කාගෙ හරි යහපතට බොරු කියල තියනවද
කාගෙ හරි යහපතක් වෙනුවෙන් බොරු කියල හොදක් කරපු අය කියාගෙන යමු කියපු දෙයයි සිද්ධියයි..
ටික කාලෙකට කලින් මම දන්න ගෙදරක බලු පැටියෙක් හැදුවා. ඒ බලු පැටියා දවසක් යද්දි ලෙඩ වෙලා. ගෙදර අයත් අසීමිත අරපිරිමැස්මෙන් වැඩ කරනවා කියන කට්ටියක්. බලු පැටියව බෙහෙත් අරන් දෙන්න යන්නෙත් නෑ ඔහේ ඉන්නවා කටින් පව් පව් කිය කිය. මම කිව්ව බෙහෙත් ගේමු මම යන්න එන්නම් කියල. ඒත් යන්න ආවෙත් නෑ. මට හිතුනා මම සල්ලි දෙන්න ගියොත් ගන්න එකක් නෑ ලැජ්ජාවට කියල. මම කොහොමත් බල කර කර මොන දෙයක්වත් කාටවත් කියන්න කැමති නෑ.
මොනවා හරි නිකන් දෙනවා නම් මේ කට්ටිය ගන්න ආසයි. මම ගෙදර ඇවිල්ලා කෝල් එකක් දීලා කිව්වා Facebook එකේ සත්ව සංවිධානයක කට්ටියක් මම දන්නවා . එයාලට කිව්වම ලෙඩ උන බව්වන්ට බෙහෙත් කලාම යන වියදම දෙනවා බිල යවපුවම කියල. මට ඕන නම් එක චාන්ස් එකක් අරන් දෙන්න පුලුවන් වෙයි කියලා.
හිතුවා වගේම කට්ටිය කැමති උනා. පහුවෙනිදා බලු පැටියට බෙහෙත් අරන් දීලා තිබ්බා.. මම ඊට පස්සේ ගිහින් බිල ඉල්ල ගත්තා. ඉල්ලගෙන සල්ලි හම්බ උන විදිහට මගේ අතින් සල්ලි දීලා ආවා
සතුටුයි මොන විදිහකින් හරි බලු පැටියට බෙහෙත් හම්බුන එකට.