
ඔයා කියනව නම් මේ සක්වලේ ඕන තැනක කරක්ගහල අපි මුලදි ම වයස මැනපු ස්ථානය ට ම ඇවිත් බලද්දි අපේ වයස ඒ කාලය තුල කොහෙවත් නොගිහින් පෘතුවියෙ ම ඉඳල බලපුවාම අපි වයසට ගිහින් තියන කාලයට ම සමානයි කියල,

එහෙනම් ඒක හරි. මොකද ඒකෙන් ඔප්පු වෙනව කොහෙ කොහෙ ගියත් කොහෙ කොහෙ හිටියත් කෙනෙකුගේ වයස යාමේ වේගය නියතයි කියල.

හැබැයි ඔයා කියනව නම් අපි පෘතුවියේ ඉඳල මීට ආලෝක වර්ෂ 2, 3ක් දුරින් තියෙන තැනකට යම් වේගයකින් යද්දි හෝ ගිහින් හෝ ගිහින් ඉද්දි අපේ වයස පෘතුවියේ ඉද්දි වයස යනව ට වඩා වේගයෙන් හෝ හෙමින් ගත වෙලා/වෙනව කියල,

ඒක වෙන්න බැරි වැඩක්.

කොහෙත් ම වෙන්න බෑ. චලනය වීම කියන එකෙන් වයසට නොයා ඉන්න බෑ මචන්. සෛල වයසට යනවය කියල තියෙන කල්පිත/මත 2ක් තියෙනව.

ඒ ඒ සෛල වයසට යාම ජීවියෙක්ගෙ වයස ගතවීමට, මරණයට හේතු වෙනව. Necrosis සහ Necrobiosis.

මේ දෙකෙන් එකකට වත් යම් තැනක සිට තවත් තැනකට යම් වේගයකින් චලනයක් බලපාන්නෙ නෑ.

පාරිසරික තත්තව සහ සෛල වලට ලැබෙන පෝෂණය, අපද්‍රව්‍ය සෛල වලින් පිටතට ගෙන යාම වගේ දේවල් නිසි විදියට වෙනව නම්, ඒ ඒ සාධක නියත නම්..., යම් තැනක ඉඳල තවත් තැනකට යම් වේගයකින් ගමන් කිරීමක් හේතුවෙන් කෙනෙක් වයසට යාම හෝ නොයාම වෙනස් වෙන්නෙ නෑ.

උදාහරණයක් විදියට, මමයි මගෙ යාලුවෙකුයි එකම දවසෙ එකම වෙලාවෙ ඉපදුනා නම්, එයා පොලොවෙ විතරක් හැදිල වැඩිල ජීවත් වෙලා ඉන්න අතර මම ආලෝක වර්ෂ ගානක් දුර ගිහින්, කොයි තරම් කාලයක් ඉඳල හරි නොමැරී ආපහු පොලොවට ආවම අර මගෙ යාළුවගේ සහ මගේ වයස සමානයි.

අනිවාර්යෙන් ම ඒක එහෙමයි!

මම තරුණ වෙලා හෝ යාලුව වැඩියෙන් වයසට ගිහින් නෑ.

ඒක එහෙම වෙන්න බෑ. මොකද අපි ජීවත් වෙන්නෙ, ජීවත් වෙලා තියෙන්නෙ වෙනස් පරිසර වල උනාට.., ඒ ඒ මුල් අවස්ථාවේදී අපි දෙන්නගෙ වයස මනිද්දි සහ පස්සෙ අවස්ථාවෙදි අපි දෙන්නගෙ වයස මනිද්දි
ගත වෙලා තියෙන කාලය සමානයි.
ගත වෙලා තියෙන කාලයයි සමාන!

හැබැයි මම අඟහරුට ගොඩ බැහැල ඒ ග්‍රහයගෙ දිනයක් ගත වෙන්න යන වෙලාව මගේ පෘතුවියේ දි උපන්දිනයේ ඉඳල අවුරුදු 18යි දින එකයි, අවුරුදු 18යි දින දෙකයි කියල ගන්නත් බෑ. මොකද අඟහරු ග්‍රහයගෙ දිනයක් කියන්නෙ පෘතුවි දිනයකට සමාන නැති නිසා.