලා අමතකයි. මෙහෙම නැවත නැවතත්, එක ම විදියට විනය ප්‍රශ්නවලට මැදිවෙන ක්‍රීඩකයෙක් ක්‍රිකට් ක්‍රීඩාවට නෙවෙයි අඩු තරමේ ජිල් බෝල ක්‍රීඩාවටත් ‍රටක් නියෝජනය කරන්න නුසුදුසුයි කියලා අමතකයි.

    මොන ක්‍රීඩාව කරන්නත් කලින් එහෙම එකෙක් පුනරුත්ථාපන කඳවුරකට යැවීම හෝ මානසික උපදේශනය ලබා දීම සිදු කළ යුතුයි.

    ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ආගමක් තරමට ම ප්‍රබල වුණේ අප කුඩා කාලයේ ක්‍රීඩා කළ ක්‍රීඩකයන් හුදෙක් ක්‍රීඩකයන් ම නොවී ක්‍රීඩාව සම්බන්ධයෙන් හොඳ Ambassadors ලා ද වුණ නිසයි. ඒ අයත් හොඳට කන්න බොන්න, රමණය කරන්න ඇති. ඒත් පොදුවේ මිනිසුන් අතර විහිළුවට ලක් නොවී, හත්පොළේ ජරාව ගා නොගෙන, හංවඩු ගැසීම් වලට ලක් නොවී, ක්‍රීඩකයන් විදියට රටේ ප්‍රතිරූපය රැකගන්න ඔවුන්ට පුළුවන් වුණා. ඒ හැම එකට ම වඩා තරග දිනන්නත්, අඛණ්ඩව දස්කම් පෙන්වන්නත් ඔවුන්ට පුළුවන් වුණා. මේ නිසා ටින්ඩර් නෙවෙයි "සෙක්ස් ටේප්" ලීක් වුණත් ඔවුන්ට මිනිසුන් ගේ තියෙන ආදරය අදටත් අඩු වෙලා නැහැ.

    ඒත් ධනුෂ්ක ගුණතිලක ලා, දික්වල්ලලා නිසා සිදුවුණු එක දෙයක් වුණේ ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම කියන 'සන්නාමය' ඇතුළට ත්‍රාඩ සංස්කෘතියක් කාන්දු වීම‍යි.

    ප්‍රශ්නය වන්නේ ක්‍රිකට් ක්‍රීඩකයන් කෑම, බීම, විනෝද වීම හෝ රමණය කිරීම නෙවෙයි. ඒවා ලෝකයේ කොහේ වුණත් වෙනවා. අතීතයේත් වුණා. ප්‍රශ්නය වන්නේ මෙන්න මේ ත්‍රාඩ සංස්කෘතියයි. පාදඩකරණයයි.

    ඒත් මේ වගේ cheap thrill එක උපරිමයට දැනෙන වෙලාවක ත්‍රාඩ සංස්කෘතිය ගැන එච්චර ලොකුවට කතා කරන එක වැඩක් නැහැ.

    ඒ නිසා ආයිත් පාරක් කැළේ පැනලා මොකක් හරි ජරා ගොඩක් පෑගෙනකල් චූන් එකේ ඉන්න ලංකාවේ ඉමෝෂනල් ක්‍රිකට් ෆෑන්ස්ලාට ජයවේවා!

    -
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,621
    113
    දැන් තමුසෙ බෙහෙත් සාප්පුවක් දැම්ම නේද ආයෙ හෑලි ලියන්නෙ නෑ කියල.
     
    • Haha
    Reactions: SLK_sri