කාටත් වටින Secret Codes

dinukasampath

Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    ජංගම දුරකතනයක් පාවිච්චි කිරීමට එහි සපයා තිබෙන මෙනු, නොයෙක් පහසුකම් හා විස්තරවලට අමතර වශයෙන් තවත් තාක්ෂණික තොරතුරු රැසක් එහි රැස් කොට තිබේ. මෙසේ සඟවා ඇති තොරතුරු හෙවත් සීක්‍රට් ඩේටා (Secret Data) මොනවාද කියා කියවාගන්නට භාවිතා කරන විශේෂ කේත තිබේ. සීක්‍රට් කෝඩ් (Secret Codes) කියා හඳුන්වන්නේ මේවායි. දුරකතනයේ යතුරු පුවරුවෙන් මේවා ටයිප් කළ විට ඊට අදාළ විස්තර ඩිස්ප්ලේ එකේ පෙන්වයි. දුරකතන වර්ගය අනුව මේ කේත වෙනස් වෙයි.



    Nokia දුරකතන වල සීක්‍රට් කෝඩ්.


    *#92702689#
    දුරකතන භාවිතා කර ඇති කාලය, නිෂ්පාදනය කර ඇති වර්ෂය, දිනය සහ විකිණු දිනය වැනි විස්තර ඇතුළත් මෙනු එකක් ලබා ගත හැක.

    *#0000#
    මෘදුකාංග සංස්කරණ අංකය, මෘදුකාංග සංස්කරනයේ දිනය සහ දුරකතනයේ මාදිලිය යන විස්තර ලබාගත හැක.

    *#7780#
    කර්මාන්ත ශාලාවේදී සකසා තිබූ මුල් සැකසුම් වලට දුරකතනය නැවත සකසයි.

    0
    ප්‍රධාන තිරයේදී 0 මඳ වේලාවක් ගෙන සිටි විට වැප් බ්‍රව්සර් එකට යොමුවෙයි.
    *#06# - IMEI අංකය බලා ගත හැක.



    Sony Ericsson දුරකතනවල සීක්‍රට් කෝඩ්.


    සෝනි එරික්සන් දුරකතනවල සීක්‍රට් මෙනු එක ලබා ගැනීම සඳහා ඇරෝ කී හෝ ජොයිස්ටික් සමඟ * ලකුණ භාවිතයෙන් පහත ක්‍රියාකාරකම් කළ යුතුය.

    -->*<--<--*<--*
    ජොයිස්ටික් එක දකුණු පසට / ඇස්ට්‍රික් ලකුණ / ජොයිස්ටික් එක වම් පසට දෙවරක් / ඇස්ට්‍රික් ලකුණ / ජොයිස්ටික් එක වම් පසට / ඇස්ට්‍රික් ලකුණ.

    #82#
    මෘදුකාංග සංස්කරණයේ අංකය හා දිනය ලබාගත හැකිය.

    0#
    අවසන්වරට ඩයල් කරන ලද අංක ලබා ගැනීමට ෂෝට්කට් එකකි.



    Samsung Android දුරකතනවල සීක්‍රට් කෝඩ්.


    *#*#7780#*#
    කර්මාන්ත ශාලාවේ මුල් සැකසුම් වලට දුරකතනය නැවත පත් කරයි.

    *#*#232331#*#*
    බ්ලූටූත් පරික්ෂාව සිදුකරගත හැක.
    *#*#0*#*#* - LCD පරික්ෂාව කළ හැක.

    *#*#2663#*#*
    ටච් ස්ක්‍රීනයෙහි සංස්කරණය පරික්ෂා කල හැක.



    Samsung දුරකතනවල සීක්‍රට් කෝඩ්.


    *#9999# හෝ *#0837#
    මෘදුකාංග සංස්කරණ අංකය, මෘදුකාංග සංස්කරණයේ දිනය සහ දුරකතන මාදිලිය යන විස්තර ලබාගත හැකිය.

    #9125#
    මෘදුකාංග සංස්කරණය පෙනවයි.

    *#9998*246#
    ඩීබග් මෙනුව පෙන්වයි.

    *#8999*837#
    හාඩ්වෙයාර් සංස්කරණය පෙන්වයි.

    #*2562# හෝ #*3849#
    දුරකතනය රීස්ටාර්ට් කල හැකිය.



    LG දුරකතනවල සීක්‍රට් කෝඩ්.


    2945#*# හෝ 2945*#01*#
    දුරකතනවල සීක්‍රට් මෙනු එක ලබාගත හැකිය.

    *#07#
    මෙමගින් LG B1200 කාණ්ඩයේ දුරකතනවල මෘදුකාංග සංස්කරණ අංකය හා මෘදුකාංග සංස්කරණයේ දිනය ලබාගත හැකිය.

    *6861#
    කර්මාන්ත ශාලාවේ මුල් සැකසුම් වලට දුරකතනය නැවත පත් කරයි.

    2945#*#
    මෘදුකාංග සංස්කරණයේ අංකය ලබා ගත හැකිය.


    http://dreamidia.blogspot.com/
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    well, its no longer a secret is it.......

    2eeetm1.jpg