කාට ද මේක තේරෙන්නේ...?

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
කාට ද මේක තේරෙන්නේ...?

රට්ඨපාල මහරහත් තෙරුන් වදාළ ගාථා කිහිපයක්...

පස්ස චිත්තකතං බිම්බං අරුකායං සමුස්සිතං,
ආතුරං බහුසංකප්පං යස්ස නත්ථි ධුවං ඨිති.

හොඳ හැටියට ඇට නහර ගලපලා ලස්සනට තිබෙන මේ ශරීරයේ ඇත්ත දිහා බලන්න. මේ ශරීරය ලෙඩ වෙලා යන දෙයක්. ස්ථිර පැවැත්මක් නැති දෙයක්. නමුත් අඥාන ජනයා බහුලව සිතන්නෙ ම මේ ශරීරය ගැන ම යි.

පස්ස චිත්තකතං රූපං මණිනා කුණ්ඩලේන ච,
අට්ඨිත්තචේන ඕනද්ධං සහ වත්ථේහි සෝභති.

මුතු මැණික් ආභරණවලින් සරසලා තිබුණ ත් මේ ශරීරයේ සත්‍ය තත්ත්වය ම යි බලන්ට ඕන. හමකින් ඔතා තිබෙන මේ ඇට ගොඩ ලස්සනට පේන්නෙ ඇඳුම නිසා.

අලත්තකකතා පාදා මුඛං චුණ්ණකමක්ඛිතං,
අලං බාලස්ස මෝහාය නෝ ච පාරගවේසිනෝ.

දෙපාවල පාට ගාලා තිබුණත්, සුවඳ විට හපලා මුඛය සුවඳ කළත්, මෝඩ ජනතාව ගේ මෝහයට විතරයි ඒක ගැලපෙන්නෙ. නිවන සොයා යන කෙනෙකුට ඒකෙන් පලක් නෑ.
femaleanatomy3dmodelweb27ge.jpg

අට්ඨපාදකතා කේසා නෙත්තා අඤ්ජනමක්ඛිතා,
අලං බාලස්ස මෝහාය නෝ ච පාරගවේසිනෝ.

කොණ්ඩා මෝස්තර දමලා, ඇස් පාට කරල තිබුණත්, මෝඩ ජනතාවගේ මෝහයට විතරයි ඒක ගැලපෙන්නෙ. නිවන සොයා යන කෙනෙකුට ඒකෙන් පලක් නෑ.

අඤ්ජනීව නවා චිත්තා පූතිකායෝ අලංකතෝ
අලං බාලස්ස මෝහාය නෝ ච පාරගවේසිනෝ.

මේ කුණු ශරීරය කොයි තරම් ලස්සනට සරසලා අලංකාර කරලා අළුත් භාජනයක් වගේ තැබුවත් මෝඩ ජනතාව ගේ මෝහයට විතරයි ඒක ගැලපෙන්නෙ. නිවන සොයා යන කෙනෙකුට ඒකෙන් පලක් නෑ.


ඕදහි මිගවෝ පාසං නාසදා වාකරං මිගෝ,
භුත්වා නිවාපං ගච්ඡාම කන්දන්තේ මිගබන්ධකේ’ති
මුව වැද්දා මුවන් අල්ලන්ට උගුල් අටවලා තියෙන්නෙ. ඒ වුණාට මේ පාර නම් මුවා උගුලට අහුවුණේ නෑ. මුව වැද්දා හඬ හඬා සිටිද්දී අපි ගොදුරු කාලා පැනලා යනවා.

