මැලේසියා student visa මාෆියාව

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    7,370
    11,881
    113
    Colombo
    ලෝකයම පිළිගත් වටිනා diploma එකක් හදාරනවත් සමග අර්ධකාලීන රැකියා කිරීමට අනගි අවස්තාවක්.
    No IELTS
    මේ සියල්ල ලක්ෂ 12 ක් පමණයි

    දැකල ඇති නේද ඕනෙ තරම් මේ වගේ පෝස්ට්. මන් කියන්නෙ නෑ එන්න එපා කියල. ඒත් ඔයාල හැමෝම ඇත්ත දැනගන්න එක වටිනවා.

    මැලේසියාවට student එන්නෙ ගොඩ දෙනෙක් අවු 2 1/2ක diploma වලට. එක අවුරුද්දක visa fee + tuition fee + other තමයි ලක්ෂ 12ක පමණ මුදලක් වෙන්නෙ. මතක තියාගන්න ඉතුරු අවු 1 1/2 ට ඔයා ගෙවන්න ඕනෙ පලවෙනි අවුරුද්ද ඉවර උනාම.
    No Ielts කිව්වට දෙවනි අවුරුද්දට visa ගන්න අනිවාර්යයෙන් Ielts ඕනෙමයි.

    ‌දැන් බලමු පාර්ට් ටයිම් ජොබ් ගැන. පාර්ට් ටයිම් ජොබ් හොයනව කියන්නෙ කලු නික හොයනව වගේ තමයි. හැම college එකක්ම සතියට දවස් 3ක් නම් අනිවාර්යයෙන් තියෙනවා. පාර්ට් ටයිම් ජොබ්ස් නම් Kl පැති වල ගොඩක් අඩුයි. නයිට් ෂිෆ්ට් එකක් හොයාගන්නවා කියන්නෙ ඊටත් වැඩිය අමාරු වැඩක්. පූර්ණ කාලින රැකියාවක් හොයාගන්න එකත් අමාරුයි. ඒකටත් අපේම රටේ සල්ලි කන කාක්කන්ට ජොබ් මනී කියල RM 800 කවත් දොලපිදේනියක් දෙන්නම ඕනෙ. student ලට full time ජොබ් කරන්න නීතියෙන් බෑ. full time ජොබ් එකකට යනව නම් college යන්න වෙන්නෙත් නැ. college එකෙන් immigration එක දැනුවත් කලොත් වෙන පරශ්න immigration එකෙන් සලකන විදිහ ඕනෙ තරම් tik tok , youtube වලින් බලාගන්න පුලුවන්
    😂


    ‌එතකොට කොහොමද සල්ලි හොයන්නෙ?
    ගොඩක් අසරණ අම්මල තාත්තලගෙ ලමයි loan අරන් මැලේසියා එන්නෙ ඉගෙන ගන්න ගමන් loan එකත් ගෙවල ඊලග අවුරුදු වලට tuition fee එකත් හොයා ගන්න බලාපොරොත්තුවෙන්. ඒත් ජොබ් නැති නිසා අසරණ උන ගොඩ දෙනෙක් ඉන්නව. ගොඩක් අයට ඉන්න තැනටයි කන්න බොන්නයි ලංකාවෙ අයට කියල දාගන්න වෙනව. එතකොට ගත්ත loan වලයි ලමයට සල්ලි යවන්නයි වෙලා අහින්සක අම්මල තාත්තල 0 ටම වැටෙනව. ලමයිනුත් මානසික වැටෙනව. ගොඩක් අය ආපහු ලංකාවට යනව. අනිත් අය තමන් විදින දුක තව කෙනෙක්ට කියන් නෑ ලජ්ජාවට. 80%ක් දෙනා උපරිම ඉන්නෙ අවුරුද්දක් වගේ කාලයක්. ඊට පස්සෙ ආපහු ලංකාවට යනව නැත්තම් නීති විරෝධී විදිහට වීසා ගන්න ගිහින් තවත් අමාරුවෙ වැටෙනව.

    ‌එතකොට මෙහෙ ඉන්න සමහර studentල luxury life එකක් ගෙවන්නෙ කොහොමද?
    මෙහෙ ඉන්න අයගෙන් luxury life ගෙවන්නෙ ඇත්තටම දෙමව්පියන්ට හොදට සල්ලි තියෙන ලමයි. එහෙම නැත්තම්
    luxury life එකක් ගෙවන ගොඩක් student ඉන්න අය ගැන හොයල බලන්න. එයාල කරන්නෙ මැලේසියාවට student visa ලමයි ගෙන්නන එක. ඒකෙන් එයාලට ලොකු commission එකක් එනවා. බොරු luxury life එකක් social media වල උලුප්පල පෙන්නල අහින්සක ලමයි දෙමව්පියන්ගෙන් සල්ලි කඩන එක තමයි එයාලගෙ job එක. තවත් එකෙක්ට හෙන ගහන්න දීල ඌව නන්නත්තාර කරල සල්ලි හොයන්න පුලුවන් කාලකන්නියෙක් නම් ඔයාටත් පුලුවන් මැලේසියා ඇවිත් එහෙම කරන්න.
    හොදම දේ තමයි ඔයාගෙ යාලුවත් මැලේසියා ඉන්නව කියල මෙහෙ මරු බන් කිසි අව්ලක් නෑ කියල බොරු අත ඇරල අන්තිමට ඔයාට කියනව නම් උබත් student වරෙන් අව්ලක්ම නෑ ගේමක් ගහන්න පුලුවන් කියල. අන්න ඌත් අරවගෙම කාක්කෙක් කියල හොදට මතක තියාගන්න. උන් ජීවත් වෙන්නෙ උබලගෙ ඊරි මාන්ශෙත් උරා බීල හම්බෙන් commission එකෙන්.

    ඔයාට ඇත්තටම සල්ලි තියෙනව නම් ඉගෙන ගන්න නම් එන්න ඕනෙ ජොබ් කරන් නැතුව ඔයාට දෙමව්පියො වියදම් කරනව නම් එහෙනම් එන්න. ඒක ගැටලුවක් ඇත්තෙම නෑ. හැබැයි tuition fee අඩු දෙකයි පනහෙ college වලට නම් එන්න එපා. ඔයාට ඉගෙන ගන්න වෙන ලබ්බක් නෑ. yes college , erican college මේ මාෆියා කරයින්ගෙ මහ ගෙවල් වගේ. පුලුවන් නම් හොද university එකක් select කරන් එන්න. හැබැයි ඒව වල tuition fee එකත් එක්ක uk campus compair කරනකොට budget එකේ නම් පොඩි වෙනසයි තියෙන්නෙ. ඒ option වලින් හොදම දේ ඔයා කරන්න.

    ‌මැලේසියා student visa එන්න කිසිම agency එකක් ඔයාට ඕනෙ වෙන්නෙ නෑ. youtube ,google refer කරල ඔයාල අදහසක් ගන්න

    COPIED
     

    Sumanafer

    Well-known member
  • Jun 25, 2021
    543
    990
    93
    මැලේශියා යන්න එපා professional job එකකට ඇරෙන්න.අමු කුනක් කන්න වෙනවා.