කාඩ් කුට්ටමේ රජවරු
✶⊶⊷⊶⊷❍ - ❍⊶⊷⊶⊷✶
කාඩ් කුට්ටම නොදන්නෙ කවුද නේද.
බැලු බැල්මට ලොකු දෙයක් නෑ හරි ලේසි වගේ පෙනුණත් කාඩ් කුට්ටමක සංකේත, රූප,හා අංක තුළ හැංගිච්ච රහස් බොහොමය්. ගොඩ දෙනෙක් නොදන්න;රසවත් සිද්ධි එක්ක ඈදිච්ච ඇතැම් රහස් සියවස් ගාණක ඉදලා එන සම්ප්‍රදායික රහස් . එක සැරයක් බැලුවට කැපී පෙනෙන වෙනසක් නොපෙණුනත් හැම කාඩ් කුට්ටමක්ම නිර්මාණය වෙලා තියෙන විදිහ, ඒවායෙ මුද්‍රිත වර්ණ හා රටාවන් සහ එහි අතීතය එක්ක බැදිච්ච රහස් ගොඩයි.
ඒවා ගැන දන්න ටිකක් ගැන කියන්නයි මේ හදන්නෙ. කාඩ් කුට්ටමේ ඉතිහාස කතාව මම පස්සෙ කියන්නම්.අද මුලින් නැතිව මැද්දකින් පටං ගන්නම්.
කාඩ් කුට්ටමේ රජවරු හතරදෙනෙක් ඉන්නවා.පොදුවේ මේ අය හදුන්වන්නෙ "හේරා" කියලා.ඉංග්‍රීසි "K" අකුර, කාඩ් කුට්ටමේ දෙවනියට ලොකුම කොලය.
හේරා කොලවල ඉන්න මේ රජවරු හතරදෙනා ලෝකයේ පහල වෙච්ච ශ්‍රේෂ්ඨම රජවරු හතරදෙනෙක්.
ඒ ,,
• ඉස්කෝප්ප හේරා - හීබෘෘ බයිබලයේ සඳහන් වන ඊශ්‍රායලයේ දෙවැනි රජු වන ඩේවිඩ්
• කලාබර හේරා - ග්‍රීසියේ මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා
• හාරත හේරා - මධ්‍යතන රෝමයේ චාර්ල්ස්මැග්නේ අධිරාජ්‍යයා
• රුවිත හේරා - රෝමයේ ජුලියස් සීසර් අධිරාජ්‍යයා
යන අධිරාජ්‍යයන් හතර දෙනායි.
මොවුන්ගේ සංකේතාත්මක නීරූපණයන් අදටත් පුදුමය දනවන මාතෘකාවන්.
රුවිත හේරා වෙන ජුලියස් සීසර් අධිරාජ්‍යයා ගත්තොත් ;හතර දෙනාගෙන් මූණ එක් පසෙකට හරවාගෙන, එක ඇසක් පමණක් පේන විදිහට ඉන්නෙ මෙයා විතරයි .ඒ මදිවට මෙයාගෙ අතේ තියෙන්නෙ කඩුව නෙමේ පොරව.
මේ විදිහට පොරවක් අතේ තියං ඉන්න හේතුව තමයි ජුලියස් සීසර්ව රජෙකුට වඩා : මෝර්ස් මිත්‍යා කතා වලට අනුව 'ඕඩින් ' කියන දෙවියන් ලෙස සළකන එක.සීසර් අතේ තියෙන්නෙ ඕඩින්ගෙ පොරව.එයා ඒක ඉස්සරහින් නැතිව ඔලුව පිටිපස්සට වෙන්න තියං ඉන්නෙ අවශ්‍යතාවක් ඇති වුණ සැණින් පහර දෙන්න කියලා තමයි කියන්නෙ.තව කිවුවොත් මේ ඕඩින් ගෙ එක ඇහැක් අන්ධයි.ඒ එයා පුරාණ රූපාක්ෂර වල තියෙන රහස් තේරුම් ගන්න එයාගෙ එක ඇහැක් පරිත්‍යාග කල නිසා කියලා කියනවා.ඒ නිසා තමයි එයා පේන හොදට තියෙන ඇහැ විතරක් අපිට පේන්න පැත්තට හැරිලා ඉන්නෙ.
හාරත හේරා කොලේ ඉන්න චාර්ල්ස් මැග්නේ අධිරාජ්‍යයා කඩුව ඔලුවට පැත්තෙන් හරස් අතට අල්ලං ඉන්නෙ හරියට එයාගෙම ඔලුවට ඇන ගන්නවා වගේ.
