කාගෙ හරි යහපතට බොරු කියල තියනවද

battiya

Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    කාගෙ හරි යහපතට බොරු කියල තියනවද

    කාගෙ හරි යහපතක් වෙනුවෙන් බොරු කියල හොදක් කරපු අය කියාගෙන යමු කියපු දෙයයි සිද්ධියයි..

    ටික කාලෙකට කලින් මම දන්න ගෙදරක බලු පැටියෙක් හැදුවා. ඒ බලු පැටියා දවසක් යද්දි ලෙඩ වෙලා. ගෙදර අයත් අසීමිත අරපිරිමැස්මෙන් වැඩ කරනවා කියන කට්ටියක්. බලු පැටියව බෙහෙත් අරන් දෙන්න යන්නෙත් නෑ ඔහේ ඉන්නවා කටින් පව් පව් කිය කිය. මම කිව්ව බෙහෙත් ගේමු මම යන්න එන්නම් කියල. ඒත් යන්න ආවෙත් නෑ. මට හිතුනා මම සල්ලි දෙන්න ගියොත් ගන්න එකක් නෑ ලැජ්ජාවට කියල. මම කොහොමත් බල කර කර මොන දෙයක්වත් කාටවත් කියන්න කැමති නෑ.

    මොනවා හරි නිකන් දෙනවා නම් මේ කට්ටිය ගන්න ආසයි. මම ගෙදර ඇවිල්ලා කෝල් එකක් දීලා කිව්වා Facebook එකේ සත්ව සංවිධානයක කට්ටියක් මම දන්නවා . එයාලට කිව්වම ලෙඩ උන බව්වන්ට බෙහෙත් කලාම යන වියදම දෙනවා බිල යවපුවම කියල. මට ඕන නම් එක චාන්ස් එකක් අරන් දෙන්න පුලුවන් වෙයි කියලා.
    හිතුවා වගේම කට්ටිය කැමති උනා. පහුවෙනිදා බලු පැටියට බෙහෙත් අරන් දීලා තිබ්බා.. මම ඊට පස්සේ ගිහින් බිල ඉල්ල ගත්තා. ඉල්ලගෙන සල්ලි හම්බ උන විදිහට මගේ අතින් සල්ලි දීලා ආවා ♥️

    සතුටුයි මොන විදිහකින් හරි බලු පැටියට බෙහෙත් හම්බුන එකට.
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    කියලා තියෙනවා
    හැබැයි අනිත් පැත්තට බේරගත්තා එකා
    එකා
    අනිත් අයත් එක්ක සෙට් වෙලා මටම කෙලවලත්
    කෙලවලත්
    තියෙනවා .
    හැබැයි ඔය බල්ලගේ වැඩේ නම් හොදයි බන්
    බන්
    උබලා වගේ මිනිස්සු අඩුයි
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,073
    1
    61,250
    113
    Mother Earth
    උබ කරපු දේ හොඳයි මචන්. උබ හදිස්සියෙ වත් උන්ට කිව්වොත් බිල රිජෙක්ට් වුණා සල්ලි දෙන්න බෑ කිව්වා කියල කිව්වොත් උන් මොනා කියයිද ? ඒකත් චෙක් කරල බලලා උබට සල්ලි දෙන්න තිබ්බෙ. :oo:
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    Good work mchn.
    ඔය මිනිස්සු ඔහොම සල්ලි හම්බුන විස්තරේ ගමටම කියලා ගමේ මිනිස්සු හැමෝම බල්ලන්ගේ බෙහෙත් ගත්ත බිල් අරන් උබව හොයන් ආවම තව ත්‍රෙඩ් එකක් දාන්න්ඩ.
     

    battiya

    Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    කියලා තියෙනවා
    හැබැයි අනිත් පැත්තට බේරගත්තා එකා
    එකා
    අනිත් අයත් එක්ක සෙට් වෙලා මටම කෙලවලත්
    කෙලවලත්
    තියෙනවා .
    හැබැයි ඔය බල්ලගේ වැඩේ නම් හොදයි බන්
    බන්
    උබලා වගේ මිනිස්සු අඩුයි

    මිනිස්සු වෙනුවෙන් බොරු කියල හොදක් කරත් සමහර වෙලාවට වැරදිකාරයො වෙන්න පුලුවන්. ගොඩක් උන් වාසිය ට විතරයි. සත්තු එහෙම නෑ මචන්. නැට්ට හරි වනනවා:love:
     

    battiya

    Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    උබ කරපු දේ හොඳයි මචන්. උබ හදිස්සියෙ වත් උන්ට කිව්වොත් බිල රිජෙක්ට් වුණා සල්ලි දෙන්න බෑ කිව්වා කියල කිව්වොත් උන් මොනා කියයිද ? ඒකත් චෙක් කරල බලලා උබට සල්ලි දෙන්න තිබ්බෙ. :oo:

    උන් මගේ මූනට නම් මුකුත් කියන එකක් නැති වෙයි. ඒත් මට එක එක ඒවා කියයි උන් උන්ම උන්ගේ අරපිරිමැස්ම අවූල් කලා කියලා. ඒ අහිංසක සතා නැතුව වෙන දේකදි උනා නම් මම පොඩ්ඩක් එහෙම කරන්න හිතනවා මචන්:love: