කාන්තාරයේ නෞකාව හෙවත් ඔටුවා

saturn

Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    කාන්තාරයේ නෞකාව හෙවත් ඔටුවා

    [FONT=&quot]ඔටුවන් ශාක භක්ෂක සත්ව කොට්ඨාශයක් වන අතර ඔවුන් කාන්තාරයන්හි පවතින වල්පැලෑට්, කුඩාපැලෑට් හා ශාක පත්‍ර ආහාරයට ගනී.[/FONT]
    [FONT=&quot]කාන්තාරයන්හි ජීවත්විම සදහා ඔවුන් සතුව විශේෂිතවු අනුවර්තනයන් දැකිය හැක.කාන්තාර ඉතා උණුසුමි වන අතර නිතරම වැලි කුණාටු දැකිය හැක.මෙම වැලි ඇස තුලට ඇතුළුව්ම වලකාලීම සදහා ඔටුවන් සතුව දිගු ඇස් පිහාටු දැකිය හැක.එමෙන්ම දැඩි හිරුරැස් මගින් ඇස ආරක්ෂා කරලීම සදහා ඝන ඇහිබැමක් පිහිටා ඇත.එමෙන්ම වැලි නාසය තුලට ඇතුල්වීම වලකාලීම සදහා ඔටුවන් හට නිතර විවෘත කිරිමට හා වැසීමට හැකි නාස්සිදුරුදැකිය හැක.
    [/FONT]
    images.jpg


    [FONT=&quot]තවද සතියකට වඩා වැඩි දින ගණනක් ජලය නොමැතිව ඔවුනට ගමන් කල හැකිවන අතර ඔවුනට මාස ගණනක් ජලය නොමැතිව ජීවත්විය හැක.එක් ජලපානයකදි ඔවුනට ගැලුම් 32කක(ලීටර් 46ක්)ජල ප්‍රමාණයක් පානය කල හැකිය.[/FONT]

    [FONT=&quot]ඔටුවන් තම මොල්ලිය තුල මේදය ගබඩාකර ඇති අතර එම මේදය ශක්තිය බවට පරිවර්තනය කිරීම සිදුවේ.[/FONT][FONT=&quot]මෙම මේදය කිලෝග්‍රෑම් 20ක් දහනය වීම මගින් ජලය කිලෝග්‍රෑමි 21ක් පමණ නිෂ්පාදනය වන බව පර්යේෂණ හරහා අනාවරණය වී ඇත. [/FONT][FONT=&quot]එමෙන්ම අනෙකුත් ක්ෂීරපායින් මෙන් නොව නිරෝගි ඔටුවන්ගේ ශරීර උෂ්ණත්වය දිනය පුරා 34[/FONT][FONT=&quot]°C සිට 41.7°C ( 93°F-107°F) දක්වා [/FONT][FONT=&quot]උච්චාවචනය වෙමින් පවති. මෙමගින් පරිසර උෂ්ණත්වය ඉහළ ගියද,දහඩිය දැමීම මගින් තම ශරීරයෙන් ජලය පිටවිම වලකාලයි.[/FONT]
    [FONT=&quot] [/FONT]


    තවද ඔටුවන්ගේ පාදයේ පතුල ඉතා පළල්වන අතර එමගින් වැලිමත පහසුවෙන් ගමන්කිරිමට ඔවුනට හැකියාව ලැබිඇත.ඔටුවාගේ ශරිර ස්කන්ධයෙන් 65%ක් පමණ ඉදිරි පාද මගින් දරාසිටි.

    [FONT=&quot] [/FONT]

    [FONT=&quot]කාන්තාර පරිසරය තුල පවතින කටු සහිත ශාඛ කොටස් කිසිදු වේදනාවකින් තොරව ආහාරයට ගැනිමට පහසුවන පරිදි ඔටුවන්ගේ තොල් ඉතාඝනකමින් යුක්තය.දැඩි කටු සහිත ආහාර වෙන්කොට හදුනාගැනීමටද මෙමගින් හැකියාව ලැබි ඇත.ඔවුන්ගේ වක්වු දිගු ගෙල උස් ශාක කොටස් ආහාරයට ගැනීමටත් ඈතදිම සතුරන් හදුනාගැනිමටත් උපකාරි වේ. තවද ඔවුන්ගේ ශරීර වර්ණය අවට පරිසරයට ගැලපෙන ලෙස ලා දුඹුරු පැහැයක් ගන්නා අතර සම වියලීමෙන් වලකාලිම සදහා සම මතුපිට ඉතා කෙට් රෝමකූප තටිටුවක් පිහිටා ඇත.ඔටුවන්ගේ කන තුලට වැලි ඇතුල්ව්ම වලකාලිම සදහා කනේ පිටත සහ ඇතුලත කෙස් මගින් ආවරණය වීඇත.[/FONT]
    [FONT=&quot] [/FONT]

    [FONT=&quot]ඔටුවන්ගේ ඇස් තරමක් විශාලවන අතර බොහෝ දුර සහ විවිධවු දිශාවන් දැකීම සදහා එමගින් හැකියාව ලැබි ඇත. [/FONT] [FONT=&quot]තවද අ‍නෙකුත් ක්ෂීරපායින් ‍ගේ රතු රුධිරානු ‍ගෝලාකාර හැඩයක් ගන්නා අතර ඔටුව න් ‍ගේ රතු රුධිරානු ඕවලාකාර හැඩයකින් යුක්තය.දිගු නියග කාලයන් සදහා ඔ‍රොත්තු ‍දෙමින් රුධිරය ගලායාම පහසුකරලිම සදහා ‍මෙවැනිවු අනුවර්තනයන් ඔවුන් තුල දැකිය හැක. [/FONT]

    [FONT=&quot]තවද ‍මෙම ඔටුවන් ‍ගේ වකුගඩු සහ අන්න‍ශ්‍රෝතය[/FONT][FONT=&quot] ( Intestine) හරහා ජලය ප්‍රතිඅව‍ශෝෂණ ක්‍රියාවලි‍යේදි ඉතාමත් කාර්යක්ෂමව ක්‍රියාත්මක ‍වේ.ඔවුන් සතුව ඉතාමත් දිගු මහාඅන්ත්‍රයක් ( [/FONT][FONT=&quot]Large intestine)[/FONT][FONT=&quot]පවතින අතර එමගින් අවසාන ජලබිංදුව දක්වා ජල අව‍ශෝෂණය සිදුකරනු ලැ‍බේ.ඔවුන් ‍ගේ මුත්‍රා දුස්ශ්‍රාවිතාවය අධික ද්‍රාවණයක් ‍ලෙස පිටතට පැමි ‍ණේ.එ‍මෙන්ම ඔවුන් ‍ගේ අසුච් ඉතාමත්වියලි ඝණ ස්වභාවයක් ගනි. එය දහන පෝෂක ඉන්ධනයක් ලෙසද භාවිතයට ගනි.[/FONT]

    [FONT=&quot]මෙම ඔටුවන්ගේ හැසිරීමි රටාවද ඔවුන්ගේ පරිසරය හා බැදී පවති.පොළව උණුසුමි වීමට ප්‍රථම ,එනමි උදෑසනම ඔවුන් බිම වාඩිවි සිටියි.එමගින් ඔවුන්ගේ ශරීරය හා පොළව අතර සිදුවන තාප හුවමාරුව අවම වේ.එමෙන්ම හිරු කිරණ පොළව මත පතිතවන ව්ට , ඔවුන්ගේ ශරීර පෘෂ්ඨයෙන් අවම ප්‍රමාණයක් හිරු කිරණ හා ගැටීමට සලස්වයි. මෙවැනි වු අනුවර්තනයන් රාශියකින් හෙබ් ඔටුවන් කාන්තාරයේ නෞකාව ලෙස හදුන්වයි. [/FONT]

    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot](එම්.එම්.ඡයවර්ධන[/FONT] - [FONT=&quot]විද්‍යා හා තාක්ෂණ නිලධාරි)[/FONT]
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මරු පැහැදිලි කිරීමක්
    rep++++
    ps

    You must spread some Reputation around before giving it to saturn again.