ඒ නිසාම එයා ප්‍රසිද්ධ, සිය දිවි නසා ගන්නා රජු කියලා. ඒත් ඇත්තටම වෙලා තියෙන්නෙ හේරා කාඩ් ඉස්සෙල්ලම කාඩ් කුට්ටමට හඳුන්වලා දීපු වෙලාවෙ :1565 දි ප්‍රංශෙ ඒවා අඳින්න බාර දුන්න චිත්‍රශිල්පියා වෙච්ච 'පියරේ මැරඩෙලී' ට කාඩ් එකේ ඉඩ නොතිබ්බ නිසා හරස් අතට ඇන්ද එකයි.පස්සෙ ඇඳපු කාඩ් සේරම ඒ කාඩ් එකේ විදිහටම ඇඳලා තියෙන්නෙ වෙනත් කතාන්දරයක් එක්කහු කරමින්.පියරේට කඩුව අඳින්න ඉඩ මදි වෙලා තියෙන්නෙ චාර්ල්ස්මැග්නේ රජුගෙ අත් දෙකම පැහැදිලි ලෙස පේන්න ඇඳලා තියෙන නිසයි. අනික් රජවරු තුන්දෙනාගෙම පෙනෙන්න තියෙන්නෙ වම් අත විතරයි .
කලාබර හේරා රජු වෙන මහා ඇලෙක්සැන්ඩර් ගෙ දකුණතේ 'ලෝකෙම මගෙ අතේ ' කියන එක සංඛේතවත් කරන ගෝලාකාර 'රාජකීය මණ්ඩලයක් ' සහ වම් අතේ කඩුවක් තියෙනවා.
හැබැයි ඉස්සෙල්ලා කිවුවා වගේම මුල්ම කාඩ් එක අඳින වෙලාවෙ ඇලෙක්සැන්ඩර් රජුගෙ දකුණු අත අඳින්න අමතක වෙලා නිසා රාජකීය මණ්ඩලයෙ පෙනිලා තියෙන්නෙ රජුගෙ කබායෙ මෝස්තරයක් විදිහට.අදටත් කලාබර හේරා රජුගෙ දකුණු අත පේන්න නෑ වගේම ගෝලාකාර රාජකීය මණ්ඩලය කබායෙ කොටසක් විදිහටම අඳිනවා.
මේ රජවරු හතර දෙනාගෙන්ම උඩු රැවුල නැත්තේ හාරත හේරා රජුට.
මීට අමතරව මේ රජවරු හතර දෙනාගෙම කබාවල ඒගොල්ලංගෙ ලාංචණ වෙච්ච හාරත ,ඉස්කෝප්ප,රුවිත,කලාබර මෝස්තර ඇඳලා තියෙනවා.
අනිත් රජවරු තුන්දෙනාගෙම කබායෙ තියෙන නිල්පාට පසුබිමේ තියෙන ලියවැල් මෝස්තරය කලාබර හේරා රජු වෙච්ච ඇලෙක්සැන්ඩර් ගෙ කබායෙ නෑ.ඒ වෙනුවට තියෙන්නෙ කලු පාට පසුබිමේ ඇඳපු කහ පාට ලිය වැලක්.
අද සම්මත කාඩ් කුට්ටමේ තියෙන හේරා කොල හතරෙ ලක්ෂණ ගැන තමයි මේ කිවුවේ.එහෙම වුණත් අතීතයේ එක් එක් රට වල ඒ ඒ රටවල් වල අයට ඕන විදිහට මේ රජවරු හතර දෙනා ඇඳපු කාඩ් තිබිලා තියෙනවා.උදාහරණ කිවුවොත් අද තියෙන කාඩ් එක upside down කරලා මොන පැත්තට බැලුවත් රජු පේනවා.ඒත් සමහර කාඩ් වල එහෙම තිබිලා නෑ ඒවයෙ රජු හිටගෙන ඉන්න සම්පූර්ණ පින්තූරෙ ඇඳලා තිබිලා තියෙනවා.
ඉතිං මම හිතනවා කට්ටිය වැඩිය අවධානයක් නොදීපු දෙයක් අද කිවුවා කියලා.දැන් දුවලා ගිහින් කාඩ් කුට්ටමක් අරං බලන්න.
ඒ විතරක් නෙමේ, ඊලග සැරේ කාඩ් ගහද්දි ලොක්කා වගේ අනිත් අයට කියන්න කතාවකුත් තියෙනවා දැන් .
එහෙනං ආයෙ කාඩ් අතක් ගහන්න පස්සෙ සෙට් වෙමු.
ඉස්සුවා