කාන්තාවකගේ සිනාව
සැඟවුණු රහස් එළිකරන කාන්තාවකගේ සිනාව
මිනිසාට ස්වභාව ධර්මයාගෙන්ම ලබාදී ඇති මහඟු දායාදය සිනාවයි. සිනාවිය හැකි එකම සත්වයාද මිනිසාය. කිසිම මුදලක් වැය නොකර අල්ලසක්ද නොදී අන්‍යයෙකුගේ සුහදත්වය දිනාගත හැකි එකම දායාදයද වන්නේත් සිනාවයි. කාන්තාවකගේ මුහුණ ආලෝකවත් වීම පියකරුවීම ගෙන එන උපාංගයක් වශයෙන් සිනාව හඳුන්වයි. සමහරෙක් සිනාසෙනවිට මුහුණ පිරුණු සඳක් මෙන්ද තවත් අයකුගේ මුහුණ අසත්පුරුෂව ඔරවා රවා සිටින අයුරින්ද දිස්වේ. එනිසා මුළු ලොවක් වසඟයට පත්කරගත හැකි සුවිශේෂ බලයක් ඇති මේ අපූරු චමත්කාර ජනක සිනහව සුළු පටු එකක් නොවේ.
කාන්තාවකගේ ලක්ෂණ අවලක්ෂණ අපූරු ගති ගුණ ඇගේ සිනාව කළඑළි දක්වයි. තොටගමුවේ සිරිරහල් මා හිමිපාණෝ කාව්‍යශේඛරයේ එන එක් කවියකින් ස්ත්‍රියට තහංචියක්ද මෙසේ පමුණුවා ඇත.
නාභිය නොදක් වා
සළු ඇඳ බොලට දක්වා
නොපව තන සක් වා
සිනා නොමසෙන් දසන් දක්වා
මෙහි අදහස වන්නේ දත් එළියට පෙන්වා සිනා සීම ස්ත්‍රියකට නොහොබිනා බවයි. එසේනම් ඔබද දත් පෙන්වා සිනහ වන අයකුද යන්න සිතට ගත යුතුයි . තවද ඇගේ කාමුක බවද සිනාව අගේට කියාපාන අතර වරදෙහි බැඳASමට ද දිරි දරයි.
පිරිමියෙකු දු පතන
මිස නොලැබෙන බැවින
අවසරලත් රහස් තැන
ගැහැණු කවුරුද වරදෙ නොබැඳෙන
මෙහි අදහස කාන්තාව කාමුක හැඟුම් වලින් ඇවිස්සුණු එකියක් වන අතර පහත් ඇසුරටද තද ඇල්මක්ද දක්වන බවයි, දක්වා ඇත්තේ.
කාන්තාවක් සිනාසෙන විට ඇගේ මුහුණ පමණක්ම නොවේ ඇගේ ශරීරයේ විවිධ අංගයන් අනුවද වෙනස්කම් ඇතිවේ. මේ වෙනස්කම් අනුව ඇගේ චරිත ලක්ෂණයන් කැඩපතකින් බලන්නාසේ අපූරු චරිත ලක්ෂණ, ගතිගුණයන් ආදී තොරතුරු අපේ නෙත් යොමු කිරීමෙන් මනාව දත හැක.
කාන්තාවකගේ සිනාව රිදී සීනුවක් මෙන් හඬති. මිහිරි කටහඬක් නැගෙන්නේ නම් ප්‍රීතිමත් යුග දිවියකින් බැබලි බැබලී දිනෙන් දින දියුණුවට පත්වෙන වනිතා රත්නයකි. යුගදිවිය සාර්ථකත්වයෙන් ගෙන යන්නියකි. ළඳක් අධික ශබ්ද නගා සිනාවෙත් නම් කවරදා හෝ ඇය විවාහ කරගත් අයගේ ධනය, දේපොළ, වස්තූන් දිනෙන් දින විනාශවේ. සිනාවෙනදේ විට මුහුණ කාල වර්ණ වේනම් ඇය වැන්දඹුවක් වන අතර දුක්�ත ජීවිතයක් ගත කිරීමටද සිදුවේ.
සිනාවෙන විට දෙකමුල් පිම්බෙමින් පිරිපුන් වෙත් නම් ඇය විවිධ කලාවන් දත් ඉවසිලි වන්ත නිරෝගි අයකුවේ. විවාහයෙන් පසු ගැහැණු දරුවන් වැඩිපුර ලබන්නියකි. එම දරුවන්ද පවුලට, රටට, ගමට, සමාජයට වැඩදායක යහපත් අයවලුන්ද වේ.
සිහින් හඬින් සිනාසෙන විට මාළුවරල් මෙන් රූ සටහන් දෙකමුල් වල සටහන් වේනම්, හිතේ අනුකම්පා අදහස් ඇති, අනුන්ට උදව් උපකාර කිරීමට කැමැති යුග දිවිය රසවත් කරන හිමියා ආදර බසින් සනසවන අයෙකි.
යම් ස්ත්‍රියක් ඉතා සිහින් හඬින් ඉඟි කරමින් ශබ්ද නොනගා සිනා සේද ඇය යම් පිරිමියෙකුගේ සෙනෙහස පතන බව විදහා දක්වන ඉඟියකි. සිනා සෙනවිට දෙනෙත් ඉතා සිහින් වේද ඇය කාමරාගික බව ඇත්තියකි.
ඇය සිනාසෙන්නේ කට කොනකින් නම් මායාකාරී ප්‍රයෝගකාරීව ඇගේ සියලු කටයුතු සපුරා ගන්නා තැනැත්තියකි. සිනාසෙන විට මුහුණ පූර්ණව පටුව දෙනෙත සිහින්වී කඳුළු කැට වැගිරේනම් ඇය යුගදිවිය ගැන හිත හිතා හදවත තුළින් අඬන අතර, ප්‍රේමයෙන්ද පරාදයට පත්වන බවක් යුගදිවියෙන් පසු දිවිය සාමයෙන් ගතකිරීමටද ලැබෙන්නේ කලාතුරකින්ය.
ඉතා කලාතුරකින් සිනහවන කාන්තාව තුළ ඊර්ෂ්‍යාව ක්‍රෝධය. වෛරය හා අනුන් නැසීමට තැත්දරන නිතරම අනුන්ට ගරහන චරිත ලක්ෂණ ඇති තැනැත්තියකි.
එමෙන්ම පිට අයට ශබ්ද නොඇසෙන සේ සිනා සෙන්නී දනට පිනට කැමති දූ දරුවන්ට දෙමාපියන්ට සැමියාට ආදරැති සුන්දර ජීවිතයකට හිමිකම් ඇති වාසනාවන්ත තැනැත්තියෙකි.
සිනාහවෙන් අනතුරුව තොල් හපන්නීනම් ඇය තුළ සැඟවුණු රහස් ඇති අතර යමක් ප්‍රකාශ කරන්නේ හිතේ නොයෙකුත් අදහස් සඟවාගෙනය. අවංක තැනැත්තියක්ද නොවේ, නිතර හිතේ වංක වූ අදහස් ඇත්තියකි. විවාහයෙන් පසු තම සැමියා මුලාකරන රවටන වරදෙහි පෙළෙඹෙන අයෙකි.
සිනා වනවිට ඇගේ මුහුණ රක්ත වර්ණ වේනම් අනුකම්පා රහිත, ඉක්මන් කෝපයට පත්වන ඉවසීම අඩු තැනැත්තියකි.
සිනාවේදී දෙනෙත් විශාල වේද ඇය කෑම් බීම ආදියට ගිජුයි. දිළිඳුවේ, කටින් කෙල විසිවේනම් සදා කල්ම අනුත්ට හිරිහැර කරදර කිරීමෙන්ද තම සැමියා රවටා සතුටට පත් වන්නියකි. අනුන්ගේ දේපොළ උඳුරා ගැනීමට තන්හා බරිත වන අතර විවාහයෙන් පසු දුකට පත්වේ. ඇයට ලැබෙන දරුවන්ද මන්ද බුද්ධික වේ.
ගිරිය පුප්පා මුව විවිරකොට සිනහ වෙන්නී ඉතා ලෝභ මසුරු කමින් පූර්ණ කෙනෙකුට යටත් වීමට මැලි දානමාන පුන්‍ය කටයුතුවලට අකමැති නිතර නිතර මානසිකව පීඩනයට දුකට පත්වන අයහපත් තැනැත්තියකි. සිනා සෙන විට සිරුරේ මාංශ පේශීන් චලනය වන්නේ නම් ඇය අධික ලෙස වියදම් කරන්නියෙකි. ජීවිත කාලයම සැහැල්ලුවෙන් ගතකරන අතර බරපතළ ප්‍රශ්නයන්ට මුහුණ නොපයි. අනාගතය ගැන කල්පනා නොකරන ඇය දියුණු තත්ත්වයට පා නොතබයි, කලාතුරකින් සිනහ වෙන්නී ජීවිතයේ දුක්බරව සිටින්නියක් ලෙසද සතුට අඩු අයකු බවද නිතර ශබ්ද නගා සිනාසෙන්නී සදාචාර සම්පන්න ගති ගුණ ඇගෙන් ගිලිහී යන්නියක් බවද පෙර සෘෂිවරුන් සිනාවේ දේහ ලක්ෂණ මනාව පෙන්වා ඇත.
ඒ නිසා සිරිත් මල්දම නමැති ග්‍රන්ථයේ ලියවී ඇති එහි අගනා ඔවදන් මෙසේ සිහිකොට ඔබේ මනස නමැති ගබඩාවට ඇතුළු කොට සිනාවෙහි ඇති හොඳ නරක දෙක දැන ගැනීම කාන්තාවන් මෙන්ම පිරිමින්ද දැන ගැනීම ඉතා වැදගත් වේ.
යමෙකු යන එන විට
සිනා නොමසෙන් කිසිවිට
පැමිණි කල ගෙදරට
එබී නොබලනු සැඟවී ගෙයිසිට
උසුළු විසුළුවෙන් බස් නොකියන්නේ
වටපිට බලමින් ඉඟි නොකරන්නේ
කොක් හඬ පාමින් සිනහනොවන්නේ
කී දෙය අහමින් දව සැරපන්නේ
Source: Divaina

Last edited: