කාටද දැන ගන්න ඕනෙ student visa ගැන ?

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
පාඨමාලාවන්ගේ අවම මිල -

Certification courses – NZ$ 11,000 – 12,000

Diploma courses – NZ$ 13,000 – 15,000

Bachelor degrees – NZ$ 15,000 – 18,000

Postgraduate diploma – NZ$ 15,000 – 18,000

Master degree – NZ$ 18,000 – 20,000

Doctorate programs/PHD – NZ$ 18,000 – 20,000​

(PHD සදහා සමහරක් Universities Local studentලාගෙන් අය කරන ගාස්තුවම International studentලාගෙන් අය කරනවා, අන්න ඒ වගේ අවථාවක් හොයා ගන්න පුලුවන් නම් ලොකු වාසියක් ගන්න පුලුවන්)
 
darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
පාඨමාලාවන්ගේ සාමාන්ය කාලය -

Certification courses – 1 Year to 1.5 Years

Diploma courses – 1 Year to 2 Years

Bachelor degrees – 2 Year to 3 Years

Postgraduate diploma – 1 Year to 2 Years

Master degree – 2 Year to 3 Years

Doctorate programs/PHD – 2 Years to 5 Years​
 
darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
පාඨමාලාවන්ට ඇතුලත් වීම සදහා තිබිය යුතු අවම සුදුසුකම් -

Certification courses – G.C.E. O/L

Diploma courses – G.C.E. O/L

Bachelor degrees – G.C.E. O/L + IELTS 5.5/6

Postgraduate diploma – G.C.E. A/L Or Bachelor degree + IELTS 5.5/6

Master degree – Bachelor degree + IELTS 6/6.5

Doctorate programs/PHD – Master degree + IELTS 6/6.5​
 
darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
New Zealand Student වීසා සදහා අවශ්ය මූලික සුදුසුකම්

• College හෝ University එකක් මගින් ලබා ගත් Admission (එක අපි සාමාන්යයෙන් කියන offer letter එක)

• අවුරුද්දක වියදම් සදහා NZ$ 10,000 ක (රුපියල් ලක්ෂ 10- 13) මුදලක් මෙම මුදල් තැන්පතුවල අතීතය මාස 6 කට වඩා අඩු නම් ඔබ අනිවාර්යයෙන්ම මෙම මුදල ලැබුන ඔබට ලැබුන ආකාරය අනිවාර්යයෙන්ම පෙන්වන්න ඕනේ. මේ සදහා ඔබට ඔප්පු පැවරීම් (Deed transfers), රථ වාහන පැවරීම් (Vehicle Transfers), ව්යාපර ලාභ (Business income) යොදා ගන්න පුලුවන්

• ඒ වගේම තමන්ගේ හෝ පවුලේ (දෙමවුපියන්ගෙ හො සහකරුවාගේ) අදායම් තත්වය පෙන්වන්න පුලුවන් නම් වඩාත් හොදයි​
 
darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
New Zealand වීසා එකක් ලබා ගන්න අනුගමනය කල යුතු පියවර

• තම්න්ට ගැලපෙන Program (Diploma, Degree, etc) එක තෝරාගෙන අදාල College එක හෝ University එකෙන් ඊට අදාල offer letter එක ගෙන්වා ගැනීම

• වීසා සදහා තමන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන Documents (ඉදිරිපත් කරන්ඩ ඕනෙ Documents මොනවද කියලා මම ඊලගට කියන්නම්) IOM ආයතනයට ඉදිරිපත් කර සහතික කර ගැනීම (ලංකාවෙ නවසීලන්ත embassy එකක් නැති නිසා IOM ආයතනය තමයි ලංකාවෙන් සදහා ඉදිරිපත් කරන documents පරීකෂා කරල Bangkok New Zealand High Commission එකට වාර්ත කරන්නේ)

• IOM වාර්ථාව ලැබුන පසු වීසා හා Documnets New Zealand High Commission එක වෙත courier කර යැවීම

• වීසා අනුමැතිය (මේකට අපි කියන්නෙ API කියලයි. මේ අනුමැතිය ලැබුනා කියන්නේ ඔයාලගෙ වීසා එක අනිවාර්යයෙන්ම ලැබෙනවා කියන එකයි) ලැබුන පසු තමන්ට අදාල ගෙවීම් college එක හෝ university එකට ගෙවා අදාල රිසිට් පත E mail කර යැවීම New Zealand High Commission එක වෙත යැවීම

• ඒ රිසිට් පත New Zealand High Commission එකට ලැබුනාම එයාලා ඔයාගෙ Passport එකේ වීසා එක(Visa Stamp) ගහලා Passport එක ආපහු ඔයාලට එවනවා​
 
darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
වීසා ලබා ගැනීමට ඉදිරිපත් කරන්න ඕනෙ Documents මොනවාද ?

• වීසා අයදුම්පත් Visa Application Forms (මේ අයදුම්පත් ඔයාලට ඉන්ටර්නෙට් එකෙනුත් ගන්න පුලුවන් නැත්නම් ඔයාලාට guide කරන Agentගෙන් ලබා ගන්න පුලුවන්)

හැබැයි මේ වැඩෙට හොද දැනුමක් තියන Agent කෙනෙක් යොදා ගන්න පුලුවන් නම් වඩාත් හොදයි මොකද මේ Agentලා ගොඩාක් කාලයක් මේ Visa Applications එක්ක ගනුදෙනු කරලා හොද ප්රායෝගික දැනුමක් තියන අයයි

• ඔයාලට ආපු offer letter එක

• පොලිස් මූලස්ථානය මගින් New Zealand High Commission එකට යොමු කරපු Character certificate එක මේ certificate එක අපි සාමාන්යයෙන් ගමේ පොලීසියෙන ගන්න police certificate එක වෙනුවට කොලඹ පොලිස් මූලස්ථානයෙන් New Zealand High Commission එකටම කරලා විශේෂ සහතිකයක් ගන්න ඕනේ

• වෛද්ය සහතිකය (Medical Report) මේ වෛද්ය සහතිකය ගන්න ඕනෙ මගින් New Zealand High Commission එක මගින් නියම කරන වෛද්යවරයෙක්ගෙන්ම (Panel Doctor) ලබා ගන්න වග බලා ගන්න ඕනේ

• මුදල් තැන්පතුවල සහතික (Fixed Deposit certificate or Saving Acoount passbook) හා බැංකුවේ කළමණාකරුගෙ සහතික කිරීමේ ලිපිය (Balance Confirmation Letter)

• එම මුදල ලැබුන ආකාරය ඔප්පු කරන්ඩ පුලුවන් විදියේ (Source of funds) ලියකියවිලි ඒ කියන්නෙ මේ මුදල් ලැබුනේ ඉඩමක් විකුනලා නම් ඊට අදාල ඔප්පු පැවරීම් (Deed transfer) වගේ දේවල්.

• තමන්ගේ අධ්යාපණික සහතික. ඔය O/L, A/L සහතික වගේ එවුවානම් අනිවාර්යයෙන්ම විදේශ කටයුතු අමාත්යංශයෙන් (Foreign Ministry) සහතික කර ගන්න ඕනේ

• මීට අමතරව තව තමන් ගැන සම්පූර්ණ හැදින්වීමක් (Self Discription) තමන්ගේ හෝ පවුලේ අදායම් (Income) වලට අදාල ලියකියවිලි එහෙමත් ඉදිරිපත් කරන්න ඕනේ​
 
  • Like
Reactions: **cut

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
ela mcn matath denaganna godak tiyanawa keep it on

Matath dana ganna asai

machan NZ wala student visa gana kiyapanko

goda dhenekuta meka one weyi machan..
good work :)

goda dhenekuta meka one weyi machan..
good work :)

machan uk rules kiyannako

Mucho oyawe contact kerande widiyak nade..made wisthare tikak danegande one plzz :(:(:( :):)

good machan

ela mchn
good work
godak ayata help 1k wei

මචන්ලා උඹලාගෙ Comments වලට very very thanku :love:මම මචන් මේක type කරන්ඩ use කරන්නෙ online singlish converter එක අර Colombo university එකෙන් හදල තියන. ඒකට වඩා ලේසි ක්‍රමයක් තියනව නම් කවුරු හරි කියපන් :confused:

ඉතින් ටිකාක් හෙමිහිට තමයි මේ විස්තර එකතු කරන්නෙ ඒ නිසා අවුලක් ගන්න එපා උඹලට තියන ප්‍රශ්න එකෙන්ම අහපන් මම පුලු පුලුවන් විදියට කරන්නම් :yes::yes:
 
9.57

Well-known member
  • New Zealand Student වීසා සදහා අවශ්ය මූලික සුදුසුකම්

    • College හෝ University එකක් මගින් ලබා ගත් Admission (එක අපි සාමාන්යයෙන් කියන offer letter එක)

    • අවුරුද්දක වියදම් සදහා NZ$ 10,000 ක (රුපියල් ලක්ෂ 10- 13) මුදලක් මෙම මුදල් තැන්පතුවල අතීතය මාස 6 කට වඩා අඩු නම් ඔබ අනිවාර්යයෙන්ම මෙම මුදල ලැබුන ඔබට ලැබුන ආකාරය අනිවාර්යයෙන්ම පෙන්වන්න ඕනේ. මේ සදහා ඔබට ඔප්පු පැවරීම් (Deed transfers), රථ වාහන පැවරීම් (Vehicle Transfers), ව්යාපර ලාභ (Business income) යොදා ගන්න පුලුවන්

    • ඒ වගේම තමන්ගේ හෝ පවුලේ (දෙමවුපියන්ගෙ හො සහකරුවාගේ) අදායම් තත්වය පෙන්වන්න පුලුවන් නම් වඩාත් හොදයි​
    machan properties sell karala salli pennanna be kiyala aluth rule ekak ewit thiyenawada...
    mage yaluwek nz try karanawa, eya tama kiwwe me rule eka langadi indan change karala kiyala...
    anith eka level 6 programes walatath IELTS onalu ne...:confused:
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    මචන්ලා උඹලාගෙ Comments වලට very very thanku :love:මම මචන් මේක type කරන්ඩ use කරන්නෙ online singlish converter එක අර Colombo university එකෙන් හදල තියන. ඒකට වඩා ලේසි ක්‍රමයක් තියනව නම් කවුරු හරි කියපන් :confused:

    ඉතින් ටිකාක් හෙමිහිට තමයි මේ විස්තර එකතු කරන්නෙ ඒ නිසා අවුලක් ගන්න එපා උඹලට තියන ප්‍රශ්න එකෙන්ම අහපන් මම පුලු පුලුවන් විදියට කරන්නම් :yes::yes:

    Check these :yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1095652
    http://www.elakiri.com/forum/showthread.php?t=884251
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    machan properties sell karala salli pennanna be kiyala aluth rule ekak ewit thiyenawada...
    mage yaluwek nz try karanawa, eya tama kiwwe me rule eka langadi indan change karala kiyala...
    anith eka level 6 programes walatath IELTS onalu ne...:confused:

    එහෙම එකක් නෑ මචන් Properties විකුනලා සල්ලි පෙන්නන්න එක තමයි sureම විදිය, හැබැයි මචන් කරන හැම Deed transfer එකක්ම Document එකක්ම 100% legal එවුවා වෙන්න ඕනෙ, මොකද ලංකාවෙදි IOM එකෙන් ඒ documents 100% check කරලා බලනවා. අනික එහෙම සල්ලි පෙන්නද්දි මාස 6ක financial history එක පෙන්වන්න ඔනේ නෑ. අද ඉඩම විකුනලා හෙට සල්ලි පෙන්වන්නත් පුලුවන්

    අනික් IELTS ගැන

    මචන් සමහර Colleges තියනවා G.C.E. O/L English results වුනත් බලලා admissions දෙන G.C.E. O/L වලට A,B,C passes තියනව නම් IELTS නැතුව admission ගන්න එක කේස් එකක් නෙමෙයි (හැබැයි මචන් එවුවා තීර්ණය වෙන්නෙ ඔයාල තෝරා ගන්න agent අනුව තමයි අපි නම් try කරලා කරලා දැනට ඒ වගේ colleges කීපයක්ම අල්ලාගෙන තියෙන්නේ) College එකන් ඔයාලගෙ සුදුස්කම් අනුව admission එක issue කරල තියනව නම් NZ High Commission එක IELTS ඉල්ලන්නේ නෑ.
     
    9.57

    Well-known member
  • එහෙම එකක් නෑ මචන් Properties විකුනලා සල්ලි පෙන්නන්න එක තමයි sureම විදිය, හැබැයි මචන් කරන හැම Deed transfer එකක්ම Document එකක්ම 100% legal එවුවා වෙන්න ඕනෙ, මොකද ලංකාවෙදි IOM එකෙන් ඒ documents 100% check කරලා බලනවා. අනික එහෙම සල්ලි පෙන්නද්දි මාස 6ක financial history එක පෙන්වන්න ඔනේ නෑ. අද ඉඩම විකුනලා හෙට සල්ලි පෙන්වන්නත් පුලුවන්

    අනික් IELTS ගැන

    මචන් සමහර Colleges තියනවා G.C.E. O/L English results වුනත් බලලා admissions දෙන G.C.E. O/L වලට A,B,C passes තියනව නම් IELTS නැතුව admission ගන්න එක කේස් එකක් නෙමෙයි (හැබැයි මචන් එවුවා තීර්ණය වෙන්නෙ ඔයාල තෝරා ගන්න agent අනුව තමයි අපි නම් try කරලා කරලා දැනට ඒ වගේ colleges කීපයක්ම අල්ලාගෙන තියෙන්නේ) College එකන් ඔයාලගෙ සුදුස්කම් අනුව admission එක issue කරල තියනව නම් NZ High Commission එක IELTS ඉල්ලන්නේ නෑ.
    m....ok.. machan etakota apita property ekak bank ekaka wage mortgage karala salli pennanna puluwanda...?? tawa samaharu innawane oya case walata accounts walata salli dana eka business eka karagattu.. ewat ok da?:confused:

    machan anit eka monada nz wala PR gannanam study karanna best ma field eka.. other than Agri... and best institutes??
    13.gif

    (off topic wagenam sry..)

    last thing, nz PR gattot aussie PR ganna lesida???:eek:

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    m....ok.. machan etakota apita property ekak bank ekaka wage mortgage karala salli pennanna puluwanda...?? tawa samaharu innawane oya case walata accounts walata salli dana eka business eka karagattu.. ewat ok da?:confused:

    machan anit eka monada nz wala PR gannanam study karanna best ma field eka.. other than Agri... and best institutes??
    13.gif

    (off topic wagenam sry..)

    last thing, nz PR gattot aussie PR ganna lesida???:eek:

    මචන් ඉඩමක් Mortgage කරලා ඔයාලට තමන්ගේ Course fee එකටයි Living expenses එකටයි සල්ලි පෙන්නන එක ප්‍රශ්නයක් නෙමෙයි, හැබැයි එතනදි ඔයාලා අනිවාර්යයෙන්ම ඔයාට හෝ පවුලේ අයට ඒ ණය මුදල ගෙවන්න හැකියාව (Repayment capacity) තියනවා කියල පෙන්වන්න ඕනෙ එකට ඔයාලට ඔයාලගෙ දෙමවුපියන්ගේ අදායම්, පවුලේ ව්‍යාපර වලින් ලැබෙන ලාභ, වතුපිටි වලින් ලැබෙන අදායම් යොදාගන්න පුලුවන්. හැබැයි හොදට මතක තියා ගන්න ගොඩාක් සැලකිලිමත් වෙනවා ඔයාල මේ ණය වාරික ගෙවීම පවුලේ එදිනෙදා වියදම් වලට බලපානවද කියන එක (ඒ කියන්නේ පවුලේ මාසික අදායම රුපියල් 20,000 නම් ඒ සම්පූර්ණ ආදායමම ඔයාලට ණය ගෙවන්න යොදා ගන්නව කියලා පෙන්වන්න බෑ)

    ඔවු මමත් හොදටම දන්නවා ලංකාවෙ student visa වලට සල්ලි පෙන්වන එක ලොකු business එකක් වෙලා කියලා, හැබැයි මචන් සමහර අය ඉන්නවා ඔය සල්ලි පෙන්වන එක genuine කරන අය තවත් සමහරු පල් හොරු. වඩාත්ම හොද විදිය තමයි තමන්ගේ Agent recommend කරන කෙනෙක් ලවා ඒ වගේ දෙයක් කර ගන්න එක මොකද එයාලා දන්නවා හරියටම වැඩේ කරලා දෙන අයව

    හැබැයි කාගෙන් කර ගත්තත් තමන් අතට ලැබෙන එක අනිවාර්යයෙන්ම අදාල Bank එකෙන් හෝ Financial company එකෙන් කර double check ගැනීම ඔයාලගේ ආරක්ෂාවට හොදයි.

    ඔයා අහල තියන PR එක ගැන මම අද රෑට සම්පූර්ණ හැදින්වීමක් එකේ දාන්නම් මම දැනටමත් එක type කරගෙන යනවා
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    අපිට නවසීලන්තයේ ඉගෙනගැනීමෙන් තියන වාසි මොනවාද

    මම මචන්ලා මුලින්ම PR එක ගන්න විදිය ඔයාලට කියන්නේ නෑ. මොකදා එකට කලින් නවසීලන්තයෙදි ඔයාලට ගන්න පුලුවන් වාසි ගොඩාක් තියනවා
    මූලිකම දෙය තමයි ඔයාලාට නවසීලන්තයේ ඉගෙන ගන්න අතරම අමතර රැකියාවක් (Part time Job) කරන්න හැකි වීම

    ඇත්තටම යාලුවනේ නවසීලන්තය කියන්නේ ලොකු දියුණු රටක් වුනාට අපේ රටටත් වඩා අඩු ජනගහණයක් තමයි පවතින්නේ. මේ නිසා ඔයාලට අමතර රැකියාවක් හොයා ගැනීමේ ලොකු අපහසුවක් වෙන්නේ නෑ.

    මේ කියන අමතර රැකියාව ප්රධාන වශයෙන් කොටස් දෙකටක්ට වෙන් වෙනවා
    එකක් තමයි ඉගෙන ගන්න අතරම සතියකට පැය 20ක් අමතර රැකියාවෙ යෙදෙන්න හැකියාව ලැබීම
    අනික තමයි නවසීලන්තයේ උත්සව කාල වලදී (Christmas, New Year වගේ) ඔයාලාට සම්පූර්ණ කාලයම රැකියාවක යෙදෙන්න අවස්තාව ලැබීම. මොකද මේ උත්සව කාල වලදී ඒ රටේ Colleges හා Uni සේරම නිවාඩු ලබා දෙනවා. ඉතින් ඔයාලට ඒ කාලය නිදහසේ රැකියාවක යෙදෙන්න පුලුවන්
    මේ අමතර රැකියා කිරීමේ අවසරය ගන්න එක ලොකු දෙයක් නෙමෙයි. ඔයාලා වීසා එකට අයදුම් කරද්දි මේ අමතර රැකියා කිරීමේ අවසරයත් ඉබේම ලැබෙනවා