(රට්ඨපාල තෙරුන්ගේ ගාථා - මජ්ඣිම නිකාය 2 - රට්ඨපාල සූත්‍රය)
තෙරුවන් සරණයි


http://dhammamedicine.blogspot.com
 

gaveshi

Member
May 13, 2009
129
38
0
බොහොම පින්

“මේ ශරීරය වනාහි ජරා ජීර්ණත්වය උරුම කරගත් දෙයකි . රෝග පීඩා වැළදීම පිණිසම සුදානම්ව පවතින දෙයකි .තාවකාලික දෙයකි . අපවිත්‍ර දේ වගුරුවමින් වැනසී යන දෙයකි . සැබවින්ම මේ කය නමැති 'ජීවිතය' මරණයෙන් නිමවෙනු ඇත”

(ධම්ම පදය - ජරා වග්ග)
 

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
බොහොම පින්

“මේ ශරීරය වනාහි ජරා ජීර්ණත්වය උරුම කරගත් දෙයකි . රෝග පීඩා වැළදීම පිණිසම සුදානම්ව පවතින දෙයකි .තාවකාලික දෙයකි . අපවිත්‍ර දේ වගුරුවමින් වැනසී යන දෙයකි . සැබවින්ම මේ කය නමැති 'ජීවිතය' මරණයෙන් නිමවෙනු ඇත”

(ධම්ම පදය - ජරා වග්ග)

:yes::yes::yes:
 

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara
අපි අපේ වටපිටාවට ඇස් යොමු කලොත් මේ ගැන හොඳට දකින්න පුළුවන්. උදේට කෝච්චියට නැග්ගම නොයෙක් ජාතිවල අය දකින්න ලැබෙනවා. නොයෙකුත් ඇඳුම් ඇඳන් නොයෙකුත් සුවඳ වර්ග ඇ‍ෙඟේ උලාන ගමනේ යෙදෙනවා මේ අය.

ඉන් පස්සේ මහ හයියෙන් හිනා වෙවී කථා කර කර අනිත් අයට ඉඟි බිඟි කර කර කොහේ හරි අයිනක් හරි දොර ලඟ හිර කරගෙන හරි මහ සාකච්ඡාව පටන් ගන්නවා. මේ කථා වල වැඩි හරියක්ම තියෙන්නේ සම්ප්‍රප්ඵලාප. ඒ කියන්නේ පමාවට කාරනා. එක එක්කෙනාගේ කොණ්ඩෙ හැටි, තොල් වල හැටි, පපුවේ හැටි, පස්ස පැති වල සයිස් එක, ඇඳුමෙ හැටි, කකුල් වල හැටි, ඇ‍‍ෙඟේ මයිල්, ඊළඟට ආණ්ඩුවේ වැරදි, විපක්ෂෙ වැරදි, තමන් වැඩ කරන තැන ලොක්කගේ වැරදි,ළමයින්ගේ ප්‍රශ්න, ගෙදර උන්දැගේ ප්‍රශ්න මේ වගේ නොයෙක් දේ තමයි මෙතන කථා වෙන්නේ.

මේ මිනිස්සු කිසිම වෙලාවක හිතන්නේ නෑ තමන් දවසින් දවස මොහොතින් මොහොත හුස්ම ගන්න පිට කරන වාරයක් වාරයක් පාසා වෙනස් වෙවී ජරාවට පත් වෙන බව. මුන්ට තේරෙන්නේ නෑ තමන් ගත්ත හුස්ම පිට කරන්න කරන්න තමන් මරණයට ලං වෙන බව. මේ තමයි අවිද්‍යවේ ස්වභාවය. විද්‍යාව පහල වෙනකම්ම මෙහෙමම තමයි.

ඒ තත්වය ගෞතම බෝධිසත්වයන්ට පවා තිබිච්ච පෘථග්ජන ස්වභාවයක්. ඉතින් අපි ගැන කුමන කථාද ? කොහොම නමුත් බෝධිසත්වයෝ තමන් ගැන තිබිච්ච ආදරය කරුණාව වගේම අපි ගැන ඒ වගේම යශෝධරාව හා රාහුල කුමාරයා ගැන තිබුණ කරුණාව මෛත්‍රිය නිසා මේ මුළු මහත් විශ්වයේ කිසිම සත්වයෙක් විඳින්නේ නැති දුක් කන්දක් විඳලා මිනිහෙක් වශයෙන් ලබන්න පුළුවන් ඉහලම පලය ලබා ගත්තා. ඒ ඵලය ලබා ගත්ත බුදුහාමුදුරුවෝ එතනින් නැවතුනේ නෑ තමන්ගේ අතීත ආත්මයේ කල්‍යාණ මිත්‍රයාගේ ආරාධනාව පිලි අරන් අපි වෙනුවෙන් තමන් ලබා ගත්ත උතුම් පලය ලබා ගන්න ක්‍රමවේදය දේශනා කරනු ලැබුවා. උන්වහන්සේ අපිට උද්දාමයෙන් කිව්වා මට ආලෝකය පහල වුනා, අවිද්‍යාව නැති වුනා කියලා. (දම්සක් පැවතුම් සූත්‍රය)

ඒ තුලින් මිනිස් ස්වභාවය සත්‍ය දකින්න උන්වහන්සේට හැකි වුනා. ඒකේ ප්‍රතිඵලය වුනේ මොකක්ද ? එකක් මේ රට්ටපාල, සැරියුත්-මුගලන්,රේවත,පිප්ඵලී,නන්ද වගේ තවත් මහ පිරිසක් ඒ සත්‍ය දකින්න සමත් වුනා. ඇත්තටම පුදුමයි අහද්දි උන්වහන්සේගේ සත්‍යාවබෝධය නිසා අද වෙද්දි කී දෙනෙක් නම් සැනසීමට පත් වෙලා තියේද කියලා හිතද්දි.

අනිත් ප්‍රතිඵලය වුනේ මාගන්දිය වගේ පිරිසක් ඇති වෙච්ච එක.

අද දවසේ අපි අපි ගැන බලද්දි දකින්න ඉන්නේ වැඩි පුරම රූපයේ ආදීනව දකින අයවලුන් නෙවීම ඇත්තටම කණගාටුවට කරුණක්. වැඩි පුරම ඉන්නේ මාගන්දියගේ පන්තියේ කට්ටිය. ඒ අයත් ඉතින් වැඩි කථාවක් නෑ මාගන්දිය අද ඉන්න ලැනටම යාවි. ඒ වගේම යම් පිරිසක් ඒ ආදීනව දකින්න සමත් වෙලා ඉන්නවා වගේම ඒ ආදීනව දකින්න උත්සහ කරන බව මතක් වෙද්දි ඇත්තටම සතුටු වෙන්නත් පුළුවන්.

අපි සංසාරේ අඬපු කඳුළු ප්‍රමාණය මහ මුහුදේ වතුර වලට වඩා වැඩියි. මැරුම් කද්දි හලපු ලේ ප්‍රමාණයත් ඒ වගේමයි. හිස් ගැසුම් ලත් ප්‍රමාණයත් අනන්තයි අප්‍රමාණයි. ඒත් අපිට අපේ අතීතය නොපෙනෙන නිසා අද අපි ඒ සේරම අත ඇරලා රූපය අල්ලගෙන ජරාව මරණය ලෙඩ දුක් අමතක කරලා අනාථයො වගේ ඔහේ එහෙ මෙහෙ ඇවිද ඇවිද ඉන්නවා.

ඒ වගේ වටපිටාවක් තියෙද්දි මේ වගේ ආටිකල් එකක් පටන් ගත්තට වගේම ඒ තුලින් අපිව දැනුවත් කරනවාට ඔයාලා හැමෝටම හුඟක් ස්තුතියි වගේම හුඟක් පින්.

ඇත්තටම මන් වගේ සීමිත දැනුමක් තියෙන කෙනෙක්ට ඉගෙන ගන්න හුඟක් දේවල් මෙතනට එකතු කිරීම ගැන මන් පුද්ගලිකව ඔය ඇත්තන් හැමෝටම ඉක සිතින් පින් අනුමෝදන් කරනවා.

අවිද්‍යාව දුරු වී ආලෝකය පහල වේවා.!